“විස්විදු” ශූරතාවයේ අවසන් සතියට ප්‍රබල කණ්ඩායම් 4ක්

497
University Rugby

අන්තර් විශ්වවිද්‍යල රග්බි ශූරතා තරගාවලිය මේ වන විට අවසානය දක්වා පැමිණෙමින් තිබේ. මාසයක් පුරාවට විශ්ව විද්‍යාල 13ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවති අතර තරගාවලියේ සත්කාරකත්වය මෙවර හිමිව තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයටයි.

යාපනය විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර අර්ධ අවසන් වටයේ තරගයක් – හංස ධනංජය

උණුසුම් අර්ධ අවසන් වටයෙන් පසුව විශ්ව විද්‍යාල කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය වෙනුවෙන් තේරී පත් වී සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය එම කණ්ඩායම් වේ.

මෙවර තරග වාරය පසුගිය වසරට සාපේක්ෂව තරමක් උණුසුම් තරගාවලියකි. රුහුණු විශ්ව විද්‍යාලය ප්‍රථම වරට මෙවර තරගාවලිය සඳහා තරග කිරීම ද විශේෂත්වයකි. කාණ්ඩ 4ක් යටතේ ලීග් ක්‍රමයට ප්‍රථම වටය ක්‍රියාත්මක වූ අතර ඉන් කණ්ඩායම් 8ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටය පසුගිය සති අන්තයේ දී පැවැත්වුණු අතර එහි ප්‍රථම දිනයේ දහවල් වරුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා කැලණිය විශ්ව විද්‍යාලය අතර තරගය ද සවස් යාමයේ දී කොළඹ විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය අතර තරගය ද පැවැත්විය.

ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ..

කොළඹ විශ්ව විද්‍යාලයේ කණ්ඩයම් නායක මධුෂ උෂාන්- අර්ධ අවසන් වටයේ තරගයක දී

එහි දී ප්‍රබල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය. පළමු අර්ධය අවසන් වන විටත් ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගය ලකුණු 10-07ක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේ දී තරගය ජ’පුර කණ්ඩායම වෙත නතුවිය. කෙසේ වෙතත් තරගය ආසන වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් කැලණිය කණ්ඩයම ලකුණු 13-12ක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මීට අමතරව කොළඹ කණ්ඩයම හා සබරගමුව කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 55-03ක විශිෂ්ට ජයක් ලබන්නට කොළඹ කණ්ඩායම සමත්වූ අතර පළමු අර්ධය අවසන් වන විටම කොළඹ කණ්ඩායම ලකුණු 29-00ක පැහැදිලි ඉදිරියක් ලබා තිබුණි.

මොරටුව විශ්ව විද්‍යාලයේ නායක සචින් නිස්සංකාරච්චි

දෙවන දිනයේ පැවති තරග දෙක අතුරින් මොරටුව විශ්ව විද්‍යාලය හා යාපනය විශ්ව විද්‍යාලය අතර තරගය ප්‍රථමයෙන් පැවැත්විය. එහි දී ලකුණු 60-00ක් ලෙස පහසුවෙන් තරගය ජය ගන්නට මොරටුව කණ්ඩයම සමත් විය. පළමු අර්ධය අවසන් වන විටත් මොරටුව ලකුණු 31-00ක් ලෙස ඉදිරියෙන් සිටීම කැපී පෙනිණි.

දිනයේ අවසන් තරගය ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තරග වැදුණි. සුපුරුදු ලෙසම පේරාදෙණිය කණ්ඩායම ලකුණු 78-03ක් ලෙස දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. එහි පළමු අර්ධයේ දී පේරාදෙණිය කණ්ඩයම ලකුණු 51-00ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

පේරාදෙණිය හා මොරටුව හමුවේ යාපනය හා ඌව වෙල්ලස්ස අන්ත අසරණ වේ

අන්තර් විශ්ව විද්‍යාලය රග්බි තරගාවලියේ තෙවැනි හා සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරග ඊයේ….

ගියවර ශූරතාවය දිනූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය කණ්ඩායම කැලණිය විශ්ව විද්‍යාලය හමුවන අතර ගියවර අනුශූරතාවය දිනූ මොරටුව විශ්ව විද්‍යාලය මෙවර සත්කාරක කොළඹ විශ්ව විද්‍යාලය සමඟින් තරග කිරීමට නියමිතයි.

2017 ශූරතාව දිනූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම

සාමාන්‍යයෙන් මොරටුව විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප්‍රබල කණ්ඩායම් ලෙස සැලකෙන අතර මේ වසරේදීත් අපරාජිතව මෙම කණ්ඩායම් අවසන් තරගයට පැමිණේ යැයි බොහෝ දෙනෙකු මත පළ කර ඇත.

නමුත් අර්ධ අවසන් වටයේ දී ප්‍රබල ජ’පුර කණ්ඩායම පරාජය කළ කැලණිය විශ්ව විද්‍යාලයත් මෙවර තරගවාරය තුල පෙරළිකාර දස්කම් දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් නායක මධූෂ උෂාන් හා කැළණිය විශ්ව විද්‍යාලයේ මාතොටආරච්චි පිළිබඳ කණ්ඩායම් දෙක වැඩි අවධානයකින් පසු විය යුතු අතර පේරාදෙණියේ එන්. ජයතිලක ද එම ලැයිස්තුවටම ඇතුලත් වන්නේ මොරටු විශ්ව විද්‍යාලයේ නායක සචින් නිස්සංකාරච්චිගේ නම ද සමඟයි.

2018 තරග වාරය තවමත් මෙම කණ්ඩායම් 4ටම විවෘතව ඇති අතර තරග දෙකම ලබන ඉරිදා (02) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඉදිරියටත් ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<