ආබාධ රකුසාට බිලි වූ ධාවන් හට නවසීලන්ත සංචාරය අහිමි වන ලකුණු

70

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර එක්දින තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධාවන්ගේ සේවය අහිමි වී යාමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණි.

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට……

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් නිමාව දුටු ඉන්දු-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස තියුණු සටනකින් අනතුරුව ජය ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය ක්‍රීඩකයින් සමත් වූ නමුත් තෙවැනි තරගය අතරතුර පන්දුව රැකගැනීමට උත්සහ දැරීමේ දී ධවාන්ගේ උරහිස ප්‍රදේශය ආබාධයකට ලක්වීම මේ වන විට කණ්ඩායමේ සංයුතිය තෝරාපත් කරගැනීමේ දී ගැටලුකාරී වතාවරණයක් නිර්මාණය වී තිබේ.

ඉන්දීය පිතිකරණ බලඇණිය සවිබල ගන්වන ප්‍රධානතම තුරුම්පු අතරින් ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයට  හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කෙසේ නමුත් එම පුරප්පාඩුව පිරවීමේ භාර ධූර වගකීම යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සංජු සැම්සන් සහ ප්‍රිත්වි ෂෝ හට පැවරීමට තේරීම් කමිටු බලධාරීන් පියවර ගෙන තිබේ. 

ඒ අනුව විස්සයි විස්ස තරග සඳහා සංජු සැම්සන්ගේ සහය ද එක්දින තරග සඳහා ප්‍රිත්වි ෂෝගේ දායකත්වය ද ලබා ගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවේ.

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ක්‍රියාත්මක වන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජනවාරි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් පවති.

වැඩිදුර ප්‍රතිකාර සඳහා තරගාවලියෙන් අනතුරුව ධවාන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කෙරුණු අතර එහි දී සිදු කළ MRI පරීක්ෂාවන්ගෙන් හෙළිදරව් වූයේ ඔහුගේ උරහිස් සන්ධියේ ඇති අස්ථි කිහිපයක් ඉරි තැලීමකට ලක්ව ඇති බවයි.

“ඉක්මනින්ම මේ තත්වය මඟ හැරලා නැවත වතාවක් තරග බිමට එන්න නම් මාසයකට ආසන්න කාලයක් ගත වෙයි කියලා තමයි අපි අනුමාන කරන්නේ. දැනට ඔහුට වඩාත්ම අවශ්‍ය කරල තියෙන්නේ නිසි ප්‍රතිකාර සමඟ හොඳ විවේකයක්. පෙබරවාරි මාසයේ පළමු සතිය වගේ වෙනකොට භෞතික චිකිත්සක ප්‍රතිකාර වලට සමගාමීව පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් බළධාරීහූ ධවාන්ගේ ආබාධ තත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීමට කටයුතු කළහ.

ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?

එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල…….

මෑතකාලීනව ධවාන් හට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට සිදු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර 2019 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී දකුණතේ මහපට ඇඟිල්ලේ හට ගත් ආබාධය නිසාවෙන් තරගාවලියෙන් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාගාරයට වී ගත කිරීමට ඔහුට සිදු විය. 

ඒ හැරුණුකොට ගෙවුණු මාස 8ක කාල සීමාව තුල අවස්ථා කිහිපයක දී ම ආබාධ රකුසාගේ ගොදුරක් බවට පත්වීම මේ වන විට ඔහුගේ ක්‍රිකට් අනාගතයට තදබල ලෙස බලපෑ ඇති බව පැහැදිලිව පෙනී යයි.

තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට පෙරාතුව ක්‍රියාත්මක වූ බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය සඳහාද ක්‍රීඩා කිරීමේ අනගි අවස්ථාව ඔහුට මඟ හැරී ගියේ දේශීය පළමු පෙළ තරගාවලියේ තරගයක් අතරතුර දී දණහිසේ ඇති වූ ආබාධයක් නිසාවෙනි.

ධවාන් වෙනුවට කණ්ඩායමට ඇතුළත්ව සිටින යොවුන් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ හට තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාව යටතේ වරදකරු බවට ඔප්පු වීම නිසාවෙන් මාස 8කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව කාලය ගතකිරීමට සිදු වූ අතර එම වාරණ කාල පරිච්ඡේදය අවසන් වීමෙන් අනතුරුව ඔහුට නැවතත් ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කිරීමට තේරීම් කමිටු බලධාරීන් තීරණය කොට තිබේ. 

ඔහු මේ වන විට ඉන්දීය A කණ්ඩායම නියෝජනය කරමින් නවසීලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින අතර එක්දින තරගාවලියට මත්තෙන් නවසීලන්ත  තණතීරුවල හැසිරීම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔහු මේ අවස්ථාව උපයෝගී කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දීය විස්සයි විස්ස සංචිතය – 

විරාත් කෝලි (නායක), රෝහිත් ෂර්මා, සංජු සැම්සන්, කේ. එල්. රහුල්, ශ්‍රේයස් අයියර්, මනීෂ් පාන්ඩේ, රිශාබ් පන්ට්, ෂිවාම් ඩුබේ, කුකුල්දීප් යාදව්, යුවේන්ද්‍ර චහාල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ෂමී, නව්දීප් සයිනි, රවීන්ද්‍ය ජඩේජා, ෂර්දුල් තාකූර්

ඉන්දීය එක්දින සංචිතය –

විරාත් කෝලි (නායක), රෝහිත් ෂර්මා, කේ. එල්. රහුල්, ප්‍රිත්වි ෂෝ, ශ්‍රේයස් අයියර්, මනීෂ් පාන්ඩේ, රිශාබ් පන්ට්, ෂිවාම් ඩුබේ, කුකුල්දීප් යාදව්, යුවේන්ද්‍ර චහාල්, කේදාර් ජාදේව්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ෂමී, නව්දීප් සයිනි, රවීන්ද්‍ය ජඩේජා, ෂර්දුල්තාකූර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<