ප්‍රබල කණ්ඩායම් රැසකට ජයග්‍රහණ විරහිතයි

53

එංගලන්ත Premier League තරගාවලියේ හා ඉතාලි Serie A තරගාවලියේ 14 වැනි සතියේ සහ ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 15 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (01) දිනයේ දී නිමාවට පත්විය.

Bayern, Chelsea හා Manchester Cityට අනපේක්‍ෂිත ප්‍රතිඵල

එංගලන්ත Premier League තරගාවලියේ 14 වැනි සතියේ………

අවසන් මොහොතේ Messiගේ ගෝලයෙන් Barcelonaට ජය

ස්පාඤ්ඤයේ La Liga තරගාවලියේ සිටින ප්‍රබලතම කණ්ඩායම් ද්විත්වයක් වන FC Barcelona සහ Atletico Madrid අතර ඊයේ (01) Wanda Metropolitano ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට FC Barcelona ක්‍රීඩකයින් සමත් විය. 

කිසිවෙකු අපේක්‍ෂා නොකළ Atletico Madrid ක්‍රීඩකයින් තරගය ආරම්භ වූ මොහොතේ පටන් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඒ හරහා ඔවුන් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුව ද ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. 

එහි දී විශේෂයෙන් Barcelona ගෝල රකින ක්‍රීඩක Marc-Andre ter Stegen දියත් කළ විශිෂ්ට ගෝල රැකීම තරගය පුරාවට කැපී පෙනෙන්නට විය. 

තරගය ඉදිරියටයත්ම Barcelona ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වෙමින් අවස්ථාවන් කිහිපයක දී ම ගෝලයක් වාර්තා කරගන්නට ඉතා ආසන්නයට පැමිණියත්, ඔවුන් ද එම අවස්ථාවන් ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ  නැත. 

තරගයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම මෙම තත්වය පැවති අතර ඒ අනුව දෙපිළේ කිසිදු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ Barcelona සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් Luis Suarez ලබා දුන් පන්දුවකට ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරමින් ඉතා දක්‍ෂ ලෙස එය ගෝල රාමුව තුළට තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේ මෙම තරගයෙන් Barcelona හට ගෝල 1-0ක තියුණු ජයග්‍රහණයක් අත්කර දෙමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද සහතිකකරගනිමිනි. 

සම්පූර්ණ කාලය: FC Barcelona 1 – 0 Atletico Madrid  

ගෝල ලාභීන් 

  • FC Barcelona – Lionel Messi 86’ 

Manchester United – Aston Villa සටන ජය-පරාජයෙන් තොරයි

එංගලන්තයේ Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ Aston Villa අතර ඊයේ Old Trafford ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් Aston Villa ක්‍රීඩකයින් 11 වැනි මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණට ගන්නට සමත් විය. ඒ Anwar El Ghazi යොමු කළ පන්දුවක් ගෝල රාමු කලාපය පිටත සිට Jack Grealish විසින් ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟයි.

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර වාර්තා වූ ‘own goal’ අවස්ථාවක් හරහා ලකුණු තත්වය සම කරන්නට Manchester United ක්‍රීඩකයින් හට අවස්ථාව හිමි විය. ඒ Marcus Rashford පන්දුවට හිසින් එල්ල කළ පහරක් ගෝල රාමුවේ වැදී අනතුරුව Aston Villa ගෝල රකින ක්‍රීඩක Tom Heatonගේ වැදී පන්දුව ගෝල රාමුව තුළට යොමුවීමෙනි. 

පසුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Victor Lindelof විසින් Manchester United දෙවන ගෝලය වාර්තා කරගනිමින් තරගයේ  පළමු වරට සිය කණ්ඩායමට තරගයේ පෙරමුණ හිමිකර දෙන්නට සමත් විය. 

කෙසේ නමුත් ඊට වහාම පිළිතුරු දැක්වූ Tyrone Mings විසින් Matt Targett ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් ඉතා දක්ෂ ලෙස ‘volley’ කරමින් ගෝල රාමුව තුළට යොමුකරමින් නැවතත් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. මෙහි දී විනිසුරුවරයා විසින් ‘offside’ නීතිය උල්ලංඝනය වූ බවට පළමුව සංඥා කරනු ලැබුවත් එය VAR වෙත යොමු කිරීමෙන් අනතුරුව ගෝලය ඔවුන්ට පිරිනමන ලදි. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට අසමත් වීමත් සමඟ මෙම තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සම්පූර්ණ කාලය: Manchester United 2 – 2 Aston Villa 

ගෝල ලාභීන් 

  • Manchester United – Tom Heaton 42’ (OG), Victor Lindelof 64’ 
  • Aston Villa – Jack Grealish 11’, Tyrone Mings 66’ 

Ronaldoගේ වාර්තාවක් Messi අත්පත් කර ගනී

සුපිරි ක්‍රීඩක Lionel Messi, Barcelona …..

Arsenalට නැවතත් ජයග්‍රහණයෙන් දුරස් වෙයි

එංගලන්තයේ Premier League තරගාවලියේ ප්‍රබල Arsenal සහ Norwich City කණ්ඩායම අතර ඊයේ Carrow Road ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට Arsenal ක්‍රීඩකයින් අඛණ්ඩව Premier League තරග 6ක දී ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත්ව නොමැත.

හිටපු Arsenal ප්‍රධාන පුහුණුකරු Unai Emery පසුගිය දා සිය ධූරයෙන් පහකර Freddie Ljungberg කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු තනතුරට පත්කිරීමෙන් අනතුරුව ඔවුන් සහභාගී වූ පළමු තරගය මෙයයි. 

කෙසේ නමුත් තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Norwich City ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට එන්නට සමත් විය. Kenny McLean ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Teemu Pukki විසිනි. 

අනතුරුව Arsenal හට පිරිනැමුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගත් Pierre-Emerick Aubameyang විසින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර නැවතත් ක්‍රියාත්මක වූ Norwich City ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් නැවතත් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. මෙවර Onel Hernandez ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Todd Cantwell විසිනි.

අනතුරුව දෙවන අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Aubameyang ඔහුගේ මෙන්ම තරගය තුළ කණ්ඩායමේ ද දෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නැවතත් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරමිනි. 

පසුව තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දෙපිළෙන්ම කිසිදු ගෝලයක් වාර්තා නොවීමත් සමඟ මෙම තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය.

සම්පූර්ණ කාලය: Arsenal 2 – 2 Norwich City

ගෝල ලාභීන් 

  • Arsenal – Pierre-Emerick Aubameyang 29’ (P), 57’
  • Norwich City – Teemu Pukki 21’, Todd Cantwell 45+2’

Real Madrid රතු කාඩ්පත නිදහස් පහරකින් අවසන් වේ

ශූරයින්ගේ ලීග් තරගාවලියේ ඉතා වැදගත් තරග කිහිපයක් ……….

Ronaldo දඬුවම් පහරෙන් Juventus බේරෙයි

ඉතාලියේ Serie A තරගාවලිය යටතේ ප්‍රබල Juventus සහ Sassuolo කණ්ඩායම් අතර ඊයේ Juventus Stadium ක්‍රීඩාංගණයේ දී පැවති තරගය තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

Juventus හට තරගයට සාර්ථක ආරම්භයක් ලබා දුන් Leonardo Bonucci විසින් Rodrigo Bentancur ලබා දුන් පන්දුවකට ගෝල රාමු කලාපය පිටත සිට වේගවත් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

කෙසේ නමුත් ඊට වහාම පිළිතුරු ලබා දුන් Jeremie Boga විසින් Francesco Caputo ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ Caputo විසින් Juventus ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් පන්දුව දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු  වරට සිය කණ්ඩායම පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

කෙසේ නමුත් පසුව Sassuolo ක්‍රීඩක Filippo Romagana විසින් Paulo Dybala හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Juventus හට දඬුවම් පහර අවස්ථාවක් ලබා දෙන්නට විනිසුරුවරයා සංඥා කළ අතර එය ලබා ගත් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කළේ නැවතත් තරගයේ ලකුණු තත්වය සම කරමිනි. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට අසමත් වීමත් සමඟ තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.  

සම්පූර්ණ කාලය: Juventus 2 – 2 Sassuolo

ගෝල ලාභීන් 

  • Juventus – Leonardo Bonucci 20’, Cristiano Ronaldo 68’ (P)
  • Sassuolo – Jeremie Boga 22’, Francesco Caputo 47’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<