United කලකට පසු සාර්ථක වෙද්දී Arsenal නැවතත් අසාර්ථකයි

65

එංගලන්ත Premier League තවත් වැදගත් උණුසුම් සතියේ තරග කිහිපයක් ඊයේ (27) දිනයේ දී පැවැත්විය.

Lewandowski වාර්තා පිට වාර්තා පිහිටුවද්දී Ronaldo නොමැතිව Juventus පසුබසියි

මේ සති අන්තයේ දී ඉතාලි Serie A පාපන්දු පිටිය …..

ලිවර්පූල් හඹා යාම සාර්ථකයි

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Liverpool ක්‍රීඩා සමාජය සහ Tottenham Hotspur ක්‍රීඩා සමාජය අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Liverpool ක්‍රීඩකයින් සමත් විය. 

තරගය ආරම්භ වී මිනිත්තුවක කාලයක් ගතවන්නටත් මත්තෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට Tottenham ක්‍රීඩක Harry Kane සමත් විය. ඒ Moussa Sissoko ඉතා දක්‍ෂ අයුරින් පන්දුව ඉදිරියට ගෙනගොස් එය Son Heung-min වෙත බාර කිරීමෙන් පසු එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී Kane වෙත යොමු වීමෙන් අනතුරුව ඔහු පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කිරීමත් සමඟයි. 

තරගයේ පළමු අර්ධය පුරාවට Liverpool ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. එහි දී Tottenham ගෝල රකින ක්‍රීඩක Paulo Gazzanigaගේ දක්‍ෂතා කැපී පෙනෙන්නට විය. 

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට තරගයේ සිය පළමු ගෝලය වාර්තා කරගන්නට Liverpool ක්‍රීඩකයින් සමත් විය. එහි දී Liverpool ක්‍රීඩක Fabinho ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් එන් එපිටට යොමු කරන්නට Danny Rose අසමත් වීමත් සමඟ එය ලබා ගත් නායක Jordan Henderson පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීමෙන් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව Sadio Mane හමුවේ Tottenham ක්‍රීඩක Serge Aurier සිය ගෝල රාමු කලාපය තුළ දී සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Liverpool හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළ අතර එය ලබා ගත් Mohamed Salah පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායම පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

පසුව Son විසින් Tottenham වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගත්තත් එය වාර්තා කර ගැනීමේ දී ‘off-side’ නීතිය උල්ලංඝණය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත.

ඒ අනුව මෙම තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් තහවුරු කරගන්නට මෙවර Premier League තරගාවලිය තුළ තවමත් අපරාජිත Liverpool කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: Liverpool 2 – 1 Tottenham Hotspur

ගෝල ලාභීන් 

  • Liverpool – Jordan Henderson 52’, Mohamed Salah 75’ (P)
  • Tottenham Hotspur – Harry Kane 1’

ගෝල ත්‍රිත්ව රැසක් සමඟින් Leicester City නව වාර්තාවක්!

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වන සති අන්තය ……..

Manchester United නැවතත් ජයග්‍රාහී මාවතට

මෙවර තරගාවලියේ තවමත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටින ප්‍රබල Manchester United සහ Norwich City අතර පැවති ඊයේ තරගය නිමාව දුටුවේ Manchester United ක්‍රීඩකයින් ඉන් ගෝල 3-1ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගනිමිනි.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Manchester United ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල 2ක් වාර්තා කරගනන්නට සමත් විය. 

එහි දී Andreas Pereira යොමු කළ පන්දුවකට පහරක් එල්ල කරමින් පළමු ගෝලය Scott McTominay විසිනුත් Daniel James ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවකට Marcus Rashford විසින් ඉතා පහසුවෙන් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් දෙවන ගෝලය ද වාර්තා විය. 

තවදුරටත් පළමු අර්ධයේ Manchester United ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවන් දෙකක් හිමි වූ නමුත් පළමු අවස්ථාවේ දී එය ලබා ගත් Rashford සහ දෙවන අවස්ථාවේ දී එය ලබා ගත් Anthony Martial දෙදෙනාම ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. ඒ Norwich City ගෝල රකින ක්‍රීඩක Tim Krul විශිෂ්ට ගෝල රැකීමක් දියත් කරමින් එම අවස්ථාවන් ද්විත්වයේ දීම ව්‍යර්ථ කර දැමීමත් සමඟ යි.

දෙවන අර්ධයේ දී Rashford ලබා දුන් පන්දුවක් Martial විසින් ඉතා දක්‍ෂ ලෙස Krulගේ ඉහළින් ගෝල රාමුව තුළට යොමු කිරීමත් සමඟ Manchester United තෙවැනි ගෝලය ද වාර්තා විය. 

තරගය අවසන් වන්නට පෙර Onel Hernandez විසින් ඉතා දක්‍ෂ ලෙස පන්දුව ඉදිරියට ගෙනයමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් Norwich City වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගත්ත ද එය Manchester United ජයග්‍රහණය වළකාලන්නට ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව Manchester United මෙම තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. මෙය ඔවුන් පසුගිය Premier League තරග 4 දී ජයග්‍රහණ වාර්තා කරගැනීමට අපොහොසත් වීමෙන් පසුව වාර්තා කර ගත් පළමු ජයග්‍රහණය යි.

සම්පූර්ණ කාලය: Manchester United 3 – 1 Norwich City

ගෝල ලාභීන් 

  • Manchester United – Scott McTominay 21’, Marcus Rashford 30’, Anthony Martial 73’
  • Norwich City – Onel Hernandez 88’

සාන්තුවරුන් සතුටින් විසිර යයි; ශූරතාව සමව බෙදේ

කොළඹ CR&FC ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් අද (25) දිනයේ ………

Arsenal – Crystal Palace තියුණු සටන ජය-පැරදුමෙන් තොරයි 

ප්‍රබල Arsenal ක්‍රීඩා සමාජය සහ Crystal Palace ක්‍රීඩා සමාජය අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Arsenal ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 10 තුළ ගෝල 2ක් වාර්තා කරමින් ඉදිරියට පැමිණෙන්නට සමත් විය.

Crystal Palace ක්‍රීඩකයින්ගේ දුර්වල ආරක්ෂක ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ගනිමින් එහි දී පළමු ගෝලය වාර්තා වූ අතර Granit Xhaka ලබා දුන් පන්දුවක් Sokratis Papastathopoulos විසින් ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා විය. අනතුරුව 

දෙවන ගෝලය වාර්තා වූයේ නැවතත් කෝනර් අවස්ථාවක් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Crystal Palace ක්‍රීඩකයින් විසින් නැවතත් නිසි පරිදි ඉවතට යොමු කිරීමට අසමත් වීමත් සමඟ එය ලබා ගත් David Luiz විසින් පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමිනි. 

අනතුරුව Crystal Palace කණ්ඩායමට ‘VAR’ හරහා පිරිනැමුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් Luka Milivojevic විසින් සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට James McArthur ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් සාර්ථකව එය ගෝල රාමුව තුළට යොමු කළ Jordan Ayew විසින් Crystal Palace දෙවන ගෝලයට හිමිකම් කියමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට අපොහොසත් වීමත් සමඟ තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සම්පූර්ණ කාලය: Arsenal 2 – 2 Crystal Palace

ගෝල ලාභීන් 

  • Arsenal – Sokratis Papastathopoulos 7’, David Luiz 9’
  • Crystal Palace – Luka Milivojevic 32’ (P), Jordan Ayew 52’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<