එංගලන්ත Premier League තරගාවලියේ සයවැනි සතියේ, ස්පාඤ්ඤයේ La Liga සහ ජර්මානු Bundesliga ලීග් තරගාවලිවල පස්වැනි සතියේ හා ඉතාලි Serie A තරගාවලියේ සිව්වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (22) පැවැත්විය.

Napoli ගෙන් ශූරයින්ට කණේ පහරක්; Barcelona, Chelsea බලාපොරොත්තු සුන්

2019/20 UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය…..

Manchester Cityගෙන් ගෝල වැස්සක්

පසුගිය සතියේ දී Norwich City හමුවේ නොසිතූ පරාජයක් අත්විඳි වත්මන් Premier League ශූරයින් වන Manchester City ඊයේ Watford හමුවේ නැවතත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණියේ ගෝල 8-0ක ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමිනි. 

තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා දුන් David Silva තරගය ආරම්භ වී තත්පර 52ක් පමණක් ගත වන විට තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Kevin De Bruyne ගෝල රාමුව ඉදිරියට යොමු කළ පන්දුවක් ඉතා පහසුවෙන් ඒ තුළට යොමුකරමිනි. 

ඉන් අනතුරුව තරගයේ මිනිත්තු 18ක් ගත වන විට ඔවුන් තවත් ගෝල 4ක් වාර්තා කරගන්නට සමත් වූයේ ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ප්‍රතිවාදී Watford ක්‍රීඩකයින් නිරුත්තර කරමිනි. එහි දී Watford ගෝල රකින ක්‍රීඩක Ben Foster විසින් Riyad Mahrez හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ සිදු කළ foul කිරීමක් වෙනුවෙන් පිරිනැමුණු දඬුවම් පහර Sergio Aguero විසින් සාර්ථක කරගනිමින් තරගයේ දෙවන ගෝලය වාර්තා විය.

Mahrez විසින් ඔවුන්ගේ තෙවැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ගෝල රාමු කලාපය ආසන්නයේ ලැබුණු නිදහස් පහර අවස්ථාවකට එල්ල කළ පහර Watford ක්‍රීඩක Tom Cleverly ගේ වැදී ගෝල රාමුව තුළට පන්දුව යොමුවීමෙනි. 

අනෙක් ගෝල ද්විත්වයම Watford ක්‍රීඩකයින්ගේ දුර්වල ආරක්‍ෂක ක්‍රීඩා විලාශය හේතුවෙන් වාර්තා වූ අතර එහි පළමු අවස්ථාවේ දී ඔවුන් ලබාගත් Corner අවස්ථාවකිනුත්, දෙවන අවස්ථාවේ දී ලබාගත් නිදහස් පහර අවස්ථාවකිනුත් පන්දුව ලබා ගත් Bernado Silva සහ Nicolas Otamendi ඉතා පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝල වාර්තා කර ගනු ලැබූහ.  

ඉන් අනතුරුව ද තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතුව තබා ගත් Manchester City ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට ලැබුණු තවත් අවස්ථා කිහිපයක්ම ගිලිගී ගියත් Bernado Silva දෙවන අර්ධයේ දී තවත් ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් සිය පාපන්දු දිවියේ පළමු ගෝල ත්‍රිත්වයට හිමිකම් කියන්නට සමත් විය. එහි දී ඔහු David Silva සහ De Bruyne ලබා දුන් පන්දු ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝල වාර්තා විය. 

තරගය අවසන් වන්නට පෙර De Bruyne එල්ල කළ අගනා පහරක් හරහා ඔවුන් තවත් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ ගෝල 8-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් Premier League තරගාවලි ඉතිහාසයේ තෙවන විශාලතම ජයග්‍රහණයට ද හිමිකම් කියමිනි.  

සම්පූර්ණ කාලය: Manchester City 8 – 0 Watford F. C.

ගෝල ලාභීන් 

  • Manchester City – David Silva 1’, Sergio Aguero 7’ (P), Riyad Mahrez 12’, Bernado Silva 15’ 48’ 60’, Nicolas Otamendi 18’, Kevin De Bruyne 85’

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (21) බංග්ලාදේශය…..

Tottenham හමුවේ Leicester City හඹා යාම සාර්ථකයි

තරගයට ආක්‍රමණශීලී ආරම්භයක් ලබා ගත් Tottenham ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය ආරම්භක මිනිත්තු කිහිපය තුළ සාර්ථක වූයේ නැත. 

අනෙක් අන්තයේ Leicester City ක්‍රීඩකයින් ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවත් ඔවුන්ට ද ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් හිමි වූ නමුත් ඔවුන් ද ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Tottenham ක්‍රීඩක Harry Kane තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන යන්නට සමත් විය. එහි දී Son Heung-min ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළ සිදු කළ backheel කිරීමක් හරහා Kaneට පන්දුව ලැබුණු අතර Caglar Soyuncu එහි දී ඔහුට එල්ල කළ අභියෝගය හමුවේ වුවද ඔහු පන්දුව ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය. 

පිටියේ අන්ත දෙකේම අපතේ ගිය අවස්ථාවන් හමුවේ සාර්ථක වූ Leicester City ක්‍රීඩක Ricardo Pereira නැවතත් ලකුණු තත්වය සම කරන්නට සමත් විය. ඒ Jamie Vardy යොමු කළ පන්දුවකට ඔහු එල්ල කළ පහර ප්‍රතිවාදී ක්‍රීඩක Danny Roseගේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමත් සමඟයි.

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ James Maddison ගෝල රාමු කලාපය පිටත සිට විශිෂ්ට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ Leicester City හඹා යාම සාර්ථක කරමින් ඔවුන්ට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: Leicester City 2 – 1 Tottenham Hotspur 

ගෝල ලාභීන් 

  • Leicester City – Ricardo Pereira 69’, James Maddison 85’
  • Tottenham Hotspur – Harry Kane 29’

Granada හමුවේ FC Barcelona නිරුත්තර වෙයි

වත්මන් La Liga ශූරයින් වන ප්‍රබල FC Barcelona කණ්ඩායමට ඊයේ ඔවුන් සහභාගී වූ තරගයේ දී මෙවර La Liga තරගාවලියට උසස් වීමක් ලබා ගත් Granada කණ්ඩායම හමුවේ ගෝල 0-2ක නොසිතූ පරාජයකට මුහුණ දීමට සිදු විය. 

තරගය ආරම්භ වී මිනිත්තු 2ක් ගතවන්නටත් පෙර Ramon Azeez විසින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ Granada කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමිනි. Junior Firpoගෙන් පන්දුව ලබා ගත් Roberto Soldado එය ඉදිරියට රැගෙන යමින් Antonio Puertas වෙත බාර කළ අතර ඔහු ගෝල රාමුව තුළට යොමු කළ පන්දුව Azeez විසින් ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා විය. 

Athletico අවසන් මොහොතේ දී තරග සම කරද්දී Courtoisට බැනුම්

2019/20 ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) පැවැත්වුණා. මැන්චෙස්ටර් සිටි හා PSG…

අනතුරුව Barcelona ක්‍රීඩකයින් සුපුරුදු පරිදි පන්දුව තමන් සතුව තබා ගනිමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් හෝ නොදීමට ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයින් වගබලාගත් අතර අනෙක් පසින් Granada ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට ලැබුණු අවස්ථාවන් කිහිපයක් ම ඔවුන් අතින් ගිලිහී යන්නට විය. 

දෙවන අර්ධය ආරම්භයේ දී Barcelona ක්‍රීඩක Carles Perez සහ Firpo වෙනුවට ප්‍රබල ක්‍රීඩක Lionel Messi සහ Ansu Fati ආදේශ කරනු ලැබුවත් එය ද සාර්ථක නොවූ අතර අනතුරුව 66 වන මිනිත්තුවේ දී Granada හට පිරිනැමුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් Alvaro Vadillo ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ගෝල පරතරය ඉහළ නංවාගන්නට සමත් විය.  

ප්‍රබල Barcelona කණ්ඩායමට ගෝල රාමුව කෙළින් පහරක් එල්ල කරන්නට (Shot on goal) මිනිත්තු 82ක කාලයක් ගත වූ අතර ඔවුන් මුළු තරගය පුරාවටම ගෝල රාමුව කෙළින් එල්ල කළ එකම පහර ද එය විය. Messi විසින් එල්ල කළ එම පහර පහසුවෙන් Rui සිල්වා විසින් රැකගැනීමත් සමඟ ඔවුන්ට මෙම තරගයෙන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි පහසු ජයග්‍රහණයක් හිමි විය. 

සම්පූර්ණ කාලය: FC Barcelona 0 – 1 Granada CF 

ගෝල ලාභීන්

  • Granada CF – Ramon Azeez 2’, Alvaro Vadillo 66’

Ronaldoගේ ගෝලයෙන් Juventusට ජය

ඉතාලියේ Serie A තරගාවලිය යටතේ ප්‍රබල Juventus සහ Hellas Verona කණ්ඩායම අතර පැවති තරගය උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට Juventus ක්‍රීඩකයින් සමත් විය. 

ආරම්භයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීමත් සමඟ තරගය මදක් උදාසීන ස්වභාවයක් දිස්වුවත් එය ඉදිරියට යත්ම උණුසුම් මුහුණුවරක් ගන්නට විය. ඒ අනුව 20 වන මිනිත්තුවේ දී Verona කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණත් එය ලබාගත් Samuel Di Carmine එය සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.  

කෙසේ නමුත් පසුව Miguel Veloso විසින් යාර 25ක දුර සිට විශිෂ්ට පහරක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් වූයේ Juventus පිළ අභියෝගයට ලක්කරමිනි.

පසුව Aaron Ramsey විසින් අනෙක් අන්තයේ යාර 25ක සිට එල්ල කළ පහර Velona ක්‍රීඩකයෙකුගේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමත් සමඟ තරගයේ ලකුණු තත්වය සම වන්නට විය.  

48 වන මිනිත්තුවේ දී Juventus ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබාගත් Cristiano Ronaldo සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් ඔවුන්ව තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට දෙපිළට ම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වීමත් සමඟ ගෝල 2-1ක් ලෙස Juventus ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: Juventus FC 2 – 1 Hellas Verona FC 

ගෝල ලාභීන් 

  • Juventus FC – Aaron Ramsey 31’, Cristiano Ronaldo 49’ (P)
  • Hellas Verona FC – Miguel Veloso 20’

Bayern Munichට පහසු ජයක්

ජර්මානු Bundesliga තරගාවලිය යටතේ 1. FC Koln සමඟ ඊයේ පැවති තරගයෙන් ගෝල 0-4ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගන්නට ප්‍රබල Bayern Munich සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් Robert Lewandowski 3 වන මිනිත්තුවේ දී Joshua Kimmich ලබා දුන් පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

අනතුරුව ඔවුන්ට ගෝල වාර්තා කරගැනීමට තවත් අවස්ථාවන් ලැබුනත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. කෙසේ නමුත් දෙවන අර්ධයේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ Lewandowski තවත් ගෝලයක් වාර්තා කරගන්නට සමත් විය. 

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී Kingsley Ehizibue හට විනිසුරුවරයා විසින් සෘජු රතු කාඩ්පතක් නිකුත් කිරීමත් සමඟ ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර එහි දී පිරිනැමුණු දඬුවම් පහර Philippe Coutinho විසින් සාර්ථක කරගන්නට සමත් වූයේ සිය කණ්ඩායමට තවත් ගෝලයක් එක්කරමිනි. 

පසුව Ivan Perisic විසින් තරගය අවසන් වන්නට පෙර තවත් ගෝලයක් වාර්තා කරගනිමින් Bayern Munich කණ්ඩායමට මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සමත් විය.  

සම්පූර්ණ කාලය: Bayern මුනිච් 4 – 0 1. FC Koln

ගෝල ලාභීන්

  • Bayern Munich – Robert Lewandowski 3’ 48’, Philippe Coutinho 62’ (P), Ivan Perisic 73’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<