Bayern, Chelsea හා Manchester Cityට අනපේක්‍ෂිත ප්‍රතිඵල

89

එංගලන්ත Premier League තරගාවලියේ 14 වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 15 වැනි සතියේ හා ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ 13 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (30) දිනයේ දී පැවැත්විය.

Ronaldoගේ වාර්තාවක් Messi අත්පත් කර ගනී

සුපිරි ක්‍රීඩක Lionel Messi, Barcelona වෙනුවෙන් එක් ගෝලයක් වාර්තා කරමින් හා තවත් ගෝල…

රතු කාඩ්පතක් මැද Liverpool අපරාජිතව ඉදිරියටම 

එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Liverpool සහ Brighton කණ්ඩායම් අතර ඊයේ (30) පැවති තරගයෙන් Liverpool ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

Liverpool තරගයේ පළමු අර්ධයේ දී ගෝල දෙකක් වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එම ගෝල දෙකම වාර්තා කර ගනු ලැබුවේ ඔවුන්ගේ පසුපෙළ ක්‍රීඩක Virgil van Dijk විසින් වන අතර එම අවස්ථාවන් දෙකේ දී ම ඔහුට එම ගෝල වාර්තා කරගැනීම සඳහා පන්දු පිරිනමනු ලැබුවේ Trent Alexander-Arnold විසිනි.

දෙවන අර්ධයේ දී Brighton ක්‍රීඩක Adam Webster ඉදිරියට යොමු කළ දීර්ඝ පන්දුවක් ඉවතට යොමුකිරීමට, ඉදිරියට පැමිණි Liverpool ගෝල රකින ක්‍රීඩක Alisson Becker එහි දී Leandro Trossard ගෝල රාමුව දෙසට එල්ල කළ පහර ගෝල රාමු කලාපය පිටත සිට අතින් ඉවතට යොමුකිරීම නිසා ඔහුට රතු කාඩ්පතක් නිකුත් කරන්නට විනිසුරුවරයා කටයුතු කළේය. 

එහි දී ඔවුන්ට ලැබුණු නිදහස් පහර අවස්ථාව සාර්ථක කර ගත් Lewis Dunk විසින් Liverpool ක්‍රීඩකයින්ගේ අවධානය අඩු බවින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

කෙසේ වුවත් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ගෝල කිසිවක් වාර්තා නොවීමත් සමඟ Liverpool හට මෙම තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමි විය.  

සම්පූර්ණ කාලය: Liverpool 2 – 1 Brighton

ගෝල ලාභීන් 

  • Liverpool – Virgil van Dijk 18’, 24’ 
  • Brighton – Lewis Dunk 79’ 

Chelseaට අනපේක්‍ෂිත පරාජයක්

Premier League තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Chelsea සහ West Ham United කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 0-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට West Ham ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත්, ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. එහි දී West Ham ගෝල රකින ක්‍රීඩක David Martinගේ මෙන්ම Chelsea ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalagaගේ ද විශිෂ්ට දක්‍ෂතා කැපී පෙනෙන්නට විය. 

දෙවන අර්ධය ආරම්භයේ දී ම Pablo Fornals විසින් ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ඉදිරියට රැගෙන යමින් ගෝල රාමුව තුළට යොමු කළ Aaron Cresswell විසින් West Ham තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවටම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට කණ්ඩායම් දෙකම අසමත් වීමත් සමඟ ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට West Ham ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Chelsea 0 – 1 West Ham United

ගෝල ලාභීන් 

  • West Ham – Aaron Cresswell 48’

Real Madrid රතු කාඩ්පත නිදහස් පහරකින් අවසන් වේ

ශූරයින්ගේ ලීග් තරගාවලියේ ඉතා වැදගත් තරග කිහිපයක් ඊයේ (26) පැවැත්වුණා…

Manchester City – Newcastle උණුසුම් තරගයක

Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester City හා Newcastle United කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

ප්‍රබල ආරම්භයක් ලබා ගත් Manchester City ක්‍රීඩක Raheem Sterling විසින් David Silva ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය. 

ඊට වහාම පිළිතුරු දැක්වූ ප්‍රතිවාදී ක්‍රීඩක Jetro Willems විසින් Miguel Almiron ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

එතැන් පටන් තරගයේ අවසාන මිනිත්තු කිහිපය දක්වාම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. 

කෙසේ නමුත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ Kevin De Bruyne විසින් ඉතා විශිෂ්ට පහරක් එල්ල කරමින් නැවතත් Manchester City තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

නමුත් ඊට ද වහාම පිළිතුරු දැක්වූ Jonjo Shelvey විසින් Christian Atsu නිදහස් පහර අවස්ථාවක් හරහා ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කරමින් ගෝල 2-2ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester City 2 – 2 Newcastle United 

ගෝල ලාභීන් 

  • Manchester City – Raheem Sterling 22’, Kevin De Bruyne 82’
  • Newcastle United – Jetro Willems 25’, Jonjo Shelvey 88’ 

Tottenhamට තවත් ජයග්‍රහණයක්

Premier League තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Tottenham Hotspur සහ Bournemouth කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 3-2ක තියුණු ජයක් හිමිකර ගන්නට Tottenham Hotspur ක්‍රීඩකයින් සමත් විය. 

Tottenham හට තරගයට ප්‍රබල ආරම්භයක් ලබා දුන් Dele Alli පළමු අර්ධයේ දී හා දෙවන අර්ධයේ දී ගෝලය බැගින් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමට ගෝල 2ක වාසියක් හිමිකර දෙන්නට සමත් විය. 

අනතුරුව ක්‍රියාත්මක වූ Moussa Sissoko විසින් Son Heung-min ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කරමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තවත් ඉහළට රැගෙන යනු ලැබීය. 

පසුව Bournemouth තරගයට අවතීර්ණ කරමින් ආදේශක ක්‍රීඩක Harry Wilson ගෝල ද්විත්වයක් වාර්තා කර ගනු ලැබුවත් එය Tottenham ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය වළකාලන්නට ප්‍රමාණවත් වූයේ නැත. 

ඒ අනුව මෙම තරගය අවසන් වූයේ Tottenham ක්‍රීඩකයින් මෙහි දී ගෝල 3-2ක ජයග්‍රහණයක් වාර්තා කරගනිමිනි. 

සම්පූර්ණ කාලය: Tottenham Hotspur 3 – 2 Bournemouth 

ගෝල ලාභීන් 

  • Tottenham Hotspur – Dele Alli 21’, 50’, Moussa Sissoko 69’ 
  • Bournemouth – Harry Wilson 73’, 90+6’ 

අවසන් මිනිත්තුවේ ගෝලයෙන් Manchester United ජය අවහිර වෙයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරග දිනයේ තරගයක් ලෙස ප්‍රබල…

Real Madridට Alavesගෙන් ප්‍රබල අභියෝගයක්

ස්පාඤ්ඤ La Liga තරගාවලිය යටතේ ප්‍රබල Real Madrid සහ Alaves කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Real Madrid ක්‍රීඩකයින් සමත් විය. 

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී Real Madrid හට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් ලබා ගත් Toni Kroos විසින් ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට Sergio Ramos සමත් විය. පසුව Ramos විසින් Joselu Sanmartin හමුවේ සිය දඬුවම් පහර කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Alaves හට පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක කර ගත් Lucas Perez තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ Dani Carvajal විසින් Real Madrid දෙවන ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ව නැවතත් තරගයේ පෙරමුණට රැගෙන එනු ලැබීය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට Alaves ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථා කිහිපයක දීම ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට අසමත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගන්නට Real Madrid සමත් විය. 

සම්පූර්ණ කාලය: Real Madrid 2 – 1 Alaves

  • Real Madrid – Sergio Ramos 52’, Dani Carvajal 69’ 
  • Alaves – Joselu Sanmartin 65’ (P)

Dortmund රතු කාඩ්පත හමුවේත් Hertha අසාර්ථකයි

ජර්මානු Bundesliga තරගාවලිය යටතේ ප්‍රබල Borussia Dortmund සහ Hertha කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-1ක ජයක් තහවුරු කරගන්නට Dortmund ක්‍රීඩකයින් සමත් විය. 

Dortmund ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 20 තුළ ගෝල දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. Jadon Sancho සහ Thorgan Hazard විසින් පිළිවෙළින් එම ගෝල වාර්තා කර ගනු ලැබීය. 

කෙසේ නමුත් පසුව ක්‍රියාත්මක වූ Vladimir Darida විසින් Hertha වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

අනතුරුව තරගයේ 45 වැනි මිනිත්තුවේ දී Dortmund පසුපෙළ ක්‍රීඩක Mats Hummels හට තරගයේ දෙවැනි කහ කාඩ්පත නිකුත් වීම හරහා එය රතු කාඩ්පතක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදු විය. 

ඒ අනුව Hertha ක්‍රීඩකයින් හට තරගය ජයග්‍රහණය කරන්නට ඉතා හොඳ අවස්ථාවක් හිමිව තිබුනත් දෙවන අර්ධය තුළ ඔවුන් කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට අපොහොසත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නට Dortmund ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Borussia Dortmund 2 – 1 Hertha

  • Borussia Dortmund – Jadon Sancho 15’, Thorgan Hazard 17’ 
  • Hertha – Vladimir Darida 34’ 

Leverkusen හමුවේ Bayern Munich අසාර්ථකයි

ජර්මානු Bundesliga තරගාවලිය යටතේ ප්‍රබල Bayern Munich සහ Bayer Leverkusen කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 1-2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Leverkusen ක්‍රීඩකයින් සමත් විය. 

කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි Leverkusen හට පළමු අර්ධයේ දීම තරගයට ප්‍රබල ආරම්භයක් හිමි කර දුන් Leon Bailey විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනු ලැබීය.

මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ Thomas Muller විසින් Bayern Munich වෙනුවෙන් ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

කෙසේ නමුත් ඊට වහාම පිළිතුරු දැක්වූ Bailey විසින් Leverkusen දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබුවේ ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

අනතුරුව දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට සමත් නොවූ අතර එහි අවසන් භාගයේ දී Leverkusen ක්‍රීඩක Jonathan Tah හට නිකුත් වූ රතු කාඩ්පතෙන් ද ප්‍රයෝජන ලබා ගනිමින් Bayern Munich ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට අසමත් වීමත් සමඟ Leverkusen ක්‍රීඩකයින් හට මෙම තරගයෙන් ගෝල 1-2ක ජයක් හිමි විය. 

සම්පූර්ණ කාලය: Bayern Munich 1 – 2 Bayer Leverkusen

ගෝල ලාභීන් 

  • Leverkusen – Leon Bailey 10’, 35’
  • Bayern Munich – Thomas Muller 34’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<