මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට

725
Angelo Mathews

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්, ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. ඔහු සමඟ නුවන් ප්‍රදීප් සහ ධනුෂ්ක ගුණතිලක ද මෙරටට කැඳවීමට නියමිතව ඇත්තේ ආබාධ තත්වයන් හේතුවෙනි.

“නායකත්වයේ කිසිදු වෙනසක් නැහැ” – සනත් සහ තිලංග

දකුණු අප්‍රිකාව හමුවේ 03-00ක් ලෙස ලැබූ පරාජය හමුවේ බොහොමයක් ක්‍රිකට්ලෝලීන් සහ ක්‍රිකට් විචාරයකින් පවසා සිටියේ කණ්ඩායමේ නායකත්වය වෙනස්විය යුතු යැයි සහ පවතින තරග සංචාරයේ නායකත්වය ද වෙනස් කරනා ලෙසයි…

ඊයේ (22) පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ මැතිව්ස්, දකුණු අප්‍රිකාවට එරෙහි මීළඟ තරග කිසිවකට සහභාගී නොවන බව වාර්තා වේ.

ලකුණු 113ක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු ඕවරයේදී මැතිව්ස් ආබාධයට ලක්විය. පොයින්ට් කලාපයේ සිට ලැබුණු පන්දු යොමුව අභිබවා පිතිකරුගේ අන්තයට දිව යද්දී ඔහු මේ තත්වයට මුහුණ දුන්නේය. නුපුරුදු ආකාරයකින් ඔහුගේ වළලුකර පොළොව මත ගැටුණු අතර ඉන් ඔහුගේ වළලුකර ආබාධයට ලක්වී ඇත.

මේ අතර උඩපන්දුවක් රැක ගැනීමට යාමෙන් තම අතෙහි අස්ථි බිඳීමකට ලක්වූ නුවන් ප්‍රදීප් සමඟින් පිටෙහි මස්පිඩු පෙරලීමේ ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක ද දෙවන විස්සයි විස්ස තරගයට සහභාගී වූයේ නැත.

වාර්තා වන අන්දමට කුසල් පෙරේරා නැවතත් දකුණු අප්‍රිකාව බලා පිටත් වනු ඇත. එළඹෙන බදාදා (25) පැවැත්වීමට නියමිත තෙවන විස්සයි විස්ස තරගය සඳහා නායකත්වය දරන්නේ දිනේෂ් චන්දිමාල් විසිනුයි. තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 28 වෙනිදායින් ආරම්භ වන අතර ඒ සඳහා උපුල් තරංග නායකත්වයට පත්වීමේ සම්භාවිතාවයක් ද පවතියි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට