Paul Pogba වෘකයින් ඉදිරියේ දණින් වැටේ

188
football

Ruben Nevesගේ සුපිරි ගෝලයෙන් හා Rui Patricioගේ සුපිරි ගෝල රැකීමෙන් Wolverhampton Wanderers කණ්ඩායම ගෝල 1–1ක් ලෙස Manchester United තරගය සම කර ගන්නට සමත් විය. සුපිරි ක්‍රීඩක Paul Pogbaගේ ලබා ගත් දඬුවම් පහර Rui Patricio සුපිරි ලෙස වැළැක්වූයේ United ජයග්‍රහණයේ දොර වසමින්.   

Chelsea, PSG බලාපොරොත්තු සුනේ සුන්!

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සතියේ දී ඉතා උණුසුම් ………

Anthony Martia, Marcus Rashfordගේ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස දැල් ගත කළේ 27 වැනි මිනිත්තුවේ දී United කණ්ඩායමට තරගයේ පෙරමුණ රැගෙන එමින්.   

පළමු අර්ධයට පෙර Martial හට තවත් ගෝලයක් වාර්තා කිරීමට ලැබුනත් එම අවස්ථාව සාර්ථක වූයේ නැහැ. ඔහු Willy Boly පසු කර පන්දුව ගෝල රාමුව වෙත යොමු කළත් පන්දුව දැල් ගත කරන්නට ඔහුට හැකි වුනේ නැහැ.  

30 වැනි මිනිත්තුවේ දී Raul Jimenez හිසෙන් කළ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය නමුත් ඊට මිනිත්තු තුනකට පසුව Neves විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.  ඔහු දඬුවම් පහර චතුරශ්‍රය පිටත සිය එල්ල කළ ප්‍රහාරයකින් පන්දුව කවාකාරව ගමන් කර ගෝල රාමුවේ වැදී දැල තුළට ගියේ තරගයේ ගෝල සම වෙමින්.

තරගය අවසානයට මිනිත්තු 22ක් තිබිය දී Manchester United කණ්ඩායමට දඬුවම් පහර ලැබුණේ Conor Coady, Pogba හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසයි. කෙසේ වෙතත් ගුවනේ පාවී ගිය Wolves ගෝල රකින ක්‍රීඩක Patricio එම ව්‍යර්ථ කළේ United බලාපොරොත්තු සුනුවිසුනු කරමින්.

අවසන් ලකුණු තත්වය: Wolverhampton Wanderers  1 – 1 Manchester United     

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Wolverhampton Wanderers – Rúben Neves 55′ 
  • Manchester United – Anthony Martial 27′ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<