ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී

258

ඉන්දියාවේ ශ්‍රී හනුමාන් ව්‍යායාම් ප්‍රසාරක් මණ්ඩාල් ශාරීරික අධ්‍යාපනය පිළිබඳ උපාධි පිරිනමන ආයතනය සහ පශ්චාත් උපාධි දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණය එළඹෙන පෙබරවාරි මස 11 සහ 12 යන දෙදින තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග

වරෙක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස 2020 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පිවිසීමට තේරීම් තරගාවලිය…

“ලෝක වාසින්ගේ සුවසෙත පිණිස යෝගා” යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ යෝගා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් පවත්වනු ලබන මෙම යෝගා සම්මන්ත්‍රණයට ඉන්දියානු යෝගා විශාරදයන් රැසක් පැමිණීමට නියමිතව ඇත. මෙම යෝගා සම්මන්ත්‍රණයට සමගාමීව පවත්වනු ලබන යෝගා වැඩමුළුව පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුළ පෙ.ව. 8.00 සිට පෙ.ව. 11.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණය, යෝගා වැඩමුළුව සහ ඒ අතරවාරයේ පවත්වනු ලබන යෝගා තරග සඳහා ශ්‍රී ලංකා පුරවැසියෙකුගෙන් රු.5000.00 මුදලක් ලියාපදිංචි ගාස්තු ලෙස අයකරනු ලැබේ.

මේ සඳහා අද දින (11) ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවට යෝගා ආචාර්ය වෛද්‍ය අරුන් ඛෝදස්කර්, UNESCO සංවිධානයේ සාමාජික වෛද්‍ය රවි සාහු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක සජිත් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන් මග අභිමානයකින් යුතුව සැමරීමට සූදානමින් සිටින බව ලාංකීය ක්‍රීඩාශීලී රසිකයන්ට…

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක සජිත් ජයලාල් මහතා සම්මන්ත්‍රණය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“ලංකාවේ ගොඩක් වෘත්තීමය ක්‍රීඩකයින් සිදුකරන සාමාන්‍ය ව්‍යායාම් මඟින් මාංශ පේශීන් අවශ්‍ය පරිදි ඇදීමකට (Stretch) ලක් නොවෙන්න පුළුවන්. නමුත් මේ යෝගා වල තිබෙන ආසන මඟින් මාංශ පේශීන් සියල්ලම ඇදීමකට ලක් කරනවා. එම නිසා ක්‍රීඩකයින් විවිධාකාරයේ ආබාධවලට ලක්වීම අවම කරගන්න පුළුවන්.”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<