එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතා වැදගත් තරග කිහිපයක් ගෙවුණු සති අන්තයේ දී පැවැත්වුණා.

Liverpool ප්‍රහාරයෙන් ප්‍රබල Manchester Cityට අසාධ්‍යයි 

වත්මන් ශූර Manchester City පරාජය කරමින් Liverpool ගෝල 3-1ක් ලෙස ජයක් වාර්තා කළා. ඒ අනුව ප්‍රිමියර් ලීග් ලකුණු සටහනේ පළමු ස්ථානය ඔවුන් තවදුරටත් රඳවා ගැනීම විශේෂත්වයක්.

Fabinho, Liverpool වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර සයවැනි මිනිත්තුවේ දී යාර 25ක සීමාවේ සිට අලංකාර ලෙස ගෝල රාමුවේ පහළ කෙළවරට පන්දුව යොමු කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා. Mohamed Salah ඊට මිනිත්තු හතකට පසුව Liverpool ලකුණු පුවරුව දෙගුණ කළ අතර Andy Robertsonගේ හරස් පන්දු යොමු කිරීමක් ඔහු දක්ෂ ලෙස ගෝල රාමුව තුළට එල්ල කළා.

මෙසීගේ ගෝල 3න් Barcelonaට ජය

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයට පසුව මේ සති අන්තයේ දී ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය….

51 වැනි මිනිත්තුවේ දී Liverpool සිය තෙවැනි ගෝලය වාර්තා කළා. Claudio Bravoට Sadio Maneගේ හිසෙන් පන්දුව යොමු කිරීම වැළැක්වීමට නොහැකි වූ අතර Jordan Hendersonගේ අලංකාර හරස් පන්දු යොමු කිරීමෙන් Mane එම ගෝලය වාර්තා කළා. 78 වැනි මිනිත්තුවේ දී Bernardo Silva, City වෙනුවෙන් ගෝලයක් වාර්තා කළත් තරගය ජය මාවතට යොමු කරන්නට City ක්‍රීඩකයින් කිසිවෙකුත් සමත් වුනේ නැහැ. 

අවසන් ලකුණු තත්වය: Manchester City 01 – 03 Liverpool 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Fabinho 6′, Mohamed Salah 13′, Sadio Mané 51′
  • Manchester City – Bernardo Silva 78′

United කණ්ඩායමට දැවැන්ත ජයක්

Marcus Rashfordගේ මෙවර තරග වාරයේ සයවැනි ප්‍රිමියර් ලීග් ගෝලයත් සමඟින් Manchester United ගෝල 3-1ක් ලෙස Brighton & Hove Albion පරාජය කළා.  

Andreas Pereira 17 වැනි මිනිත්තුවේ දී United ඉදිරියට ගෙන ආවේ බිම දිගේ මෙන් එල්ල කළ ප්‍රහාරයකින්. ඊට මිනිත්තු දෙකකට පසුව United ලකුණු පුවරුව දෙගුණ වූ අතර Fredගේ නිදහස් පහරක් Harry Maguire විසින් ගෝල රාමුව වෙත එල්ල කළ අතර Brighton ආරක්ෂක ක්‍රීඩක Davy Propperගේ වැදී පන්දුව ගෝල රාමුව තුළට ගියේ Own Goal අවස්ථාවක් තහවුරු කරමින්.   

Juventus අවසන් 16ට යද්දී Real Madridට දැවැන්ත ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයේ දෙවන අදියර ඊයේ (6) පැවැත්වුනා. කලකට පසුව Real Madrid….

64 වැනි මිනිත්තුවේ දී Lewis Dunk, Pascal Grossගේ නිදහස් පහරක් සිය හිසෙන් දැල වෙත යොමු කරමින් තරගයේ එකම Brighton ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත් ඊට මිනිත්තු දෙකකට පසුව Rashford තුන්වැනි United ගෝලයත් වාර්තා කළේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කරමින්.    

අවසන් ලකුණු තත්වය: Manchester United 03 – 01 Brighton & Hove Albion

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester United – Andreas Pereira 17′, Davy Pröpper 19′ (og), Marcus Rashford 66′
  • Brighton & Hove Albion – Lewis Dunk 64′

Ronaldo වෙනුවට පැමිණි Dybala ජය වාර්තා කරයි

ගෝල 1-0ක් ලෙස AC Milan කණ්ඩායම පරාජය කළ Juventus දිගටම Serie A ලකුණු සටහනේ පළමු ස්ථානයේම රැඳී සිටින්නට සමත් වුනා. තරගය අතරතුර දී Juventus කණ්ඩායම විසින් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට ගත් තීරණයට ඔහු විරෝධය දක්වමින් පිටියෙන් ඉවත් වීම කැපී පෙනුණා.    

කණ්ඩායම් දෙකම පළමු අර්ධයේ දී ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර තරගයේ එකම ගෝලය වාර්තා කළේ 77 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Paulo Dybala විසින්. 55 වැනි මිනිත්තුවේ දී Ronaldo වෙනුවට පිටියට පැමිණියේ Paulo Dybala විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: AC Milan 00 – 01 Juventus

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Paulo Dybala (77′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<