IPL සත්කාරකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර වෙයි

1466
(Photo by Indranil MUKHERJEE / AFP)

IPL තරගාවලියේ දොළොස්වැනි අදියර ලබන වසරේ මාර්තු මස 29 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම් කරමින් පවතින බව BCCI හෙවත් ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය පසුගිය දිනක ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.

තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් මිල දී ගැනීම උදෙසා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 18 වැනිදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය …

මෙවර වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 1000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව සංවිධායක කමිටුව නිවේදනය කර තිබේ. කෙසේවුවද, ක්‍රිකට් මණ්ඩල – පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරීන් සහ සාමාජිකයන් මෙන්ම කණ්ඩායම්වල කළමණාකාරීත්වයන්, කෙටියෙන් පැවසුවහොත් තරගාවලි සංවිධායක මඩුල්ලටත් මහත් ගැටලුකාරී තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත්තේ තරගාවලිය පවත්වන ස්ථානය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව නිසාවෙනි.

ලබන වසරේ මැයි මස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති බැවින් බොහෝ දේශීය සහ විදේශීය ක්‍රීඩා තරුවල සේවය ඔවුන්ගේ කණ්ඩායම්වලට අහිමි විය හැකි නිසා IPL තරගාවලිය හැකිතාක් ඉක්මනින් අවසන් කිරීමට ක්‍රියා කරන බව BCCI නිවේදනය කළේය.

මෙම පැටලුම්සහගත තත්ත්වය ඇති වීමට මූලිකම හේතුව වශයෙන් එරට මාධ්‍යය සඳහන් කර සිටින්නේ තරගාවලිය ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුල දී ක්‍රියාත්මක වන බැවින් ඇතිවිය හැකි අපහසුතවන් පදනම් වන බවයි. තවමත් මැතිවරණ කාල සටහන ප්‍රකාශයට පත් කර නොමැති වීම නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයට අවසන් තීරණයකට පැමිණීමට තවමත් අපොහොසත් වී ඇත.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් නම මාරු කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක අදියරේ සිටම තරගාවලියේ සිටින කණ්ඩායමක්…

පාලක මඩුල්ලට මෙවැනි සිදුවීමකට මුහුණ පෑමට සිදු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මින් පෙර 2009 දී සම්පූර්ණ තරගාවලියම දකුණු අප්‍රිකාවටත් 2014 තරගාවලියේ පළමු  කාර්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මාරු කිරීමට ඔවුන්ට සිදු විය.

ඇතැම් විචාරකයන් අනුමාන කරන පරිදි මෙවර තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමි විය හැක. මන්දයත් පසුගිය මස BCCI නියෝජිතයන් කිහිප දෙනෙකු දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් හමු වූ අවස්ථාවේ දී කළ සාකච්ඡාවලින් පසුව තරගාවලිය දකුණු අප්‍රිකානු භූමියේ දී පැවැත්වීමට අවශ්‍ය සියලුම  පහසුකම් ඔවුන් සතු බව ප්‍රසාදය පල කළහ. එවැනිම සාකච්ඡාවක් මෙම සතිය තුල දී එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය සමඟ පැවැත්වීමට කටයුතු යොදා ඇත. තවද දැනටමත් දකුණු අප්‍රිකානු සහ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයන් සත්කාරක දේශයන් ලෙස කටයුතු කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

අකිල දනංජයට අපල කාලයක් එළඹෙමින් ICC තීන්දුව නිකුත් වේ!

වාතාවරණය එසේ සැකසී තිබිය දී තවත් විචාරකයන් පිරිසක් පවසන පරිදි තරගාවලිය බොහෝ දුරට ඉන්දියාව තුලම පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බවය. BCCI හා සම්බන්ධ පාර්ශවයන්ගෙන් පැමිණෙන නිල නොවත් ආරංචි මාර්ගවලට අනුව වත්මන් රජයට තරගාවලිය රට තුල පැවැත්වීමට අවශ්‍ය බවත්, අවසාන තීරණය ගත යුත්තේ මධ්‍යම රජය බැවින් තවමත් ඒ බව සඳහන් කරමින් කිසිදු ලිඛිත ප්‍රකාශයක් ඔවුන් නිකුත් කර නොමැති බවත්ය.

තරගාවලි සංවිධායක මණ්ඩලයේ තීරණ ගැනීමේ මන්දගාමී ස්වරූපය පිළිබඳ ප්‍රේක්ෂකයින් ඇතුළුව කණ්ඩායම් කිහිපයකම කළමණාකාරීත්වයන් සිය අසතුට ප්‍රකාශ කර ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  පිටුවට<<