දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?

319

හෙටින් (01) ඇරඹෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට අවිනිශ්චිත බව වාර්තා වේ.

1-1න් හෝ ගොඩයන්නට ශ්‍රී ලංකාව වෙර දරණ ලකුණු

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ….

දෙවන ටෙස්ට් තරගයට ප්රථම පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර සිටියේ තවමත් ලක්මාල්ගේ තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු ක්‍රීඩා කරන හෝ නොකරන බව තවමත් තීරණය කර නොමැති බවයි.

බ්‍රිස්බේන් හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ දී තම ප්‍රතිවාදීන්ගේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ සුරංග ලක්මාල් හිටපු නායකයෙකු ලෙස දෙවන ටෙස්ට් තරගයේ දී ද තම උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන සැකයක් නොමැත. පළමු තරගයේදීත් සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ ඉතා ආරක්ෂාකාරී ලෙස පියවරක් ගත් ඕස්ට්‍රේලියානුවන්ට, දෙවන තරගයේ දී ලක්මාල් ක්‍රීඩා නොකිරීම කදිම අවස්ථාවක් වනු ඇත.

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස ….

මෙය පසුගිය සති 3ක පමණ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වූ සිව්වැනි ආබාධ තත්ත්වයයි. මීට ප්රථම නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ආබාධ තත්ත්වයන් වලට ලක්වූ අතර ඔවුන් මේ වන විට සංචිතයෙන් ඉවත්වී ඇත.

යොවුන් ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වන විට ජාතික ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර ඔහු පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේ දී තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. චාමිකට අමතරව කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු මේ වන විට සංචිතයේ සිටින අනෙකුත් වේගපන්දු යවන්නන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<