මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි

2753

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දවස නිමාවේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබා සිටිය හ.

තිසරගෙන් කිවියන් සසල කළ ඉනිමක්

නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05)…

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දී කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ලබා අසරණව සිටි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු .139ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිස ඔසවා ක්‍රීඩා පිටියේ රැදී සිටීමට අවස්ථාව උදාකර දුන් හ.

Photos: Ireland A Team Tour to Sri Lanka 2018/19 – 1st Four Day Game – Day 1

තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට මිලින්ද සිරිවර්ධන පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 73ක් ලබා සිටි අතර කමිඳු මෙන්ඩිස් පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබා සිටිය හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් මැකලම් පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 76ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව නීල් රොක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28කි.

සැරසන්ස් චාමිකර කොළඹ ඉනිමේ කඩුලු 9ක් දවා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට්…

අයර්ලන්ත ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා වූයේ 7 වැනි කඩුල්ල වෙනුවෙනි. ඒ ජේම්ස් මැකලම් සහ නීල් රොක් අතර ය. ඔවුන් දෙදෙනා ඊට ලකුණු 50ක් එක් කළහ.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදි සංචාරක ක්‍රීඩකයන්ගේ ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට පෙරමුණ ගත් හ. ඊට අමතරව නිශාන් පීරිස් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු 4 ලකුණු 46කට සීමා කිරීමට අයර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු කඩුල්ල ලකුණු 32ක දී දැවී යෑමත් සමඟින් තවත් ලකුණු 14ක් තුළ සෙසු කඩුලු ද ලබා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඒ අනුව පැතුම් නිශ්ශංක (11), අවිශ්ක ප්‍රනාන්දු (20), අශාන් ප්‍රියංජන් (6), ඇන්ජලෝ පෙරේරා (4) ඔවුන්ට ගොදුරු වූහ.

කඩුලු ලබා ගැනීමේ දී මාක් අදයිර් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ජේම්ස් මැකලම් 76, නීල් රොක් 28, මොහොමඩ් ශිරාස් 4/47, ලසිත් ඇඹුල්දෙණිය 4/46, නිශාන් පීරිස් 2/30

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 185 (42) අවිශ්ක ප්‍රනාන්දු 20, මිලින්ද සිරිවර්ධන නොදැවී 73, කමිඳු මෙන්ඩිස් නොදැවී 64, මාක් අදයිර් 3/34

හෙට (06) තරගයේ දෙවැනි දිනයයි.  

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <