ටේලර් සහ මැසකඩ්සාට ODI අහිමි වෙයි

331

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට නිවේදනය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව නම් කළ සිම්බාබ්වේ සංචිතයට එරට නිත්‍ය නායක හැමිල්න් මැසකඩ්සා ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි. එසේම සිම්බාබ්වේ කණ්ඩායම සතු අත්දැකීම් බහුලතම පිතිකරුවෙකු වන බ්‍රේන්ඩන් ටේලර් ද එම සංචිතයට නම් කර නොමැත.

වර්ෂාව හරස් කැපූ තරගයේ දී අකිලගෙන් කඩුලු 5ක්!

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා …..

ආබාධවලට ලක්වීම හේතුවෙන් නිත්‍ය නායක හැමිල්ටන් මැසකඩ්සා සහ බ්‍රේන්ඩන් ටේලර්ට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ. වම් අතේ ඇඟිල්ලක ඇති ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක මැසකඩ්සාට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර ටේලර්ගේ දකුණු පාදයේ ඇති වී ඇති ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමී වී ඇත.

පෙබරවාරි මාසයේ දී පළමු පෙළ ක්‍රිකට් තරගයක් අතරතුර මැසකඩ්සා ආබාධයට ලක්වූ  අතර ටේලර් ආබාධයට ලක්වූයේ නිමාවට පත්වූ පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ පීටර් මූවර්ටය.

කෙසේ වෙතත් තරගාවලියට නම් කළ 27 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයට මොවුන් දෙදෙනා ඇතුළත් වන නමුත් සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ මොවුන්ගේ ආබාධ තත්වය යහපත් මට්ටමට පැමිණ නොමැති බවය.

දිමුත් සහ තිසර මහනුවර දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර්…..

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්දින සංචිතයක් නම් කළේ 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි එක්දින තරගාවලියට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කැඳවා තිබේ. මෙතෙක් එක්දින වරම් හිමිකරගෙන නොසිටි වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ඇන්ස්ලි නිල්ලෝව්, ටෝනි මුන්යොන්ගා සිම්බාබ්වේ සංචිතයට කැඳවා ඇති නවකයින්ය.

පසුගිය 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසු එක්දින තරග ක්‍රීඩා නොකළ රෙජිස් චකබ්වා සහ 2016 වසරේ ජුනි මාසයෙන් පසුව එක්දින තරග ක්‍රීඩා නොකළ ටිමිසෙන් මරුමා ද මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග හරාරේ හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දිනෙත්- ජොහැන්- දුනිත් සහ ලක්ෂාන් සාන්ත ජෝසප්ට මග කියයි

දිනෙත් ජයකොඩිගේ ශතකයත්, ජොහැන් ද සිල්වා……

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 4ක් ඇතුළත් අ.ර තරගාවලියේ තුන්වැනි තරගයේ සිට පැවැත්වෙන තරගවලින් ලැබෙන ආදායම ඉඩායි සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීම ද විශේෂත්වයකි.

සිම්බාබ්වේ සංචිතය –

පීටර් මුවර් (නායක), සොලොමන් මයර්, බ්‍රයන් චාරි, රෙජිස් චකබ්වා, ෂෝන් විලියම්ස්, ටිමීසෙන් මරුමා, සිකන්දර් රාසා, ඩොනල්ඩ් ට්‍රිපානෝ, කයිල් ජාවිස්, ටෙන්ඩායි චතාරා, ක්‍රිස් මොෆු, ක්‍රේග් අර්වින්, බ්‍රේන්ඩන් මාවුටා, ඇන්ස්ලි නිල්ලෝව්, ටොනි පුන්යොන්ගා, එල්ටන් චිගුම්බරා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<