අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ශූරතාවය ජ’පුරට

496

අන්තර් විශ්ව විද්‍යාල ක්‍රිකට් ශූරතා කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (17) යාපනය විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර කොළඹ විශ්ව විද්‍යාලයීය පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

රාජකීය බල සිඳලූ සාන්ත තෝමස් විද්‍යාලයට ජයග්‍රහණයක්

ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට නව මුහුණුවරක් එක් කරමින් වයස අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක මිහිර විඳ ගැනීමට ඊයේ (16) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේත්, කොළඹ රාජකීය…

යාපනය ක්‍රීඩකයින්ගේ මුල්පෙළ කඩුලු කිහිපයක්ම ඉක්මනින් දවාලූ කරුණාරත්න යාපනය විශ්ව විද්‍යාලයේ පිතිකරුවන්ට නව පන්දුවෙන් දක්ෂ ලෙස පන්දු යවමින් මුල් පන්දුවාර කිහිපය තුල ඔවුන්ව මනාව පාලනය කරන ලදි. නමුත් පසුව පිටියට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක යෝහේශ්වරන් පන්දු 89ක් වැය කරමින් ලකුණු 48ක් ලබාගෙන යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට යම් පදනමක් සකස් කළේය.

යාපනය මැදි විදුහල් ආදි ක්‍රිකට් ක්‍රීඩක කපිල්රාජ් මැදපෙළින් පිටියට පැමිණ අගනා ලකුණු 35ක් ලබාගෙන යාපනය කණ්ඩායමේ ලකුණු පුවරුව යම් මට්ටමකට ඔසවා තබන ලදි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යවමින් තම දස්කම් විදහා දැක්වූ කරුණාරත්න ලකුණු 22ක් තුල කඩුලු 4ක් දවා ගත් අතර, ගලහිටියාව හා ප්‍රනාන්දු කඩුලු 2ක බැගින් දවා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසානයේ යාපනය ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 171කට සීමා කරන ලදි.

ලකුණු 172ක ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ  ජ’පුර  කණ්ඩායම වෙනුවෙන් සඳකැලුම් එක් අන්තයක් රැක ගෙන නොදැවී ලකුණු 35*ක් ලබා ගන්නා ලදි. ඔහුට අනගි සහයක් ලබා දෙමින් මෙම ඉලක්කය හඹා යාමට සවියක් වුන සහන් වෙඩිසිංහ විසින් ද අගනා ලකුණු 30ක් තම විශ්ව විද්‍යාලයේ ලකුණු පුවරුවේ සනිටුහන් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී යාපනය විශ්ව විද්‍යාලය වෙනුවෙන් ලෝගේතීශ්වර හා ජනනාතන් කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර, එය ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තරම් දායකත්වය දැක්වූයේ නැත. අවසානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තවත් පන්දු 31ක් ඉතිරිව තබාගෙන කඩුලු 6ක් දැවී ලකුණු  172ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නා ලදි.

යාපනය විශ්ව විද්‍යාලය – කඩුලු 9ක්  දැවී ලකුණු 171 (පන්දුවාර 50): යොහේශ්වරන් 48, කපිල්රාජ් 35, කරුණාරත්න 4/22, ගලහිටියාව 2/30

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 172 (පන්දුවාර 44.5): සඳකැලුම් 35*, සහන් වෙඩිසිංහ 30, ලොගේතීශ්වර 2/26, ජනනාතන් 2/29

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට