අවසන් මිනිත්තුවේ ගෝලයෙන් Manchester United ජය අවහිර වෙයි

73

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරග දිනයේ තරගයක් ලෙස ප්‍රබල Manchester United සහ Sheffield United අතර Bramall Lane ක්‍රීඩාංගණයේ දී ඊයේ (24) පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

Dortmund-Paderborn සීතල යුද්ධය අතරතුර Barcelona පිහිටට VAR

ස්පාඤ්ඤ La Liga තරගාවලියේ සහ ඉතාලි Serie A ……….

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් Sheffield United ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් පෙරමුණට එන්නට සමත් විය. එහි දී John Lundstram එල්ල කළ පහරක් Manchester United ගෝල රකින ක්‍රීඩක David De Gea නවතාලීමෙන් අනතුරුව එය John Fleck වෙත යොමු වූ අතර ඔහු පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය.  

තරගයේ පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

පළමු අර්ධය: Sheffield United 1 – 0 Manchester United 

තරගයේ දෙවන අර්ධයට ද සාර්ථක ආරම්භයක් ලබා ගත් Sheffield United ක්‍රීඩකයින් සිය දෙවැනි ගෝලය ද වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට සමත් විය. Fleck ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Lys Mousset විසිනි. 

Manchester City හඹා යාම සාර්ථක වෙද්දී Mourinhoට ජයග්‍රාහී ආරම්භයක්

කෙසේ නමුත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ Manchester United ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් මිනිත්තු 7ක කාලයක් තුළ ගෝල තුනක් වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. 

එහි දී Daniel James ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Sheffield United ක්‍රීඩකයින් නිසි පරිදි ඉවතට යොමු කිරීමට අසමත් වීමත් සමඟ පන්දුව ලබා ගත් Brandon Williams එය ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමු කරමින් එහි පළමු ගෝලය වාර්තා විය. 

Marcus Rashford ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් ආදේශක ක්‍රීඩක Mason Greenwood විසින් එහි දෙවන ගෝලයත්, James ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කළ Rashford විසින් එහි තෙවැනි ගෝලයත් වාර්තා කර ගනු ලැබීය. 

ඒ අනුව Manchester United ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණය කළ සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක Oli McBurnie විසින් Callum Robinson ලබා දුන් පන්දුවක් ඉතා විශිෂ්ට ලෙස පාලනය කර ගනිමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

“මට 100%ක් කණ්ඩායමට දෙන්න බැරි වුනා” – රොනාල්ඩෝ

පසුගිය දා පැවති Juventus තරගයක් අතරතුර තමන්………

අනතුරුව විනිසුරුවරයා විසින් එය ‘VAR’ වෙත යොමු කරනු ලැබුවත් එහි දී නීතිරීති උල්ලංඝණය කිරීමක් සිදු නොවූ බව තහවුරු වීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනමන ලදි.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සම්පූර්ණ කාලය: Sheffield United 3 – 3 Manchester United 

ගෝල ලාභීන් 

  • Sheffield United – John Fleck 19’, Lys Mousset 52’, Oli McBurnie 90’ 
  • Manchester United – Brandon Williams 72’, Mason Greenwood 77’, Marcus Rashford 79’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<