තරගාවලියේ අවසන් මහා තරග වටය පෙනෙන තෙක් මානයේ තිබිය දී එයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩයම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරගවදී. මේ වන විට අවසන් පූර්ව වටයේ තරග 4-0ක් ලෙස ජය ගෙන අවසන් මහා තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ගියවර ශූරයින් හා අනුශූරයින් සමත් වී ඇත.

1විශේෂ සිදුවීම වනුයේ මෙම කණ්ඩායම දෙකම තමන් සහභාගි වූ තරග 8ම ජය ගැනීමයි. අවසන් වරට මෙම දස්කම එක් තරග වාරයක දී ප්‍රදර්ශනය කරන ලද්දේ 1989 වර්ෂයේ දී ය.

ක්ලිව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමට (2) එරෙහිව ටොරන්ටෝ රැප්ටර්ස් කණ්ඩායම (3)

ගියවර තරගාවලියේ ශූරයින් වූ කැවලියර්ස් කණ්ඩයම පිට පිටම තෙවන වරටත් නැගෙනහිර කාණ්ඩයේ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

නිමා වූ තරග වාරයේ නැගෙනහිර කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී, මෙම කණ්ඩයම් 2  මුණ ගැසුණු අවස්ථාවේ දී තරගය 4-2ක් ලෙස ජය ගන්නට කැවලියර්ස් කණ්ඩායම සමත් විය.

කැනඩාව නියෝජනය කරන ටොරන්ටෝ රැප්ටර්ස් කණ්ඩායම මෙවර තරග වටයට එක්වූයේ තම ක්‍රීඩකයින්ගේ ආබාධ කිහිපයක් සමඟ වීම ඔවුන්ගේ පසුබෑමට තවත් හේතුවක් විය.

2පළමු තරග 2 සඳහා කැවලියර්ස් කණ්ඩායම සත්කාරකත්වය දැක්වූ අතර පළමු තරගය ලකුණු 116-105ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වූ අතර දෙවන තරගය ලකුණු 125-109ක් ලෙස ද ජය ගැනීමට ඔවුන් සමත් විය. රැප්ටර්ස් කණ්ඩායම සත්කාරකත්වය දැරූ තෙවන හා සිව්වන තරග පිළිවෙළින් ලකුණු 115-94ක් හා 109-102ක් ලෙස ජය ගැනීමට කැවලියර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහී කැවලියර්ස් කණ්ඩායම පළමු වටයේ දී 4-0ක් ලෙස ඉන්දියානා පෙසර්ස් කණ්ඩයම පරාජය කිරීමට සමත් වූ අතර නිමා වූ තරග 8 තුල දී ලකුණු 3 විසිකිරීම් සාර්ථක වීමේ ප්‍රතිශතය මත ඉදිරියෙන් සිටීමට ද ඔවුන් සමත් වී ඇත (46%). එසේම කණ්ඩායම තරගයකට ලකුණු 114ක ලකුණු සාමාන්‍යයක් ද රදවාගෙන ඇති අතර ජයග්‍රාහී පරතරය ලකුණු +9.6 ලෙස පවත්වාගෙන ඇත. එම තරග වටයේ දී කැවලියර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගේ සාමාන්‍යයෙන් මෙසේයි.T1

කැනඩාව නියෝජනය කරමින් තරගාවලියට එක්වන රැප්ටර්ස් කණ්ඩායම මෙවර තරග වාරය අතරතුර දී තම කණ්ඩායමට අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ලබා ගතත් එයින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වීම කණගාටුවට කරුණකි.T2

ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායමට (1) එරෙහිව යූ’ටාහා ජෑස් කණ්ඩායම(5)

බටහිර කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳී සිටින ගෝල්ඩන් ස්ටේට් කණ්ඩායම තමන් සහභාගී වූ අවසන් පූර්ව වටයේ දී 4-0ක් ලෙස යූ’ටාහා ජෑස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. මෙහි දී ගියවර අනුශූරයන් වූ වොරියර්ස් පිල‍ෙහි ප්‍රධාන පුහුණුකරු ස්ටීව් ක’ර් පිටකොන්දේ හට ගත් ආබාධයක් හේතුවෙන් තරගයට කණ්ඩායම සමඟ එක්වූයේ නැත. මෙහි දී කණ්ඩයම හැසිර වීමේ වගකීම සහය පුහුණුකරු මයික් බ්‍රවුන් හට පැවරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කරන ලදි.

3වොරියර්ස් කණ්ඩායම සත්කාරකත්වය දැරූ පළමු තරග 2 පිළිවෙළින් ලකුණු 106-94ක් හා ලකුණු 115-104ක් ලෙස ජය ලැබීමට ඔවුන් සමත් වූ අතර ජෑස් කණ්ඩයම සත්කාරකත්වය දැරූ තෙවන හා සිව්වන තරග ලකුණු 102-91ක් හා ලකුණු 121-95ක් ලෙස ජය ගන්නට වොරියර්ස් පිල නැවත සමත් විය. මෙම තරග 4 පුරාවටම ජෑස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ විනාඩි 4ක් පමණක් වීම විශේෂ සිදුවීමකි. වොරියර් කණ්ඩයම වෙනුවෙන් ගෙවී ගිය තරග 4ක දී මෙම ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය.T3

නවක ක්‍රීඩකයින් හා වයස අවුරුදු 25ට වඩා අඩු ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ජෑස් කණ්ඩායම වොරිර්ස් කණ්ඩායමට විශාල අභියෝගයක් ලබා දීමට අපොහොසත් විය. මෙහි දී ගෝර්ඩන් හේ’ව(ර්)ඩ්, ජෝ ජොන්සන් හා රූඩි ගොබෙර්ට්ගේ දක්ෂතා කැපී පෙනෙන්ට විය. ඔවුන් පළමු වටයේ දී ප්‍රබල ක්ලිපස්ර්ස් පිල 4-3ක් ලෙස පරාජය කරන ලදි.T4

සැන් අන්තෝනියෝ ස්පර්ස් කණ්ඩායමට(2) එරෙහිව හියුස්ටන් රොකට්ස් කණ්ඩායම(3)

තරග 4 අවසන් වන විට කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජය ලබාගෙන සිටින අතර 5වන තරගය සඳහා ස්ප්ර්ස් කණ්ඩායම සත්කාරකත්වය දැරීමට නියමිතව ඇත. මෙම තරග වටය ජය ගන්නා කණ්ඩායම වොරියර්ස් කණ්ඩායම සමඟ බටහිර කාණ්ඩයේ අවසන් මහා තරග වටයේ දී තරග වදියි.

පළමු තරග 2 සඳහා ස්ප්ර්ස් කණ්ඩායම සත්කාරකත්වය දැරූ අතර මෙහි දී පළමු තරගය ලකුණු 129-99ක් ලෙස ජය ගන්නට රොකට්ස් කණ්ඩායම සමත් වූ අතර දෙවන තරගය ස්ප්ර්ස් කණ්ඩයම 121-96ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ තම ප්‍රබලත්වය විදහා දක්වමිනි.

තෙවන හා සිව්වන තරග සඳහා රොකට්ස් කණ්ඩායම සත්කාරකත්වය දැරූ අතර තෙවන තරගය ද ලකුණු 103-92ක් ලෙස ජය ගැනීමට ස්පර්ස් කණ්ඩයම සමත් විය. කෙසේ නමුත් සිව්වන තරගය ලකුණු 124-104ක්  ලෙස ජය ගත් රෝකට්ස් පිල තරග වටය තරග 2-2ක් ලෙස සම කිරීමට සමත් විය.

තරග 4 අවසන් වන විට ස්පර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙසේය.T5

4සිව්වන තරගයේ දී රොකට්ස් ඉදිරිපෙළ ක්‍රීඩක නෙනේ (Nene) ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉතිරි තරග සියල්ලම ඔහුට අහිමි විය. එසේම ස්පර්ස් ප්‍රබල ක්‍රීඩක ටෝනි පාකර් දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තරගාවලියම අහිමි වනු ඇත. මෙය ස්පර්ස් ඉදිරි ගමනට දැනටමත් බලපෑම් එල්ල කිරීමට සමත් වී ඇත.

රොකට්ස් කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් මෙසේය.T6

බොස්ටන් සෙල්ටික්ස් කණ්ඩායමට (1) එරෙහිව වොෂිටන් විසර්ඩ් කණ්ඩායම (4)

5තරග වටයේ පළමු තරග 2 සඳහා සෙල්ටික්ස් කණ්ඩායම සත්කාරකත්වය ඉසිලු අතර එම තරග 2 පිළිවෙළින් ලකුණු 123-111ක් හා 129-119ක් ලෙස ජය ගැනීමට සමත් විය. නමුත් විසර්ඩ් කණ්ඩායම සත්කාරකත්වය දරන ලද තෙවන හා සිව්වන තරග ලකුණු 116-86ක් හා 121-102ක් ලෙස පරාජය වීමට සෙල්ටික්ස් පිලට සිදු විය. පස්වන තරගය සඳහා සෙල්ටික්ස් පිල සත්කාරකත්වය දරනු ඇත.

නිමා වූ තරග 4 තුල දී සෙල්ටික්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් මෙසේය.T7

වොෂින්ටන් විසර්ඩ් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහත වේ.T8

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට