16න් පහළ පොඩ්ඩෝ පළමු දිනයේ දී වැඩ පෙන්වයි

2312

වයස අවුරුදු 16න් පහළ දස සාමාජික තරගාවලියේ පළමු දිනය අද (09) මහනුවර පල්ලෙකැලේ හා බෝගම්බර ක්‍රීඩාංගණයේ දී සාර්ථක නිමාවට පත්විය.

කණ්ඩායම් 32ක් ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබුනත් කණ්ඩායම් 30ක් පමණක් සහභාගීත්වය තහවුරු කර තිබුණි. ඒ අතරිනුත් රිච්මන්ඩ් විද්‍යාලය අද තරගාවලිය සඳහා සහභාගී නොවූ නිසාවෙන් ඔවුන් අද සහභාගී වීමට නියමිතව තිබූ තරගවල ප්‍රතිවාදීන්ට නිතරග ජයග්‍රහණ හිමි විය.

16න් පහළ ශූරතාවට කණ්ඩායම් 32ක්

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලිය එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන පාසල් සියල්ලම කාණ්ඩ 8කට බෙදා තිබුණි.

– A – 

  • වෙස්ලි විදුහල 
  • විද්‍යාර්ථ විදුහල
  • මහානාම විදුහල 
  • වේල්ස් කුමර විදුහල

– B – 

  • ත්‍රිත්ව විදුහල
  • සාන්ත අන්තෝනි විදුහල
  • සාන්ත බෙනඩික්ට් විදුහල

– C –

  • රාජකීය විදුහල
  • සහිරා විදුහල 
  • පිළියන්දල මධ්‍ය මහා විදුහල
  • රාහුල විදුහල

D  

  • සාන්ත ජෝසප් විදුහල
  • ලුම්බිණි විදුහල
  • සාන්ත ඇලෝසියස් විදුහල
  • නාලන්ද විදුහල

– E –

  • ඉසිපතන විදුහල 
  • මලියදේව විදුහල
  • වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල 
  • පියරතන විදුහල

– F –

  • කිංග්ස්වුඩ් විදුහල
  • D.S. සේනානායක විදුහල
  • සාන්ත සිල්වෙස්තර විදුහල
  • මොරටු විද්‍යාලය 

– G –

  • සාන්ත පීතර විදුහල
  • විද්‍යා විදුහල 
  • ආනන්ද විදුහල

– H –

  • ධර්මරාජ විදුහල
  • තර්ස්ටන් විදුහල
  • රිච්මන්ඩ් විදුහල
  • ලලිත් ඇතුලත්මුදලි විදුහල

හෙට (10) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරග සඳහා මෙම කාණ්ඩ 8න් කණ්ඩායම් තුන බැගින් සුදුසුකම් ලබා ඇත. වෙස්ලි, ත්‍රිත්ව, රාජකීය, සාන්ත ජෝසප්, ඉසිපතන, D. S. සේනානායක, සාන්ත පීතර හා ධර්මරාජ යන විදුහල් අද දිනයේ විශේෂ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ඔවුන් හෙට (10) කුසලාන කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ නායකත්වය මහනුවරට!

පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා වෙළඳසේවා සත් සාමාජික රග්බි….

අර්ධ අවසන් පූර්ව තරග කාල සටහන 

කුසලාන ශූරතා කාණ්ඩය 

  • පෙ.ව. 9.00 – වෙස්ලි විදුහල හා ත්‍රිත්ව විදුහල
  • පෙ.ව. 9.20 – රාජකීය විදුහල හා සාන්ත ජෝසප් විදුහල
  • පෙ.ව. 9.40 – ඉසිපතන විදුහල හා D.S. සේනානායක විදුහල
  • පෙ.ව. 10.00 – සාන්ත පීතර විදුහල හා ධර්මරාජ විදුහල 

බඳුන ශූරතා කාණ්ඩය 

  • පෙ.ව. 10.20 –  විද්‍යාර්ථ විදුහල හා සාන්ත අන්තෝනි විදුහල
  • පෙ.ව. 10.40 – සහිරා විදුහල හා ලුම්බිණි විදුහල
  • පෙ.ව. 11.00 – වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල හා සාන්ත සිල්වෙස්තර විදුහල
  • පෙ.ව. 11.20 – විද්‍යා විදුහල හා තර්ස්ටන් විදුහල

පලිහ ශූරතා කාණ්ඩය

  • පෙ.ව. 11.40 – මහානාම විදුහල හා සාන්ත බෙනඩික්ට් විදුහල
  • මධ්‍යාහ්න 12.00 – පිළියන්දල මධ්‍ය මහා විදුහල හා සාන්ත ඇලෝසියස් විදුහල
  • මධ්‍යාහ්න 12.20 – මලියදේව විදුහල හා කිංග්ස්වුඩ් විදුහල
  • මධ්‍යාහ්න 12.40 – ආනන්ද විදුහල හා ලලිත් ඇතුලත්මුදලි විදුහල

හෙට බෝගම්බර දී පැවැත්වෙන මේ තරග සියල්ලම සජීවීව උදෑසන 8.30 සිට ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<