Chelsea, PSG බලාපොරොත්තු සුනේ සුන්!

70

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සතියේ දී ඉතා උණුසුම් වුනා. ඊයේ (18) රාත්‍රියේ හා අද අලුයම (19) පැවැත්වුණු තරගයන් හිදී Chelsea හා PSG කණ්ඩායම සිතූ තරම් සාර්ථක වීමට සමත් වූයේ නැහැ. කෙසේ වෙතත් Atletico Madrid සෑහෙන මහන්සියකින් පසුව La Liga පළමු සතියේ ජයක් වාර්තා කළා.

Manchester City ජයග්‍රහණයට VAR හා විනිසුරු හරස් වෙයි!

ජර්මානු Bundesliga තරගාවලිය හා ස්පාඤ්ඤ La Liga තරගාවලිය අද (17) අලුයම ආරම්භ වූ..

Wilfred Ndidi’sගේ ප්‍රහාරය Chelsea බලාපොරොත්තු සුන් කරයි  

Frank Lampard ගේ පුහුණුකාරිත්වයෙන් බලගැන්වුණු Chelsea ජයග්‍රහණයේ බලාපොරොත්තු සුනුවිසුනු කරන්නට Wilfred Ndidi සමත් වුනා. ඒ Leicester City කණ්ඩායම හා තරගයේ ගෝල 1-1ක් ලෙස ජයග්‍රහණයෙන් තොරව අවසන් වීම නිසයි. Chelsea කණ්ඩායම පසුගිය සතියේ දී ගෝල 4–0ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන්නා.     

Chelsea කණ්ඩායම තරගය ඉතා හොඳින් ආරම්භ කළ අතර හත්වැනි මිනිත්තුවේ දී Mason Mount සිය පළමු ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළේ කණ්ඩායමට සුපිරි ආරම්භයක් ගෙන දෙමින්.

N’Golo Kante ඊට මිනිත්තු කිහිපයකට පසුව ගෝලයක් සඳහා ප්‍රබල උත්සහයක් දැරූවත් ඔහුගේ උත්සාහය Christian Fuchs විසින් ව්‍යර්ථ කර දැමුවා. 

පළමු අර්ධයෙන් පසුව Leicester ක්‍රම ක්‍රමයෙන් තරගයේ පාලනය තමන්ගේ අතට ගත අතර James Maddisonගේ Corner අවස්ථාවක් Ndidi ගුවනේ පාවී ගෝල රාමුව තුළට එල්ල කළේ අලංකාර ගෝලයක් වාර්තා කරමින්.   

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු Leicester කණ්ඩායම වෙනුවෙන් Maddison හා Youri Tielemans ඉතා ආසන්න උත්සහ දැරුවත් චෙල්සි ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalaga එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කරන්නට සමත් වුනා.    

පළමු සති අන්ත දෙකේ දී තරග සම වීම නිසා Leicester කණ්ඩායම ලකුණු සටහනේ 12 වැනි ස්ථානයේ සිටින අතර Chelsea එක් ලකුණක් සමඟින් 15 ස්ථානයේ සිටියි.  

අවසන් ලකුණු තත්වය: Leicester City 1 – 1 Chelsea

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Leicester City – Wilfred Ndidi 67′ 
  • Chelsea – Mason Mount 7′ 

Stade Rennais FC, ප්‍රබල PSG හඹා ගොස් පරාජය කරයි

Romain Del Castilloගේ සුපිරි ගෝලයෙන් Stade Rennais FC කණ්ඩායම, ප්‍රබල Paris Saint-Germain කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා.   

පසුගිය අප්‍රේල් මාසයේ දී ද Rennes කණ්ඩායම Coupe de France අවසන් මහා තරගයේ දී PSG කණ්ඩායම පරාජය කළා.  

Neymar Jr මේ තරගයේ දීත් PSG කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට කණ්ඩායමේ වගකීම භාර ගත් Edinson Cavani 36 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා. 

Kylian Mbappé අනතුරුව ගෝල වාර්තා කිරීමට උත්සාහයක නිරත වුනත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

M’Baye Niang 44 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අතර Hamari Traoré’sගේ අලංකාර පන්දු ප්‍රහාරයක් ගෝල රාමුව ඇතුළට යොමු කරන්නට ඔහු සමත් වුනේ Alphonse Aréolaගේ බාධා කිරීම් මැඩලමින්.  

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු 3කට පසුව Del Castillo, Thiago Silva හා Thomas Meunier අතරින් පන්දුව උදුරා ගෙන සුපිරි ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. එම ගෝලයත් සමඟ Stade Rennais FC තරගයේ පෙරමුණ ලබා ගත් අතර දෙවන අර්ධය පුරා PSG කණ්ඩායම ඔවුන්ගේ අර්ධයේම සිර කර තබන්නට ඔවුන් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Stade Rennais FC 2 – 1 Paris Saint-Germain

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Stade Rennais FC – Del Castillo 48’, M’Baye Niang 44’
  • Paris Saint-Germain – Edinson Cavani 36’

Atletico Madrid ඉතා අපහසුවෙන් සිය පළමු ජය වාර්තා කරයි

Getafe කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජය කරමින් Atletico Madrid කණ්ඩායම මෙවර La Liga තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළා.

මිනිත්තු 20ක තියුණු උත්සහයකින් පසුව තරගයේ පෙරමුණ ගැනීමට Atletico කණ්ඩායම සමත් වුනා. ඒ Kieran Trippierගේ විශිෂ්ට හරස් පන්දු යොමු කිරීමක් Alvaro Morata ගෝල රාමුවේ පහළ කෙළවරට යොමු කිරීමත් සමඟයි.   

Getafe කණ්ඩායම කබලෙන් ලිපට වැටුණේ නායක Jorge Molina රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමත් සමඟයි. විනිසුරු VAR තාක්ෂණය භාවිතා කර එම තීරණය ලබා දුන්නේ ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පහර දුන්නේ යැයි පවසමින්.

එක් ක්‍රීඩකයෙකුගේ වාසිය Athletico ක්‍රීඩකයින්ට ලබා ගන්නට ලැබුණේ මිනිත්තු හතරක් පමණයි. Renan Lodi සිය දෙවන කහ කාඩ් පතත් ලබා ගත් අතර විනිසුරු ඔහුවත් පිටියෙන් ඉවත් කළා.

විනිසුරු Atletico වෙත දඬුවම් පහරක් ලබා දුන්නේ ඔවුන්ට පහසු ජයක් ලැබීමේ මාර්ගයක් සකසා දෙමින්. Morata එම දඬුවම් පහර ලබා ගත්තත් ගුවනේ පාවී ගිය David Soria එම උත්සාහය ගෝල රාමුවෙන් ඉවතට යොමු කළේ Getafe බලාපොරොත්තු දිගටම තරගයේ රඳවා ගනිමින්.  

Getafe දිගින් දිගටම ගෝලයක් සොයමින් ආක්‍රමණයේ යෙදුණු අතර 86 වැනි මිනිත්තුවේ දී Angel Rodriguezගේ දිගු දුර ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින්. 

අවසන් ලකුණු තත්වය: Getafe 0 -1 Atletico Madrid 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Alvaro Morata 23’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<