Icardi සහ Kehrer, PSG ජය තහවුරු කරති

124

ප්‍රංශ Ligue 1 තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ලෙස Paris Saint-Germain (PSG) සහ FC Nantes කණ්ඩායම් අතර ඊයේ (04) La Beaujoire ක්‍රීඩාංගණයේ දී පැවති තරගය නිමාවට පත්වූයේ PSG ක්‍රීඩකයින් ගෝල 2-1ක තියුණු ජයක් හිමිකර ගනිමිනි.

රොනාල්ඩෝ නිසා තරග සංවිධායකයන්ට දඩ

පසුගිය වසරේ දකුණු කොරියාවේ සියොල් නගරයේ දී පැවති…….

PSG ක්‍රීඩකයින් තරගයට ප්‍රවේගකාරී අරම්භයක් ලබා ගනිමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ කළත්, එම උත්සාහය සාර්ථක කරගන්නට Nantes ආරක්‍ෂක ක්‍රීඩකයින් අවස්ථාව ලබා දුන්නේ නැත. 

කෙසේ නමුත් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Mauro Icardi තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් PSG ඉදිරියට රැගෙන යන්නට සමත් විය. එහි දී Kylian Mbappe ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවකට Angel Di Maria එල්ල කළ පහරක් Icardiගේ පාදයේ වැදී ගෝල රාමුව තුළට යොමුවීමෙන් එම ගෝලය වාර්තා විය. 

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථා කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත. 

පළමු අර්ධය: Paris Saint-Germain 01 – 00 FC Nantes

PSG හට දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් හිමිකර දුන් Thilo Kehrer විසින් Di Maria කෝනර් අවස්ථාවක් හරහා ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායමේ දෙවන ගෝලයට හිමිකම් කියනු ලැබීය. 

මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ Nantes ක්‍රීඩක Moses Simon විසින් PSG ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබා ගනිමින් එය ඉදිරියට රැගෙන යමින් ඉතා දක්ෂ ලෙස එය ගෝල රාමුව තුළට යොමු කළේ සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයට අවතීර්ණ කරමිනි. 

Spurs හමුවේ City පස්සට යයි

Steven Bergwijnගේ සුපිරි ගෝලයේ පිහිටෙන් Tottenham………..

කෙසේ නමුත් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට දෙපිළේම ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කර ගැනීමට හිමි වූ අවස්ථාවන් ඔවුන් ගෝල බවට පරිවර්තනය කරගන්නට අපොහොසත් වීමත් සමඟ ගෝල 2-1ක් ලෙස මෙම තරගයෙන් තියුණු ජයක් වාර්තා කරගන්නට ප්‍රබල PSG කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 02 – 01 FC Nantes

ගෝල ලාභීන් 

  • PSG – Mauro Icardi 29’, Thilo Kehrer 57’ 
  • FC Nantes – Moses Simon 68’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<