Manchester Unitedට නොසිතූ පරාජයක්

91

එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ Burnley FC කණ්ඩායම් අතර ඊයේ (22) ‘Old Trafford’ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ගෝල 0-2ක තියුණු ජයක් වාර්තා කරගන්නට Burnley ක්‍රීඩකයින් සමත් විය. 

Aguero නැවතත් Manchester City ගැලවුමට

එංගලන්ත Premier League තරගාවලියේ ………

Manchester United තරගයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගනිමින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගැනීමට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් 39 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Burnley ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. ඒ ඔවුන්ට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් හරහා පන්දුව ලබා ගත් Ben Mee ලබා දුන් පන්දුවක් Chris Wood විසින් volley කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමිනි. 

පළමු අර්ධය: Manchester United 00 – 01 Burnley FC

දෙවන අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Burnley ක්‍රීඩකයින් තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. එහි දී Wood සමඟ පන්දුව හුවමාරු කරගනිමින් එය ගෝල රාමු කලාපය තුළට රැගෙන ගිය Jay Rodriguez විසින් එල්ල කළ වේගවත් පහරෙන් පන්දුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඒ ඒ තුළට යොමුවීමෙන් එම ගෝලය වාර්තා විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකටම, විශේෂයෙන් Manchester United ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් රැසක් හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. 

ම්බාපේ එංගලන්තයට එයි ද?

ලෝක ශූර ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩක කිලියන් ම්බාපේ ………

Manchester United තරගයේ 90 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගනු ලැබුවත් එම ගෝලය ගෝලයක් නොවන බවට විනිසුරුවරයා විසින් සංඥා කිරීමත් සමඟ එය ඔවුන්ට පිරිනැමුණේ නැත. ඒ Juan Mata විසින් ගෝල රාමු කලාපය තුළට යොමුකළ පන්දුවක් Luke Shaw විසින් ගෝල රාමුව තුළට යොමු කිරීමේ දී ඔහු විසින් Burnley ක්‍රීඩක Jeff Hendrick හමුවේ සිදුකළ ‘foul’ කිරීමක් හේතුවෙනි. අනතුරුව එම තීරණය ‘VAR’ වෙත යොමුකිරීමෙන් පසුව ද එය තහවුරු විය. 

ඒ අනුව මෙම තරගයෙන් ගෝල 0-2ක වැදගත් ජයග්‍රහණයක් හිමිකර ගන්නට Burnley ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester United 00 – 02 Burnley FC

ගෝල ලාභීන් 

  • Burnley FC – Chris Wood 39’, Jay Rodriguez 56’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<