Ronaldo අවසන් මිනිත්තුවේ දී ජයග්‍රහණයට පාර කපයි

62

90+6 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldo සාර්ථක කර ගත් දඬුවම් පහරෙන් Juventus ගෝල 2-1ක් ලෙස Genoa පරාජය කරන්නට සමත් වුනා. කණ්ඩායම් දෙකම රතු කාඩ්පත් නිසා ක්‍රීඩකයින් 10කට සීමා වීම විශේෂත්වයක්. 

United කලකට පසු සාර්ථක වෙද්දී Arsenal නැවතත් අසාර්ථකයි

එංගලන්ත Premier League තවත් වැදගත් උණුසුම් ……

Genoa ඉතාලි ශූරයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර Christian Kouameගේ විශිෂ්ට ගෝලයට පසුව 36 වැනි මිනිත්තුවේ දී Leonardo Bonucci විසින් තරගයේ ගෝල සම කරන ලදි.     

පසුව දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙදෙනෙකුට රතු කාඩ්පත් පෙන්වා විනිසුරු පිටියෙන් ඉවත් කළ අතර අවසන් මිනිත්තුව තෙක් තරගය අත් නොහැරී Ronaldo අවසන් මිනිත්තුවේ දී තරගය වෙනස් කිරීම විශේෂත්වයක් වුනා. 

අවසන් ලකුණු තත්වය: Juventus 02 – 01 Genoa

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – L. Bonucci (36) Cristiano Ronaldo (90+6 pen)
  • Genoa – C. Kouamé (40)

කලකට පසු Real Madrid කණ්ඩායමට දැවැන්ත ජයක්

අඛණ්ඩව 16 වැනි La Liga තරග වාරයේදීත් ගෝලයක් වාර්තා කළ Real Madrid නායක Sergio Ramosගේ සවියෙන් Real Madrid ගෝල 5-0ක් ලෙස Leganes ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් වුනා.

Lionel Messiට පසුව අඛණ්ඩව 16 වැනි තරග වාරයටත් ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා වන Ramos 24 වැනි මිනිත්තුවේ දී තුන්වැනි Real Madrid ගෝලය වාර්තා කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.

Ramosගේ පළමු උත්සාහය ගෝල රකින්නා හමුවේ ව්‍යර්ථ වී ගියත් ඔහුට දෙවන අවස්ථාවක් ලැබුණේ ගෝල රකින්නා වැරැද්දක් කළ බවට විනිසුරු VAR යොදා ගනිමින් තීරණය කළ නිසයි.

තරගයට සුපිරි ආරම්භයක් ලබා ගනිමින් 18 හැවිරිදි Rodrygo හත්වැනි මිනිත්තුවේ දී Real වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. අනතුරුව ඊට තත්පර 60කට පසුව Toni Kroosගේ අලංකාර ගෝලයකින් Real ලකුණු පුවරුව දෙගුණ වුනා.  

Lionel Messiගේ සුපිරි දස්කම් නිසා Barcelonaට ජය

Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වයේ සවියෙන් Real Valladolid ……..

දෙවන අර්ධයේ දී Real Madrid කණ්ඩායමට සිය දෙවන දඬුවම් පහරත් හිමි වුණු අතර මෙවර Karim Benzema එම අවස්ථාව සාර්ථක කර ගත්තා. සර්බියානු ක්‍රීඩක Luka Jovic, අවසන් මොහොතේ Real වෙනුවෙන් සිය පළමු ගෝලයත් වාර්තා කළේ Real Madrid කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට රැගෙන යමින්.

අවසන් ලකුණු තත්වය: Real Madrid 05 – 00 Leganes 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Real Madrid – Rodrygo (7′), Toni Kroos (8′), Sergio Ramos (24′ PEN), Karim Benzema (69′ PEN), Luka Jovic (90’+1′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<