සිංගප්පූරු ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

606

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියේ අවසාන මහා තරගය අද (30) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර සිංගප්පූරුව පරදා ලකුණු දෙකක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අවසාන මහා තරගයට

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ තෙවන දිනයේ තරග අද (29) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ…

තරගාවලියේ තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ දී ලකුණු 80–22ක් ලෙස එංගලන්තයේ PStar දැල්පන්දු ක්‍රීඩා සමාජය පරාජය කරමින් තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවෝ සමත්ව වූහ.

සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්

වසර ගණනක් ශ්‍රී ලංකාවේ ප්‍රබලම ප්‍රතිවාදීන් වූ ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ආසියාවේ අංක එකේ ස්ථානයේ සිටින සිංගප්පූරු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී එකිනෙකා හමු වූ අතර ශ්‍රී ලංකාව අවසාන තරගයට පිවිසුණේ අපරාජිතව වීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගය ලෙස පසුගිය ඉරිදා (27) සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව එකිනෙකා හා තරග වැදුණු අතර එහි දී ලකුණු 65-45ක් ලෙස පහසු ජයක් වාර්තා කරන්නට ඔවුන් සමත් විය.   

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම අවසාන මහා තරගයට පිවිසුණේ PStar ක්‍රීඩිකාවන් හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම් පරාජය කිරීමෙන් පසුව වූ අතර ඔවුන් එම තරග ඉතා පහසුවෙන් ජය ගත්තේ සිය ක්‍රීඩිකා සංකලනයන් මනාව ස්ථාවර කර ගනිමිනි.

පළමු කාර්තුව ආරම්භයේ සිටම කණ්ඩයම් දෙක කරට කර සටනක නිරත වූ අතර බොහෝ විට ලකුණු සටහනේ දිස්වූයේ එක් ලකුණක පරතරයක් පමණි. සිංගප්පූරුවේ ගෝල විදින්නිය වූ ලී පෙහ් ශෑන් හා ප්‍රවීණ ක්‍රීඩිකා කාර්මයින් සොහ් ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් වූ හසිතා මෙන්ඩිස් හා තර්ජිනී සිවලිංගම් සමඟ කරටකර සටනක නිරත වූ අතර කණ්ඩායම් දෙකම ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්නා අලංකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේය.

පළමු කාර්තුව අවසානයේ ලකුණු 21-18ක් ලෙස ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.    

දෙවන කර්තුවේ ද කණ්ඩයම් දෙකම සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු නමුත් දෙවන කාර්තුව අවසානයේ සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට වඩා ලකුණු හතකින් ඉදිරියට යෑමට ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකාව දෙවන කාර්තුවේ දී ලකුණු 20ක් ලකුණු පුවරුවට එක්කළ අතර මුළු ලකුණු පුවරුව ලකුණු 41-34ක් බවට පත් කරමින් සිංගප්පූරුවට වාර්තා කිරීමට හැකි වුයේ තවත් ලකුණු 16ක් පමණි.  

තෙවන කාර්තුවේ දී සිය සියලුම බලය යොදමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 15-19ක් ලෙස තෙවන කාර්තුවේ වැඩි ලකුණු වාර්තා කරන්නට ඔවුන්ට හැකි විය. තෙවන කාර්තුව අවසාන වන විටත් පළමු කාර්තුවේ හා දෙවන කාර්තුවේ වාසිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතුව තිබූ අතර සිංගප්පූරුවට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් මුළු ලකුණු 56-53ක් ලෙස කාර්තුව අවසන් කර ගැනීමට ඔවුන් සමත් විය.   

සිව්වැනි කාර්තුවේ අවසාන මිනිත්තුව දක්වා කණ්ඩයම් දෙකම කරටකර සටනක නිරත වූ අතර සිව්වැනි කාර්තුවේ දී ද ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් ලකුණු 16-17ක් ලෙස ශ්‍රී ලංකාවට වඩා වැඩි ලකුණු ලබා ගැනීමට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වූහ. අවසාන මිනිත්තුවේ විනිසුරු නලාව නාද වීමත් සමඟ ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක් ගෙන දෙමින් ලකුණු 72-70ක් ලෙස ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වැනි කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකාව 21 20   15 16 72
සිංගප්පුරුව 18 16 19 17 70

ශ්‍රී ලංකා හා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට පහසු ජයග්‍රහණ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලිය අද (28) දෙවන දිනටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා පොඩ්ඩෝ තෙවන ස්ථානය දිනා ගනී

එංගලන්තයේ PStar ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම තෙවන ස්ථානය සඳහා තරග වැදුණු අතර ලකුණු 80-22ක් ලෙස තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩයම සමත් විය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය (74-24) හා සිංගප්පූරුවට එරෙහිව පැවති තරගය (80-34) පරාජය වූ නමුත් පළමු වටයේ දී PStar කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවෝ සමත් වූහ.   

මෙලනි විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවෝ PStar ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම සියතට ගත් අතර ලකුණු 25-04ක් ලෙස ඉහළ ලකුණු පරතරයකින් තරගයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

දෙවන කාර්තුව ආරම්භයේ PStar ක්‍රීඩිකාවෝ හොඳ අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ නමුත් දෙවන කර්තුව ද පහසුවෙන් ජය ගෙන මුළු ලකුණු 46-08ක් ලෙස කාර්තුව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.  

තෙවැනි හා සිව්වැනි කාර්තුවල සිදු වූ ක්‍රීඩිකාවන් හුවමාරු කිරීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වූ අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් PStar ක්‍රීඩිකාවෝ ඉක්මන් ලකුණු කිහිපයක් රැස්කර ගත්ත ද ඉතා ඉහළ ලකුණු පරතරය අඩු කර ගැනීමට එම ලකුණු ප්‍රමාණවත් නොවීය.

මෙලනි විජේසිංහ හා සෙත්මි දනොෂිගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය නිසා ලකුණු  80-22ක් ලෙස පහසුවෙන් ජාත්‍යන්තර ආරාධිත දැල්පන්දු තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට හැකි විය.

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වැනි කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකා සංවර්ධන   25 21 19 15 74
පී ස්ටාර් 4 4 7 7 22

 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<