මේසපන්දුවට අලුත් පුහුණුකරුවෙක්

93

එළඹෙන දෙසැම්බර් මාසයේ දී නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙකු බඳවා ගැනීමට තීරණය කර තිබේ. 

යුද හමුදා මෙහෙයුම සාර්ථකයි!

බස්නාහිර පළාත් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරගයක් ඊයේ (18) CR&FC ක්‍රීඩා පිටියේ දී …

ඒ අනුව ආසියානු මේසපන්දු සංගමයේ සංවර්ධන ක්‍රියාවලිය යටතේ මෙරට ජාතික ඔලිම්පික් කමිටුව හා මේස පන්දු සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බෙලරූස් ජාතික ජාත්‍යන්තර මේසපන්දු පුහුණුකරුවෙකු වන Aleksey Yefremov මහතා මෙරට මේස පන්දු පුහුණුකරු ලෙස නම් කර තිබේ. ඔහු ශාරීරික අධ්‍යාපනය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙකු ද වේ. 

1975 වසරේ බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක්හි උපත ලැබූ Aleksey මහතාගේ පවුල මේසපන්දු ක්‍රීඩාව සඳහා කැපවූ පවුලකින් පැවත එන පුද්ගලයෙකි. 

ඔහුගේ පියා USSR ජාතික කණ්ඩායමේ නායකයා මෙන්ම බෙලරූස් ජාතික කණ්ඩායමේ ද නායකත්වය දරා ඇත. Aleksey මහතාගේ සහෝදරිය බෙලරූස් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. 

කනිෂ්ඨ මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ Aleksey මහතා බෙලරූස් කනිෂ්ඨ ජාතික කණ්ඩායම හා 21න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව මේසපන්දු පුහුණුකරුවෙකු වීමට තීරණය කළ ඔහු මේසපන්දු පුහුණුකරුවෙකු වීම සඳහා උපාධියක් හදාරා ඇති අතර ශාරීරික අධ්‍යාපනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය හදාරා එහි මහාචාර්යවරයෙකු බවට පත්ව ඇත. 

එරට ජාතික විශ්වවිද්‍යාලයක වසර 4ක අධ්‍යාපනයක් ලබා ඇති ඔහු ඉන් අනතුරුව 2008 වසරේ දී ITTF Level 2 පුහුණුකරුවෙකු ලෙස ස්වීඩනයේ පුහුණුව ලබා ඇත. 2012 වසරේ දී ITTF Level 3 පුහුණුව මලයාසියාවේ දී ලබාගෙන ඇත. 

මේසපන්දු පුහුණුකරුවෙකු ලෙස වසර 23ක අත්දැකීම් සහිත Aleksey මහතා මහද්වීප 4ක පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. ආසියාව, යුරෝපය, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු රටවල ප්‍රබල ක්‍රීඩකයන් සඳහා පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අත්දැකීම් ද සහිත ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයේ සිටින ඕමාර් අසාර් හා 33 වැනි ස්ථානයේ සිටින ඩීනා මෙශ්‍රෆ් සමඟ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 

තීරණාත්මක සටන සඳහා වේල්ස් ප්‍රබලයාගේ සහභාගීත්වය තහවුරු වේ

යම් හෙයකින් වේල්ස් Fly Half ක්‍රීඩක Dan Bigger තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූවා නම් නියත…

1997 සිට 2004 වසර දක්වා වසර 7ක් ක්‍රොඒෂියාවේ ජාතික පුහුණුකරු ලෙස Aleksey මහතා කටයුතු කර ඇත. මීට අමතරව ජාතික කණ්ඩායම් කීපයකම පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත. 

ඒ අනුව 2004 – 2007 කාලය තුල ග්වාතමාලාවේ ද, 2008 වසරේ ඉන්දීයාවේ ද, 2009 – 2011 වසරව ලදී ඊජිප්තුවේ ද, 2011 – 2013 කොලොම්බියාවේ ද, 2013 – 2015 පේරු හිද, 2016 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද පුහුණුකරු ලෙස Aleksey මහතා කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීමට පෙර ඔහු 2017 වසරේ සිට නෝර්වේ හා අයිස්ලන්ත පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී. 

2008 වසරේ ITTF පුහුණුකරුවෙකු ලෙස කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව Aleksey මහතා ITTF හා ETTU පුහුණුකරු දේශන, සම්මන්ත්‍රණ හා පුහුණු කඳවුරු 50කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇත. 

ALeksey මහතා මෙම වසරේ ඔක්තෝබර් මස 19 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<