ප්‍රබල ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට

234

දකුණු අප්‍රිකාවට තවත් හිසරදයක් වෙමින් ලෝක කුසලානය සංචිතයේ වේගපන්දු බලඇණිය ශක්තිමත් කළ ඇන්රිච් නොර්ට්ජේට සංචිතයෙන් ඉවත් වීමට සිදුවී ඇත. ඒ ඔහුගේ ඇඟිල්ලෙහි සිදු වූ ආබාධයක් නිසාවෙනි.

මීට දින කිහිපයකට පෙර ඔහුගේ මෙම ආබාධය නිසා ඔහුගේ ලෝක කුසලාන සහභාගිත්වය අවිනිශ්චිත බව ප්‍රකාශ වී තිබූ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළේ ඇන්රිච් ලෝක කුසලානයට සහභාගි නොවන බවයි. ඔහුගෙන් හිස්වූ ස්ථානයට ක්‍රිස් මොරිස් කැඳවූ බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

තරහට දොරට පහර දුන් විනිසුරු වන්දි ගෙවයි

අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණ ද අන්තර්ජාතික ……….

පසුගිය කාලයේ වළලුකර හා උරහිසේ ආබාධයකින් පෙළුණු ඇන්රිච් එයින් සුවවී නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළේය. මෙම වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් ඇන්රිච් නොර්ට්ජේ එතැන් පටන් දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය ශක්තිමත් කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගි වූ පුහුණු සැසියක දී දකුණු මහපට ඇඟිල්ලෙහි ඇතිවූ ආබාධයක් නිසාවෙන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් විය. ඔහුට පූර්ණ සුවය සඳහා සති 6ත් 8ත් අතර කාලයක් ගතවනු ඇත.

“පසුගියදා පෝට් එලිසබත්වල තිබූ පුහුණු සැසියක දී ඇන්රිච්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ලෙහි ආබාධයක් වුනා.” දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමනාකරු වන මොහොමඩ් මෝසාජි මාධ්‍ය වෙත පවසා තිබේ. “ඔහු එම අවස්ථාවේ දී ම ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන් පසු ශල්‍යකර්මයක් කිරීමෙන් ඔහුගේ එම ආබාධය සුව කළා. නමුත් ඔහුට පූර්ණ සුවය ලැබීමට සති 6ත් 8ත් අතර කාලයක් යනවා. ඒ නිසා ඔහුට ලෝක කුසලානයට සහභාගි වීමට නොහැකි වෙනවා.”

“මේක අවාසනාවන්ත සිදුවීමක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ඔහුට උරහිසේ ආබාධයක් ඇති වුනා. ඔහු ඒකෙන් සම්පූර්ණ සුවය ලබා ගත්තා. ඔහුට පසුගිය වසර පුරාවටම ආබාධ කිහිපයක් ඇති වුනා. ඒත් ඇන්රිච් තවත් ශක්තිමත්ව නැවත් පැමිණේවි. අපි ඔහුට ඉක්මන් සුවය පතනවා.”

ඇන්රිච්ගෙන් හිස්වූ ස්ථානයට 32 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් කැඳවා ඇත. දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟින් ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කිරීමට නියමිත අතර එයට ඉතිරිව ඇත්තේ තවත් සති 3ක කාලයක් පමණි.

බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ අසරණ වෙති!

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වෙන තුන්කොන් …….

මොරිස් වසරක පමණ කාලයකින් එක්දින තරගයකට ක්‍රීඩා කර නැති නමුත් ඔහු ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කළේය. ඒ මෙම වසරේ මාර්තු මාසයේ දී ය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස් මොරිස් තරග 9ක දී බිඳ හෙලා ඇති කඩුලු ගණන 13ක්.

“ක්‍රිස් හැමවෙලෙම අපේ සැලසුම්වල හිටියා. ඔහු තමයි අපේ මීළඟ පන්දු ‍යවන්නන්ගේ විකල්පය වෙලා හිටියේ.” දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජාතික තේරීම් කමිටුවේ ලින්ඩා සොන්ඩි පැවසීය. “ඔහුට වේගය වගේම අවසන් පන්දු වාර කිහිපය හොඳින් යැවීමේ හැකියාව තියනවා. ඒක ගොඩක් වැදගත් වේවි එංගලන්තයේ දී. ඒත් එක්කම ඔහු අපිට පසුපෙළ පිතිකරුවෙක් ලෙස ගොඩක් වටිනවා. ඔහුගේ ආබාධ ගැන අපිට පොඩි සැකයක් තිබුණා නමුත් මේක තමයි ඔහුට ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන්න තියෙන හොඳම වෙලාව.”

“ඇන්රිච්ට වුන දේ ගොඩක් අවාසනාවන්තයි. ඔහු ලොකු දෙයක් කරන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක්.” සොන්ඩි තවදුරටත් පවසා ඇත.

“අපි ඔහුට ඉක්මන් සුවය පතනවා. අපිට විශ්වාසයි ඔහු නැවතත් කණ්ඩායමට ඒවි.”

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවැනි ආබාධ රැසකට මුහුණ දී ඇති අතර ලෝක කුසලානය පෙනෙන මානයේ දී එවැනි ආබාධ සිදුවීම විශේෂත්වයකි. ආබාධ නිසා කගීසෝ රබාඩා හා ඩේල් ස්‍ටේන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් විය. රබාඩා පිට කොන්දෙහි ආබාධයකින් පෙලෙන අතර ඩේල් ස්ටේන් උරහිසේ ආබාධයකින් පෙලෙන බවට වාර්තා විය.

දකුණු අප්‍රිකානු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරමින් පවතී. කගීසෝ රබාඩාට කලක සිට පිට කොන්දෙහි ආබාධයක් නිසා පීඩා විදී. 2016 ඕස්ට්‍රේලියා සංචාරයක් අතරතුර දැඩි ලෙස ආබාධයට ලක්වූ ඩේල් ස්ටේන් නැවතත් එම උරහිසේ ආබාධයෙන් පෙළීම අවාසනාවන්ත සිදුවීමකි.

යාදෙව්ගේ ඉනිම මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට ගෙන එයි

28 හැවිරිදි දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව්ගේ ……..

වමත් දඟපන්දු ‍යවන්නෙකු වන ටබායිස් ශාම්සිට දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරගාවලිය මග හැරුණේ පිට කොන්දෙහි ඇතිවූ ආබාධයක් නිසාවෙනි. ජේ. පී. ඩුමිනිගේ උරහිසේ සිදු කළ ශල්‍යකර්මයක් නිසා කලක් ක්‍රීඩා නොකළ අතර දැන් සම්පූර්ණ සුවය ලබා සිටී.

“මෙම ආබාධ නිසා අපේ සැලසුම් අවුල් උනා. නමුත් අපි හිතනවා අපි මේ තෝරාගත්ත ක්‍රීඩකයන් අපේ රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරයි කියලා” ලින්ඩා සොන්ඩි තවදුරටත් පවසා තිබේ.

නව දකුණු අප්‍රිකානු සංචිතය

ෆෆ් ඩු ප්ලේසි (නායක), එයිඩන් මාක්‍රම්, ක්වින්ටන් ඩි කොක් (කඩුලු රකින ක්‍රීඩක), හෂිම් අම්ලා, රසී වැන් ඩ ඩසන්, ඩේවිඩ් මිලර්, අන්ඩයිල් ෆෙලුක්වායෝ, ජේ. පී. ඩුමිනි, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ඩේල් ස්ටෙයින්, කගීසෝ රබාඩා, ලුංගි නිග්ඩි, ක්‍රිස් මොරිස්, ඉම්රාන් ටාහිර්, තබ්‍රයිස් ශම්සි

2019 ලෝක කුසලාන තරගාවලිය මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය අතර පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<