Arsenal ජය සැමරුමට offside හරස් වෙයි

140

එංගලන්ත Premier League තරගාවලියේ සිව්වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (01) Emirates ක්‍රීඩාංගණයේ දී Arsenal සහ Tottenham Hotspur කණ්ඩායම් අතර පැවති උතුරු ලන්ඩන් සටන (North London Derby) ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් වශයෙන් ජය-පැරදුමෙන් තොරව අවසන් විය. 

Juventus – Napoli ද්වන්ද සටනක; Chelsea සහ Dortmundට නොසිතූ අභියෝග

එංගලන්ත Premier League සහ ප්‍රංශ Ligue 1 තරගාවලිවල සිව්වැනි සතියේගග

තරගයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් Arsenal ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක කරගන්නට Tottenham ආරක්‍ෂක ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැත. 

Christian Eriksen ©AFP

Arsenal ක්‍රීඩකයින්ගේ ආධිපත්‍ය මැද 10 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් වූයේ Tottenham මැදපෙළ ක්‍රීඩක Christian Eriksen ය. එහි දී Erik Lamela ගෝල රාමුව පිටත සිට එල්ල කළ පහර නිසි පරිදි ඉවතට යොමු කරන්නට Arsenal ගෝල රකින ක්‍රීඩක Bernd Leno අසමත් වීමත් සමඟ Eriksen වෙත යොමු වූ පන්දුව ඔහු ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය. 

අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. එහි දී Tottenham ගෝල රකින ක්‍රීඩක Hugo Llorisගේ මෙන්ම Arsenal ගෝල රකින ක්‍රීඩක Lenoගේ ද දක්‍ෂතා කැපී පෙනෙන්නට විය.

Messi, Ronaldo අධිරාජ්‍ය බිඳ දමමින් වසරේ පාපන්දු තරුවට වෙන අයෙක්

යුරෝපා පාපන්දු පිටියේ ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම සම්මානය වන UEFA වසරේ ක්‍රීඩකයා…

පසුව 40 වැනි මිනිත්තුවේ දී Son Heung-min මත Granit Xhaka සිය ගෝල රාමු කලාපය තුළ සිදු කළ foul කිරීමක් වෙනුවෙන් පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක කර ගත් Harry Kane සිය කණ්ඩායමට ගෝල 2-0ක වාසියක් අත්කර දෙන්නට සමත් විය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වන්නට මත්තෙන් Nicolas Pepe යොමුකළ පන්දුවක් වේගවත් පහරක් එල්ල කරමින් ගෝල රාමුව තුළට යොමුකළ Alexandre Lacazette විසින් Arsenal කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරන්නට සමත් විය.

පළමු අර්ධය: Arsenal 01 – 02 Tottenham Hotspur 

කණ්ඩායම් දෙකම දෙවන අර්ධයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගනිමින් ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වූවත් නැවතත් ක්‍රියාත්මක වූ Lloris සහ Leno ගෝල රකින ක්‍රීඩකයින් සාර්ථකව එම අවස්ථාවන් ව්‍යර්ථ කරදමන්නට සමත් විය. 

“පිරිමි ළමයිනුත් එක්ක සෙල්ලම් කරනවා කියලා තාත්තා මට ගැහුවා.” – අන්ජු

බිලියනයකට වැඩි ජනගහනයක් සහිත ඉන්දියාවේ ළාබාලතම ‘A’ ශ්‍රේණියේ පුහුණුකාරිනිය..

කෙසේ නමුත් 71 වැනි මිනිත්තුවේ දී Matteo Guendouzi විසින් ඉතා දක්‍ෂ ලෙස Tottenham ආරක්‍ෂක ක්‍රීඩකයින් අභිබවමින් ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කළ Pierre-Emerick Aubameyang කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම තත්වයකට රැගෙන ආවේ තරගයේ ජයග්‍රහණය දෙපිළට ම විවෘත කරමිනි.

අනතුරුව 80 වැනි මිනිත්තුවේ දී Sead Kolasinac ලබා දුන් පන්දුවක් Sokratis Papastathopoulos ගෝල රාමුව තුළට යොමු කිරීමත් සමඟ Arsenal ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ගැනීම සමරන්නට වූවත් එම ගෝලය වාර්තා කර ගැනීමේ දී offside නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා විසින් සංඥා කිරීම ඔවුන්ගේ එම ජයඝෝෂා වලට හරස් වන්නට විය. පසුව VAR හරහා ද විනිසුරුවරයාගේ එම තීරණය තහවුරු කරනු ලැබීය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අසමත් වීමත් සමඟ මෙම උතුරු ලන්ඩන් සටන ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය.   

අවසන් ලකුණු තත්වය: Arsenal 02 – 02 Tottenham Hotspur 

ගෝල ලාභීන් 

  • Arsenal – Alexandre Lacazette 45+1’, Pierre-Emerick Aubameyang 71’
  • Tottenham Hotspur – Christian Eriksen 10’, Harry Kane 40’ (P) 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<