ශක්තිවන්තයෝ උරගා බලන්නට කඹයෙන් වාරයක්

589

ජවසම්පන්න තාරුණ්‍ය අතින් ගත් කළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවන්නේ අතීතයේ සිටම ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය වූ ක්‍රීඩාශිලීත්වයක් සෑමවිටම තමන් තුල රඳවා ගන්නා නිසාවෙනි. කඹ ඇදීම ද මේ ක්‍රීඩා අතර මුලසුන ගත්තකි.

වර්තමානය වන විට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද මේ ක්‍රීඩාව ඇතුලත් වීම, ලෝකය පුරාම මේ ක්‍රීඩාව ජනප්‍රිය වී ඇති බවට කදිම නිදසුනකි. ශ්‍රී ලංකාවේ විහිදී ඇති දැවැන්තම කඹ ඇදීමේ සමාජ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන “2018 අන්තර් සමාජ කඹ ඇදීමේ සුසිත කුසලාන තරගාවලිය” මෙවර ද අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ  මාර්තු මස 3 වන දින ගනේමුල්ල “වාසනා” ක්‍රීඩා පිටියේ දීයි.

තියුණු සටනකට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කම අහිමි වේ

පුරා දින පහක් මුළුල්ලේම SSC ටෙනිස් පිටියේ පැවැත්වූ ITF Futures Series රෝදපුටු ටෙනිස් තරගාවලියේ …

දිවයිනේ දක්ෂතම කඹ ඇදීමේ සමාජ රැසක් එකම කුසලානයක් වෙනුවෙන් තරගය කරන මේ තරගාවලිය කාන්තා පිරිමි දෙඅංශයටම විවෘතය, එමෙන්ම මෙය දිවයිනේ ප්‍රථම වතාවට පැවැත්වූ දිවා රාත්‍රි තරගාවලිය වීම වීමද විශේෂත්වයක් වන අතර අන්තර්ජාතික නීති රීති වලට යටත්ව මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ.

මේ තරගාවලියේ ඉතිහාසය දෙස හැරී බලන කල දැනට අප රටේ පවතින විශාලතම කඹ ඇදීමේ තරගය ද වන මෙය, පන්දහසකට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ද හිමිකම් කියන එකම තරගාවලිය ද වන්නේය.

Photo Album – Inter Club Tug of War Tournament 2016

මීට අමතරව ලංකාවේ දැනට වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වීමත්, වැඩිම තරග ඉසව් සංඛ්‍යාවකින් සමන්විත වීමත්, ප්‍රසිද්ධ බර සීමාවක් නොමැති (catch weight) කැට්ච් වේට් තරගාවලියක් ද සංවිධානය වීමත් මෙම තරගාවලි පරිච්ඡේදය තුල නොමැකෙන මතක සටහන් ලෙස දැක්විය හැකිය.

රටේ කඹ ඇදීමේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩාව තරුණ පරම්පරාව වෙත ද ගෙන යමින් අවුරුදු 21න් පහළ තරගාවලියක් ද මෙවර සුසිත කුසලානයට එක් කරන්නට ඔවුන් තීරණය කර ඇත්තේ අද වන විට රටේ ආරක්ෂක සේවා අංශ වෙතට ද තම ක්‍රීඩා තරගාවලිය විවෘත කරමිනි.

කඹේ දිග/කොට නොතකා “යුද්ධ කරන්න!”

කඹ ඇදීම, සාමාන්‍යයෙන් දේශපාලනයේ දී, එසේත් නැත්නම් පරිපාලනයේ දී අසන්නට ලැබෙන..

තරගාවලිය අංශ කීපයක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අතරින්

  • පිරිමි 640kg – ආරක්ෂක අංශය / සිවිල් අංශය
  • කාන්තා 540kg – ආරක්ෂක අංශය / සිවිල් අංශය
  • 21න් පහළ 480kg  
  • විවෘත (catch weight)

යන ඉසව් පෙන්වා දිය හැකිය. මේ සියලු ඉසව් වෙනුවෙන් ක්‍රීඩා සමාජ විශාල ප්‍රමාණයක් සහභාගි වීමට බලාපොරොත්තු වන නිසාම මෙවර තරගාවලිය ඉතාමත් තරගකාරී වනු ඇත. මේ සඳහා දැනට සහභාගීත්වය ස්ථිර කර ඇති කණ්ඩායම් මෙසේයි.

  1. ශ්‍රී ලංකා යුධ හමුදාව
  2. ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  3. ශ්‍රී ලංකා නාවික හමුදාව
  4. ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය
  5. එකමුතු ක්‍රීඩා සමාජය – රද්දොළුගම
  6. රන්තරු ක්‍රීඩා සමාජය – දංකොටුව
  7. අරුණලු ක්‍රීඩා සමාජය
  8. සුසිත ක්‍රීඩා සමාජය – ගනේමුල්ල
  9. ඩම්බෙල් ක්‍රීඩා සමාජය -පූගොඩ
  10. උඩුගම්පොල එක්සත් ක්‍රීඩා සමාජය
  11. පන්නල බ්ලාස්ටර්ස් ක්‍රීඩා සමාජය
  12. කුලියාපිටිය ක්‍රීඩා සමාජය
  13. රෙඩ් ලයන් ක්‍රීඩා සමාජය
  14. කුරුණෑගල ක්‍රීඩා සමාජය

මේ රටේ සිටින ශක්තිවන්තයන් වෙත අභියෝග කිරීමේ වාරයයි. හැකියාවන්වලින් පිරිපුන් කාන්තා පිරිමි දෙ අංශයටම තම හැකියා උරගා බලන්නට පිටිය සුදානමින්. මේ සඳහා කැමැත්තක් දක්වන සියලු කණ්ඩායම් සඳහා විමසීම් කළ හැක. (දිල්හාර – 077 0772497    උදාර – 0711433561)

මාර්තු 3 වන දා යුධ වදින රටේ දැවැන්තම කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ වෙත ThePapare.com  අප ද හෘදයාංගමව සුබ පතන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<