DJගේ සැමරුම් CPL දී දැක ගැනීමට තිබූ අවස්ථාව අහිමි වේ

79

විස්සයි විස්ස තරග විශේෂඥයකු ලෙසින් ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ඩුවේන් බ්‍රාවෝ හට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතාමත් අවාසනාවන්ත අයුරින් අහිමි වී ගොස් තිබෙනවා.

නායකත්වය අභියෝගයට ලක් කළ සිම්බාබ්වේ ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල….

ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක හට ගත් ආබාධය තවමත් සම්පූර්ණයෙන්ම  සුව අතට නොහැරීම නිසා මෙසේ ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා නොකොටම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

එම ආබාධය යලි සුව අතට හැරුණු විගස තරගාවලිය සඳහා එක්වීමේ අපේක්ෂාවෙන් පසු වූවත් මේ වන විට උද්ගතව ඇති තත්වය අනුව නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට නම් බ්‍රාවෝ හට තවත් මාස දෙකකට ආසන්න කාලයක් බලා සිටීම සිදු වනු ඇත.

“මම කොහොම හරි මගේ ආබාධය හොඳ කරගෙන තරගාවලිය ක්‍රීඩා කරන්න ඉතාමත් ආසාවෙන් හිටියේ. නමුත් අවාසනාවකට වගේ තාමත් තත්වය එච්චර සුබදායක නැහැ. මේක සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න ටිකක් කල් ගත වෙනවා වගේම යථා තත්වයට ආයිත් ගේන්න ටිකක් මහන්සි වෙන්න ඕන. තවත් මාස දෙකකින් වගේ මට නැවතත් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.” යනුවෙන් සිය ආබාධයේ වත්මන් තත්වය පිළිබඳ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ නිව්ස්ඩේ පුවත්පත සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතු රදී බ්‍රාවෝ ප්‍රකාශ කර තිබුණි.

Mali Trick එකෙන් උණුසුම් වුන මුහුණු පොතේ ප්‍රබලයෝ දක්වපු අදහස්!

ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය ඊයේ (6) නිමා වූයේ….

මෙවර තරග වාරයේ මුල් අදියරේ තරග සඳහා බ්‍රාවෝගේ සේවය ලබා ගැනීම අවිනිශ්චිත මට්ටමක පැවති බැවින් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය ඔහුගේ මිත්‍රයා වන කිරන් පොලාඩ් හට පැවරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගත් අතර ඔවුන් ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් මෙතෙක් ක්‍රීඩා කළ තරග ද්විත්වයම ජයග්‍රහණයන් කරා රැගෙන යාමට ඔහු කැපී පෙනෙන දායකත්වයක් ලබා දුනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<