Lewandowski වාර්තා පිට වාර්තා පිහිටුවද්දී Ronaldo නොමැතිව Juventus පසුබසියි

81

මේ සති අන්තයේ දී ඉතාලි Serie A පාපන්දු පිටිය මෙන්ම, ජර්මානු Bundesliga, ස්පාඤ්ඤ La Liga හා ප්‍රංශ Ligue 1 පාපන්දු පිටිත් ඉතාම උණුසුම් වුනා.

Juventus හා Lecce අතර

කිසිවෙකුත් නොසිතු ලෙස Juventus හා Lecce අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා. 

Paulo Dybalaගේ දඬුවම් පහර නිසා ඉතාලි ශූරයින් දෙවන අර්ධය ආරම්භයේ දී ම ඉදිරියට ගියත්, Lecce නායක Marco Mancosu ඉතා ඉක්මනින් දඬුවම් පහරකින් ගෝල සම කළා.   

Maurizio Sarri යටතේ මේ වන විට Serie තරගාවලිය පුරා අපරාජිතව සිටින Juventus කණ්ඩායම මෙම තරගයට පැමිණියේ අඛණ්ඩ තරග හතක ජයග්‍රහණ සමඟින් වීම විශේෂත්වයක්.

Video – MESSIගේ ලෝක වාර්තාව!; Mbappeගේ ගෝල ත්‍රිත්වය | Champions League 2019/20 | Football ලෝකය | Football Lokaya

සුපිරි ක්‍රීඩක Lionel Messiගේ තවත් වාර්තාවක් සමඟින් ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය …

කෙසේ වෙතත් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නොමැතිව Juventus මේ තරගයේ දී දැඩි පීඩනයකට ලක් වීම කැපී පෙනුණා. Ronaldo මේ තරගයේදී විවේක ගන්වා තිබුණා.

අවසන් ලකුණු තත්වය: Juventus 01 – 01 Lecce 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ 

  • Juventus – Paulo Dybala (50′ PEN)
  • Lecce – Marco Mancosu (56′ PEN)

Robert Lewandowskiගේ සුපිරි දස්කම් දිගටම

Bundesliga ඉතිහාසයේ තරග වාරයක පළමු තරගය නවයේ දී ම ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වන්නට Bayern Munich කණ්ඩායමේ Robert Lewandowski සමත් වුනා. ඒ Union Berlin හා Bayern Munich අතර ඊයේ (26) පැවති තරගයක දීයි. Bayern තරගය ගෝල 2-1ක් ලෙස ජය ගත්තා.

මෙවර තරග වාරයේ සියලුම ශූරයින්ගේ ලීග් තරගාවලියේ තරගවල හා ජර්මානු කුසලාන තරගවල ගෝල වාර්තා කර ඇති Lewandowski සිය ගෝල සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ දමමින් මෙවර තරග වාරයේ 13 වැනි ලීග් ගෝලය මේ තරගයේ දී වාර්තා කළා.

ඒ අනුව 2015/16 තරග වාරයේ පළමු තරග 8 දී ම ගෝල වාර්තා කරමින් Pierre-Emerick Aubameyang තබා තිබූ වාර්තාව ඔහු බිඳ දැමුවා.

Benjamin Pavard මීටර 17ක් පමණ ඈත සිට සුපිරි ප්‍රහාරයකින් 13 වැනි මිනිත්තුවේ සිට තරගයේ පළමු ගෝලය වාර්තා කළා. එතැන් සිට පළමු අර්ධය පුරාවටම Bayern කණ්ඩායමට සුපුරුදු දස්කම් දක්වන්නට හැකි වුනේ නැහැ. ප්‍රතිවාදීන් ඔවුන්ට එරෙහිව ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වුනා.

Manuel Neuer ඊට මිනිත්තු තුනකට පසුව දඬුවම් පහරක් ආරක්ෂා කළත් 85 වැනි මිනිත්තුවේ දී Sebastian Polter ලබා ගත් දඬුවම් පහර නම් ඔහුට නවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

Lionel Messi තවත් වාර්තාවක්; Liverpoolට සුපිරි ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි තරග දිනය මේ දිනවල පැවැත්වෙනවා. තරගාවලියේ …

Lewandowski 53 වැනි මිනිත්තුවේ වාර්තා කළ සුපිරි ගෝලයෙන් තරගයේ Bayern ජය ස්ථිර වුනා.

අවසන් ලකුණු තත්වය: Union Berlin 01 – 02 Bayern Munich

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Bayern Munich – Benjamin Pavard (13′) Robert Lewandowski (53′)
  • Union Berlin – Sebastian Polter (86′ PEN)

Schalke හා Borussia Dortmund අතර

Schalke හා Borussia Dortmund අතර තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ පහළට වැටීම විශේෂත්වයක්.

Schalke කණ්ඩායමේ උත්සාහයන් දෙකක් ගෝල රාමුවේ වැදී අවාසනාවන්ත ලෙස ඉවත ගිය අතර Dortmund කණ්ඩායමට මේ තරගය පුරා එතරම් දස්කම් දක්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.  

Schalke කණ්ඩායම මිට පෙර අඛණ්ඩව තරග හතරක් ජයගෙන තිබුණු අතර ඔවුන්ගේ අවසන් තරග දෙක නම් එතරම් සාර්ථක වුනේ නැහැ. දෙවන අර්ධයේ දී ඔවුන්ට ගෝලයක් රැස් කර ගැනීමට අලංකාර අවස්ථාවක් ලැබුනත් යොවුන් ක්‍රීඩක Rabbi Matondoට එම අවස්ථාව සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ, 

අවසන් ලකුණු තත්වය: Schalke 00 – 00 Borussia Dortmund 

Athletico Madrid හා Athletic Bilbao අතර

Athletic Bilbao කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කළ Athletico Madrid කණ්ඩායම ඊයේ අඛණ්ඩ තරග තුනක තරග සම වීමේ වාර්තාවට තිත තැබුවා.

Saul Niguez හා Alvaro Morataගේ සුපිරි ගෝල ද්විත්වය නිසා Atletico කණ්ඩායම Barcelona හඹා එමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා 

Saul පළමු අර්ධයේ මිනිත්තු 30ක් නිමා වීමට පෙර තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර 64 වැනි මිනිත්තුවේ දී Morata දෙවන ගෝලයත් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය ස්ථිර කළා. 

අවසන් ලකුණු තත්වය: Athletic Bilbao 00 – 02 Athletico Madrid

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්

  • Athletico Madrid – Saúl (28) Morata (64)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<