සම්මාන තුනක් සමඟින් පොලීසිය පෙරමුණ ගනී

235

ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි ගෞරව ලබා දෙමින් INTERMEDIATE බොක්සිං තරගාවලිය ඊයේ (12) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී නිමාවට පත්විය. මෙහි දී දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා, ක්‍රීඩිකාව හා හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය ද පොලිස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි. 

හොඳම බොක්සිං ක්‍රීඩකයා නාවික ගුණරත්න

2019 ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මාර්තු මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වූ….

INTERMEDIATE බොක්සිං තරගාවලිය සඳහා ආධුනික බොක්සිං තරගාවලිය තුලින් තේරී පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන අතර මෙහි දී ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික බොක්සිං තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බොක්සිං ක්‍රීඩාව තුල විශිෂ්ට නාමයක් උසුලන MAS ආයතනය ඒවායින් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන ලදි. 

ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2019 ජූලි මස 03 වනදා සිට 14 වනදා දක්වා ඉතාලියේ නැපෝලි නුවර පැවැත්වීමට නියමිත “30 වන ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල”…

ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින්  කිලෝග්‍රෑම් 52-56 බර පන්තියෙන් තරග බිමට පිවිසි ඒ. ආර්. ප්‍රසන්න හොඳම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් අතර හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කිලෝග්‍රෑම් 60-64 බර පන්තියෙන් තරග කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කේ. සමීර ය.

හොඳම බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කිලෝග්‍රෑම් 64-69 බර පන්තියෙන් තරග බිමට පිවිසි එච්. කේ. පෙරේරා විසිනි. හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ එච්. එස්. ජයවීර විසිනි. කාන්තා අංශයෙන් ජයග්‍රහණය කළ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. 

වෙළඳසේවා ශූරතාවයේ රු. මිලියනයකට අධික ත්‍යාග මුදලක්

වෙළඳසේවා ක්‍රීඩා ඉසව් අතර කාගේත් අවධානයට ලක්වන ඉසව්වක් ලෙස “වෙළඳසේවා වොලිබෝල් ශූරතාවය” හැඳින්විය හැකි….

මෙම තරගාවලිය නිමාව දකින විට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය විසින් රන් පදක්කම් 4කට හිමිකම් කියා තිබුණු අතර මෙම තරගාවලියේ දී ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික බොක්සිං තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වි. 

  • හොඳම බොක්සිං ක්‍රීඩකයා – ඒ. ආර්. ප්‍රසන්න (පොලිස් ක්‍රීඩා සමාජය)
  • හොඳම පරාජිත  බොක්සිං ක්‍රීඩකයා –  ඩී. කේ. සමීර (යුද හමුදා ක්‍රීඩා සමාජය)
  • හොඳම බොක්සිං ක්‍රීඩිකාව – එච්. කේ. පෙරේරා (පොලිස් ක්‍රීඩා සමාජය)
  • හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩිකාව – එච්. එස්. ජයවීර (පොලිස් ක්‍රීඩා සමාජය)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<