2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!

103

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය අන් තරගාවලිවලට වඩා වෙනස්කම් කීපයක් සමඟින් ආරම්භ කිරීමට පසුගිය දා රැස්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින් තීරණය කර තිබේ. 

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු ………..

ඕල් ස්ටාර් ප්‍රදර්ශන තරගයක්!

මෙවර තරගාවලිය ආරම්භ වීමට දින 3කට පෙර සියලු කණ්ඩායම් නියෝජනය කරමින් ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා. කණ්ඩායම් 8ම නියෝජනය කරන ක්‍රීඩකයන් කණ්ඩායම් දෙකකට බෙදා මෙම තරගය පැවැත්වීමට තීරණය වී ඇත. මෙවර තරගාවලියේ ආරම්භක හා අවසන් තරගය පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

උතුරු හා නැගෙනහිර ඉන්දීය කණ්ඩායම් වන කිංග්ස් ඉලෙවන් පන්ජාබ්, දිල්ලි කැපිටල්ස්, රාජස්ථාන් ‍රෝයල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් එක්ව එක් කණ්ඩායමක් හා දකුණු හා බටහිර ඉන්දීය කණ්ඩායම් වන චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්‍රයිසස් හයිද්‍රාබාද් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් නියෝජනය කරමින් අනෙක් කණ්ඩායම ද මෙම ප්‍රදර්ශන තරගය සඳහා සහභාගි වනු ඇතැයි espn වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. මෙම තරගය සඳහා තවමත් ක්‍රීඩාංගණයක් නම් කර නොමැත. 

මෙම ප්‍රදර්ශන තරගය පැවැත්වීම හිටපු ඉන්දීය නායක ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලයේ සභාපති වන සවුරව් ගංගුලි හා ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායක මණ්ඩලයේ සභාපති බ්‍රිජේශ් පටෙල්ගේ යෝජනාවකි. ඔවුන් දෙදෙනා විසින් මෙම යෝජනාව පසුගිය දා දිල්ලි හි පැවති විශේෂ රැස්වීමක දී ඉදිරිපත් කර ඇත. 

තරග ආරම්භක වෙලාව නොවෙනස් වේ

මෙම රැස්වීමේ දී පසුගිය වසර කීපය පුරා දැඩි ගැටලුවක්ව පැවති සන්ධ්‍යා තරග ආරම්භ වන වේලාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත. මෙම ගැටලුව මතුව ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විකාශන අයිතිය දරන ස්ටාර් ඉන්දියා සමාගම හා ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායක කමිටුව අතරයි. රාත්‍රි තරග පස්වරු 8ට ආරම්භ වීම නිසා හා ඒවා මධ්‍යාහ්න 12 පසුවන තුරු පැවැත්වීම නිසා ස්ටාර් ඉන්දියා සමාගම විසින් මෙම ගැටලුව මතුකර ඇත. 

කෙසේ වෙතත් මෙහි දී කණ්ඩායම් කීපයක් විසින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. මෙම තරග රාත්‍රි 8ට පෙර ආරම්භ වීම එක් කණ්ඩායමකට අවාසි සහගත විය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. 

මේ නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය රාත්‍රි තරග ආරම්භ වන වේලාවන් වෙනස් නොකිරීමට සංවිධායකයන් තීරණය කර ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවුරව් ගංගුලි මහතා පවසා ඇත්තේ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව අඩුකිරීම සඳහා තරග දෙක බැගින් පැවැත්වෙන දින 4ක් එක් කිරීමට තීරණය කළ බවයි. 

මෙවර තරගාවලිය ආරම්භ වීමට තවත් මාස දෙකක පමණ කාලයක් පමණක් ඉතිරිව ඇති නමුත් එහි කාලසටහන මෙතෙක් නිකුත්කර නැත. එලෙස කාලසටහන නිකුත් නොකිරීමට හේතුව තවමත් ප්‍රකාශ කර නොමැත. 

බට්ලර්ට අපහාස කළාට ෆිලැන්ඩර්ට දඩ

එංගලන්ත-දකුණු අප්‍රිකා සිව්වන ටෙස්ට් තරගයේ දී දකුණු ………..

මෙවර තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය නියෝජනය කරන ක්‍රීඩකයන් තරගාවලිය ආරම්භයේ දී තරගාවලිය හා සම්බන්ධ නොවේ. එයට හේතුව වන්නේ ඔවුන් ද්වීපාර්ශික තරගාවලි කීපයකට සහභාගි වීම හා ශෙෆිල්ඩ් කුසලාන තරගාවලියේ අවසන් තරගය ද මාර්තු මස අවසානයේ දී පැවැත්වීමයි. ඔවුන් මාර්තු මස 31 වැනිදා තරගාවලිය හා සම්බන්ධ වීමට නියමිතය. 

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා ගන්නා පියවරක් වශයෙන් පසුගිය වසර දෙකේ දී මෙන් කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලිය සඳහා තවත් කණ්ඩායම් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

2018 වසරේ දී මෙම තරගාවලිය සඳහා සුපර්නෝවා හා ට්‍රේල්බ්ලේසර්ස් ලෙස කණ්ඩායම් දෙකක් සහභාගි වූ අතර තියුණු තරගයකින් අනතුරුව එම තරගය අවසන් වූයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවෙනි. පසුගිය වසරේ වෙලෝසිටි නමින් තවත් කණ්ඩායමක් මේ සඳහා එක්වූ අතර ඒ යටතේ තරග 4ක් පැවැත්විය. එම තරග අවසන් පූර්ව වටයට සමගාමීව ජායිපූර් හිදී පැවැත්විය. 

2020 තරගාවලිය සඳහා තවත් කණ්ඩායමක් එක්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර එහි නම තවමත් ප්‍රකාශ කර නොමැත. ඒ අනුව කාන්තා තරගාවලියේ තරග ප්‍රමාණය වැඩි වන අතර එය තරග 7කින් සමන්විත වේ. එම තරග ද ප්‍රධාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සමගාමීව පැවැත්වීමට නියමිතය. 

කලකට පසු පිටියට පැමිණි මලික් පාකිස්තානයට ජය ගෙනේ

පාකිස්තානය සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ………..

නිපන්දුවට වෙනම විනිසුරුවෙක්?

පසුගිය දා පැවති විශේෂ රැස්වීමේ දී ගත් තවත් තීරණයක් වන්නේ නිපන්දු හඳුනා ගැනීම සඳහා පිටියෙන් පිටත වෙනම විනිසුරුවෙකු රැඳවීමට තීරණය කර ඇත. පසුගිය වසර කීපය තුල ප්‍රධාන විනිසුරුවන්ගෙන් සිදු වූ අඩුපාඩු කීපයක් මෙයට හේතුවී ඇත. 

පසුගිය වසරේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර පැවති තරගයක දී රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කොලි විසින් තරගයේ විනිසුරුවන්ගේ ප්‍රමිතිය අඩු මට්ටමක පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. 

එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග විසින් යැවූ පන්දුවක් නිපන්දුවක් ලෙස විනිසුරු විසින් හඳුනා නොගැනීම එයට හේතු විය. එම සිදුවීමට අදාළ විනිසුරුවරයා වූ එස්. රවී මහතා පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනිසුරු උත්තරීතර මණ්ඩලයෙන් ඉවත්කෙරිනි. 

ක්‍රීඩකයන්ගේ පැමිණිලි කිරීම් හා ඉහත තත්ව පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස තුන්වැනි විනිසුරු හා රූපවාහිනී විනිසුරුට අමතරව බාහිර විනිසුරුවරයෙකු නිපන්දු හඳුනා ගැනීම සඳහා යොදවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායක මණ්ඩලය පවසා ඇත. 

පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද මෙලෙස නිපන්දු සඳහා විනිසුරුවරයෙකු යෙදවීමට අවධානය යොමුකර තිබුණ ද එය ක්‍රියාවට නැංවූයේ නැත. 

ක්‍රීඩක ආදේශය ක්‍රියාත්මකයි

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ආදේශය (concussion substitution) ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත. ඒ අනුව අදාළ ආබාධය සහිත ක්‍රීඩකයාට සමාන ක්‍රීඩකයෙකු තරගය අතරතුර කණ්ඩායමට කැඳවීමට අවසරය හිමිව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<