එංගලන්තයේ ප්‍රධානතම වේගපන්දු යවන්නා අළුබඳුනෙන් ඉවතට

130

එංගලන්තයේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් හට ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝඩ්ස් පිටියේ  දී පැවැත්වෙන දෙවන අළුබඳුන ටෙස්ට් තරගය මග හැරෙනු ඇතැයි වාර්තා වෙනවා. ඒ පළමු තරගයේ දී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වීම හේතුවෙන්. 

ඇන්ඩර්සන් පළමු තරගයේ දී පන්දුවාර හතරක් පමණක් යවා යලි ක්‍රීඩාගාරයට ගිය අතර ඔහු එම තරගයේ දී යළි පන්දු යැවුවේ නැත. කෙසේ වෙතත් ඔහු පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි අතර එහි දී දක්නට ලැබුණේ ඔහු ඉතා අපහසුවෙන් පන්දුවට පහර දෙන අයුරු යි.  

තලන තරමට පදම් වන ස්මිත් ශතක දෙකක් සමඟින් තරගය දිනවයි!

පිටියක් මැද හුදකලා වන පිතිකරුවෙකුට ප්‍රතිවාදී පන්දු රකින්නන් 11 දෙනෙකුගෙන් එල්ල වන පීඩනය මැද ඉනිමක් ගොඩ නැගීම…

ඇන්ඩර්සන් පසුව MRI පරීක්ෂණයකට ද භාජනය කර තිබුණු අතර එහි දී ඔහුගේ ආබාධය තහවුරු කරගෙන තිබුණි. මේ වන විට ඔහුගේ උපන් ප්‍රදේශය වන ලැන්කෂයර් හිදී ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බවත් CricInfo වාර්තා කර තිබුණි.

ජුලි මස මුල දී ඔහු ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරද්දීත් ඔහු මෙලසම මේ ආබාධයට ලක්ව තිබුණි. කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණ රාශියකට පසුව ඉක්මන් සුවය ලැබූ ඔහු එඩ්ග්බැස්ටන් හි පැවති පළමු අළුබඳුන ටෙස්ට් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි. පෙර ආබාධය යළි මතුවීම නිසා ඔහු නැවත ක්‍රීඩාගාරයට හැරී ගිය අතර ඔහුගේ පාඩුව එංගලන්තයට වඩාත් දැනුණේ 122/8ක්ව සිටි ඕස්ට්‍රේලියාව ලකුණු 251ක් දක්වා සිය ලකුණු පුවරුව ඉහළ දැමීමත් සමඟයි.  

ලෝඩ්ස් තරගයට පසුව තවත් අළුබඳුන ටෙස්ට් තරග තුනක් තිබෙන අතර එංගලන්තය බලාපොරොත්තු වන්නේ ලීඩ්ස් හි එළඹෙන අගෝස්තු 22 දා පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඇන්ඩර්සන් හට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් සැප්තැම්බර් මස මුල පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය වඩා විශ්වාසදායී වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ඇන්ඩර්සන් නිසා හිස්වන වේගපන්දු අසුනට යොවුන් ක්‍රීඩක ජෝෆ්රා ආර්චර් ඉදිරියෙන්ම තරග වදින නමුත් ඔහුත් සසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරගයක දී ආබාධයකට ලක් වීම එංගලන්තයට දැඩි පාඩුවක් වනු ඇත.

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු තරගයේ දී ම කැපී පෙනෙන…

එඩ්ග්බැස්ටන් හි පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව ජෝ රූට් අදහස් දක්වා පවසා සිටියේ ඇන්ඩර්සන් ගේ ආබාධය පුදුම සහගත එකක් බවයි. “ඔහුව කණ්ඩායමට ගත්තේ සියලු දෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.” රූට් පවසා සිටියා. “ඔහු සියලුම වෛද්‍ය පරීක්ෂණ සමත් වුනා. එය ක්‍රීඩාවේ සිදු වන හරිම එපා කරපු දෙයක්. බලාපොරොත්තු කඩවීමක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ලෝඩ්ස් හිදී අපි බලාපොරොත්තු වුණු ලෙස ක්‍රීඩා කරන්නට.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<