10 වන සතියේ තරග ආරම්භයට පෙර 9 සතියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මත සතියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බටහිර කාණ්ඩයෙන් (Western Conferance) Golden State Warriors කණ්ඩායම නියෝජනය කරන ස්ටේෆෙන් ක’රි (Stephen Curry) ද, නැගෙනහිර කාණ්ඩයෙන් (Eastern Conferance) Chicago Bulls කණ්ඩායම නියෝජනය කරන ජිමී බට්ලර් (Jimmy Butler) ද තෝරාගනු ලැබිණි.

10 වන සතියෙහි තරග අතරින් අඟහරුවදා පැවති New Orleans Pelicans හා Newyork Knicks අතර තරගය කාගේත් අවදානයට ලක්විය. ඒ අන් කිසිවක් නිසා නොව තරගය ආරම්භවීමට මොහොතකට පෙර සිටම Newyork Knicks ක්‍රීඩක ඩෙරික් රෝස් (Derrick Rose) පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම නිසාවෙනි.

fdsafdfdsfතරගයට පසු දින මාධ්‍ය වෙත පෙනී සිටිමින් අදහස් දැක්වූ ඩෙරික් රෝස් (Derrick Rose) පවසා සිටියේ තම පවුලේ පුද්ගලික කටයුත්තක් සදහා කණ්ඩායමට නොදන්වා පිටවූ බවත්, ඒ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවත් ය.

මෙලෙස තරගය හැරයාම කණ්ඩායමේ පුහුණුකරු, කළමනාකරුවන් මෙන්ම ක්‍රීඩාලෝලීන් ද හෙලා දැක ඇත.

ඩෙරික් රෝස් 2009 වසරේ Chicago Bulls කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (MVP) ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඒ මෙම සම්මානය දිනාගත් ලාබාලතම ක්‍රීඩකයා වීමේ භාග්‍යය ද හිමිකරගනිමිනි.

2012 වසරේදී දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ ඔහු, නැවත 2013 තරග වාරයේ සිට Chicago Bulls කණ්ඩායම නියෝජනය කලත්, නැවතත් ඔහුට ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රිද්මයට පැමිණීමට හැකිවෙයිද යන්න ප්‍රශ්නාර්ථයක් විය. කෙසේනමුත් 2016 වසරේ අවසන් කාර්තුවේදී ඔහු තම කණ්ඩායමෙන් ඉවත්වී Newyork Knicks කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කලේය. ඒ මෙම තරගවාරය සඳහා පමණක් ඇ.ඩො. මිලියන 21ට අධික මුදලක් සඳහායි.

තරගයේ පළමු අර්ධය අවසන් වුයේ ලකුණු 60 – 51 වශයෙන් ප්‍රතිවාදී Orleans Pelicans කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

තරගයේ දෙවන භාගයේදි Newyork Knicks සුපිරි ක්‍රීඩක ක’මෙලෝ ඇන්තනි (Carmelo Anthoney) විසින් කිහිපවරක්ම විනිසුරු තීරණයන් පිළිබඳ ප්‍රශ්න කිරීම හා වාද කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙම තරගවාරයේදී පමණක් ඔහුව තරගයකින් ඉවත් කළ 3 වන අවස්ථාව මෙය වේ. තම ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන ක’මෙලෝ ඇන්තනිගේ ඉවත්වීම හා ඩෙරික් රෝස්ගේ අඩුවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් New Orleans Pelicans කණ්ඩායම, තරගය ලකුණු 110 – 96ක් ලෙස ජයග්‍රහණය කිරී;මට සමත්විය.

මෙහිදී Pelicans කණ්ඩායම වෙනුවෙන් ඇන්තනි ඩේවිස් (Anthony Davis) ලකුණු 40ක් හා නැවත ලබා ගැනීම් (Rebounds) 18ක් ද වාර්තා කරන ලදී. Newyork Knicks කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ජෙනින්ග්ස් (Brandon Jennings) ලකුණු 20ක් වාර්තා කලේය.

කයිල් කොවර් (Kyle Kover) ගේ එක්වීමත් සමගම පසුගිය තරගවාරයේ ශූරයන් වූ Cleveland Cavalires කණ්ඩායමට පිට පිට තරග දෙකකදී පරාජයන්ට උරුමකම් කියන්නට සිදුවිම පසුගිය සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමකි.

මේ පරාජයන් බොහෝ ක්‍රීඩා විචාරකයන් පවා විමතියට පත්කරන්නට සමත් විය. මන්දයත් කයිල් කොවෙර්ගේ ආගමනය ගියවර ශූරයන්ට මෙවර ශූරයන් වීමට තවත් අත්වැල් සැපයීමක් වන බැවිනි. එහෙත් ආක්‍රමණශීලි ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින කයිල් කොවර් හට මෙම තරග දෙකේදීම ලබාගත හැකි වුයේ ලකුණු 5ක් පමණි. පසුගිය සතියේ බදාදා ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී Utaha Jazz කණ්ඩායමට එරෙහිව තියුණු තරගයකින් 92 – 100ක් ලෙස පරාජයෙන් සෑහීමකට පත්වන්නට ඔවුන්ට සිදුවිය.

sfdsfdsfsffකණ්ඩායම් දෙක අතර පළමු අර්ධය නිමාවන විට ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 41 – 49ක් ලෙස ගියවර ශූරයන් ලකුණු 8ක් පසුපසින් සිටිමිනි.

Cleveland Cavalires කණ්ඩායම වෙනුවෙන් ගියවර අවසන් මහා තරගාවලියේ වීරයා වූ ලේබ්රෝන් ජේම්ස් (LeBron James)  තම දක්ෂතා විදහා දක්වමින් ලකුණු 29ක් හා විශිෂ්ට පන්දු හුවමාරු කිරීම් (Assist) 5ක් වාර්තා කරන ලදී.

ජයග්‍රාහී  Utah Jazz කණ්ඩායම වෙනුවෙන් ගොර්ඩන් හයිවර්ඩ් (Gordan Hayward) ලකුණු 28ක් රැස්කරගන්නා ලදී.

පසුදිනයේ පැවති තරගයේදී Portland Trail Blazers කණ්ඩායම හමුවේ තරගවාරයේ 10 වන පරාජය වැලදගන්නට ඔවුන්ට සිදු විය. මෙම තරගයේදීත් Cleveland Cavalires කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 100කට වඩා අඩුවෙන් වාර්තා වීම කැපිපෙනෙන සිදුවීමක් විය. මන්ද ඔවුන් මේතාක් ලද පරාජයන් 10න් අවස්ථා 7කදීම ප්‍රතිවාදීන් විසින් ඔවුන්ව ලකුණු 100කට වඩා අඩුවෙන් සීමා කිරීමට සමත් වීමයි. එසේම ලකුණු 100ට වඩා අඩුවෙන් ලබාගත් අවස්ථා 10න් අවස්ථා 3කදී පමණක් ජය ලැබීමට ඔවුන්ට හැකිවී ඇත. කණ්ඩායම වෙනුවෙන් නැවතත් සටන්කමි ක්‍රීඩා විලාශයක් පෙනුම් කළ ලේබ්රෝන් ජේම්ස් ලකුණු 20ක් වාර්තා කළ නමුත් පරාජයෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ජයග්‍රහි කණ්ඩායම වෙනුවෙන් මැකලම් (Cj Mccollum) ලකුණු 27ක් ලබා ගන්නා ලදී.

කෙසේ වෙතත් සිකුරාදා Sacramento Kings කණ්ඩායම සමග පැවති තරගයේදී නැවත තම සුපුරුදු රිද්මයට පැමිණි කයිල් කොවර් තම නව කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේ තමන් කණ්ඩායමට කෙතරම් සුදුසුදැයි පසක් කර දෙමිනි. මෙහිදී ඔහු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 18ක් වාර්තා කරන ලදී. තරගයෙන් Cleveland Cavalires කණ්ඩායම ලකුණු 120 – 108ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය ලබා ගන්නා ලදී. තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කයිල් කොවර් පවසා සිටියේ තමන් තවමත් තම කණ්ඩායමේ තරග රටාව අධ්‍යනය කරන බවයි.

කෙසේ නමුත් සියලු දෙනා බලා සිටින්නේ 11 වැනි සතියේ පැවැත්වීමට නියමිත Golden State Warriors හා Cleveland Cavalires අතර තරගය දෙසයි. එනම් මෙම කණ්ඩායම් දෙකම පසුගිය තරගවාර දෙකේදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම නිසාවෙනි.

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක නත්තල් දින තරගයේදී තරග වැදුණු අවස්ථාවේ ඉතා උණුසුම් තරගයකින් අනතුරුව එක් ලකුණක තියුණු ජයක් ලැබීමට Cleveland Cavalires කණ්ඩායම සමත් විය. තරගවාරයේ අඩක් නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට මෙම කණ්ඩායම් දෙක සමත් වී තිබිම, මෙම කණ්ඩායම් දෙකෙහි දක්ෂතාවයන් මැනවින් විදහා දක්වයි. NBA තරග ඉතිහසයේ වැඩිම වාර ගණනක් එකම කණ්ඩායම් දෙකක් අවසන් තරගයට පැමිණීමේ වාර්තාව අලුත් කරන්නට මෙම කණ්ඩායම් දෙකට හැකිවනු ඇතියි බොහෝදෙනා මත පලකරයි.