විදෙස් ක්‍රීඩා තරු මෙවර IPL පිටියට සමුදීම ඇරඹේ

1281

2019 IPL තරගාවලිය අවසන් වීමටත් පෙරම ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම සඳහා IPL ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩා තරු සිය කණ්ඩායම්වලට සමුදීමට නියමිතයි. ඒ අනුව ජොනි බෙයාර්ස්ටෝව් IPL හැර යන පළමු ක්‍රීඩකයා ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සමුදෙනු ඇත.   

ගේල් සහ රසල් ඇතුළට එද්දී පොලාඩ්ට තැනක් අහිමි වේ

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන බටහිර ඉන්දීය……

අඟහරුවාදා පැවති බෙයාර්ස්ටෝව් සහභාගී වූ මෙවර තරග වාරයේ අවසන් තරගයේ දී ඔහුට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්. බෙයාර්ස්ටෝව් මෙවර තරගාවලියේ සාර්ථකම ක්‍රීඩකයෙකු වන අතර ඔහු තරග 10ක දී ලකුණු 445ක් රැස්කර ගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තරග දිනවන්නෙක් බවට පත් වෙමින්.

හයිද්‍රාබාද් පිතිකරණ ලැයිස්තුවේ තවත් ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් වෝනර් ද ලබන සතියේ දී කණ්ඩායම හැර යන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයේ පුහුණුවීම්වලට එකතු වීමේ අරමුණින්.

IPL තරගාවලිය මැයි 12 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් පිටව යාමෙන් අනතුරුව කණ්ඩායම්වල අතිරේක ක්‍රීඩකයින් මත සියලු කණ්ඩායම්වල අවසන් බලාපොරොත්තු රඳා පවතිනු ඇත.

ඩේවිඩ් වෝනර්, ජොනි බෙයාර්ස්ටෝව් හා අන්ද්රේ රසල් වැනි ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ සුපිරි දස්කම් දක්වන්නට සමත් වූයේ තරග ප්‍රතිඵල උඩුයටිකුරු කරමින්. ඒ අනුව ඔවුන්ගේ දස්කම් තරගාවලියට අහිමි වීම තරගාවලියේ ප්‍රේක්ෂක ආකර්ෂණයට ද ප්‍රතිඵලවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.  

ඩේවිඩ් වෝනර් මේ වන විට ලකුණු 574ක් රැස්කර ගෙන සිටින්නේ තරගාවලියේ වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවා බවට පත් වෙමින්. ඒ අනුව වෝනර් හා බෙයාර්ස්ටෝව් වෙනුවට නව ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු සෙවීම සන්රයිසස් කණ්ඩායමට දැඩි අර්බුදයක් වනු ඇත. ඔවුන් දෙදෙනා වාර්තාගත ආරම්භක පිතිකරු සබඳතාවක් වාර්තා කළේ ලකුණු 185ක් පළමු කඩුල්ලට රැස්කරමින්.

බුවනේශ්වර් කුමාර් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ක්‍රීඩා කිරීමට කණ්ඩායම සූදානම් බවයි.

“කිසිම විවාදයක් නැහැ විදෙස් ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළා, මම කියන්නේ නැහැ අපිට මානසිකව පසුබෑමක් තිබෙනවා කියලා. අපිට ඔවුන් වෙනුවට ක්‍රීඩා කරවන්න වෙනත් ක්‍රීඩකයින් සිටිනවා, නමුත් ඔවුන් ක්‍රීඩා කළ ආකාරයට අපිට ඔවුන්ගේ අඩුව දැනේවි.”

2008 වසරේ ශූරයින් වන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් නික්මීම නිසා අමාරුවේ වැටෙන තවත් ප්‍රධානතම කණ්ඩායමක්. ජෝස් බට්ලර් සිය පළමු දරුවාගේ උපත නිසා නැවත එංගලන්තය බලා පිටත්ව ගිය අතර බෙන් ස්ටොක්ස් හා ජෝර්ෆා ආචර් ද එංගලන්ත ලෝක කුසලාන මූලික සංචිතයට එකතු වීමට කණ්ඩායමෙන් ඉවත් වනු ඇත. ඒ අතරම ස්ටීව් ස්මිත් ලබන සතියේ දී නැවත ඕස්ට්‍රේලියාව කරා යන්නේ ලෝක කුසලාන සංචිතය සමඟ පුහුණුවීම් ආරම්භ වීමටයි.

“අපි දැනගෙන හිටියා අපිට ක්‍රීඩකයින් අහිමි වෙයි කියලා. අපිට හොඳ ශක්තිමත් අතිරේක ක්‍රීඩකයින් ඉන්නවා.” රාජස්තාන් පුහුණුකරු පැඩි අප්ටන් මහතා පවසා සිටියේය. “අපිට ඔශේන් තෝමස් ඉන්නවා ජෝෆ්රා ආචර් වෙනුවට භාවිතා කරන්නට”

“ස්මිත් හා ස්ටොක්ස් පිටව යෑමෙන් අනතුරුව අපිට ඈෂ්ටන් ටර්නර් භාවිතා කරන්න පුළුවන්, අපිට ලොකු හිඩැසක් ඇති වන එකක් නැහැ, විශේෂයෙන් විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධව”දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවා සඳහන් කළේය.

වොට්සන්ගේ ගිනිකෙළිවලින් චෙන්නායි පළමු තැනට

IPL උණුසුම තවත් වැඩි කරමින් ෂේන් වොට්සන්ගේ සුපිරි ඉනිමේ සහයෙන්….

දකුණු අප්‍රිකාව ද ඔවුන්ගේ සුපිරි තරු වන ක්වින්ටන් ඩි කොක් හා කගිසෝ රබාඩා නැවත කැඳවීමට නියමිතය. රබාඩා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් හා ක්වින්ටන් ඩි කොක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද සුපිරි දස්කම් දක්වන්නට සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ප්‍රවේගකාරී තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී අහිමි වන අතරම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පා දඟපන්දු යවන ඉම්රාන් තාහිර් හා දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලේසිස් අහිමි වනු ඇත.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දක්ෂතා දැක්වූ එකම විදෙස් ක්‍රීඩකයා වන අන්ද්රේ රසල් ද නැවත කැරිබියන් දූපත් වෙත පිටව යාම නිසා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ද අවසන් තරග කිහිපයේ දී දැඩි පීඩනයක් එල්ල වනු ඇත.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<