අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවලිය මේ මස මැද දී

363

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන වසරේ ප්‍රධානතම දැල්පන්ද තරගාවලි අතරින් එකක් වන අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවලිය, මේ මස 18 හා 19 යන දෙදින රුවන්වැල්ල මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

දෙවන අවසන් පූර්ව තරගයේ ජය පුත්තලමට

තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව දෙවන අවසන් පූර්ව තරගයට තරග කරන්නට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම හා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා ලදි..

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ‍සහභාගී වීමට නියමිත අතර දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් දැල්පන්දු සංගම් හා අනුබද්ධ සංගම් මේ සඳහා කණ්ඩායම් ඉදිරිපත් කරනු ලැබේ.

තරගාවලියේ අවසන් මහා තරගය 19 වැනිදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

යසා රාමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයේ පවතින වත්මන් දැල්පන්දු සම්මේලනයේ පාලනය, එළඹෙන ‍අප්‍රේල් 29 වැනිදා පැවැත්වීමට නියමිත නිරවරණයෙන් අවසන් වන අතර වත්මන් දැල්පන්දු සභාපතිත්වය සංවිධානය කරන අවසන් දැල්පන්දු තරගාවලිය මෙය වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යැවූ 10 දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටු නාමලේඛණය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය පසුගිය දා ලබා දී තිබුණි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති තේරීම් කමිටුවේ සභාපතිත්වය ප්‍රියංකා පීරිස් මහත්මියටත් සෙසු සමාජිකයින් ලෙස සෝමා ඉලංගකෝන්, අරුණිකා කරවිටගේ, දීප්ති රූපසිංහ හා රෝහිනී පෙරේරා යන අය පත් කර සිටින අතර ඔවුන් මෙම තනතුරු සඳහා පත්කර ඇත්තේ මේ වර්ෂයේ මැයි මස 15 වැනිදා දක්වා පමණි.

මේ අතර මැයි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියට හා ජුලි මස 08 වැනිදා සිට 16 වැනිදා දක්වා බොස්වානාහි දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් කනිෂ්ඨ පුහුණුකාරිණියන් පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පසුගිය දා අයදුම්පත් කැඳවා තිබුණි.

මේ සඳහා පරගොඩ ලියනගේ, ජානකී ගුණසේකර, කුමාරි ගමගේ හා තයිමනාදන් ඉන්තුකන් යන මහත්මීන් ඉල්ලුම් කර ඇති අතර අයි. පී. විජේරත්න මහතාගේ සභාපතිත්වය යටතේ වයි. කේ. කුලරත්න, තමරා ජයසේකර, ධම්මිකා වනිගසිංහ හා මුතුලක්ෂ්මි හෑගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මඟින් ඉදිරියේදී මෙම කනිෂ්ඨ පුහුණුකාරිනිය තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට