මංගල IPL තරගයේ වැඩ පෙන්වූ ක්‍රීඩකයෙකුට ඉදිරි තරග අහිමි වන ලකුණු

333
BCCI

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමේ අවදානමක් ඇතිව තිබෙන්නේ ඔහු ආබාධයකට ලක්වීම නිසාවෙනි.

ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ ඉතාමත් අල්ප කාලයකි. ඊට සහභාගී වන…

පසුගිය සෙනසුරාදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී අල්සාරි ජෝසප් මෙලෙස ආබාධයට ලක්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝසප්ගේ පන්දු යවන අතේ මෙම ආබාධය හටගෙන ඇති බවය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී පන්දු රැකීමේ නිරත වෙමින් සිටිය දී ජෝසප් මෙලෙස ආබාධයට ලක්ව තිබේ. යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝසප් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වුනේ නවසීලන්ත ක්‍රීඩක ඇඩම් මිල්න් වෙනුවටයි.

ඇඩම් මිල්න් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර ඔහු තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් එම මුදලට සමාන මුදලක්ම ගෙවා ක්‍රීඩකයෙකු මිල දී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු විය. අල්සාරි ජෝසප් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වුනේ ඉන්පසුවයි.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය නිවේදනය කර…

කෙසේ වෙතත් මෙම ආබාධ තත්වය හේතුවෙන් ජෝසප්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇති අතර ඔහුගේ සහභාගීත්වය පිළිබදව ඉදිරියේ දී නිශ්චිතව නිවේදනය කිරීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 12කට කඩුලු 6ක් දවා ගනිමින් IPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාවට ද හිමිකම් කියන්නට අල්සාරි ජෝසප් සමත් විය.

මෙම වසරේ දී ජෝසප්ට මෙවැනි සිදුවීම් ගණනාවක් සිදු වූ අතර පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහුගේ මවගේ වියෝව හේතුවෙන් අල්සාරි ජෝසප්ට සිය මව්බිමේ දී පැවති සිය මංගල ටෙස්ට් තරගය ද අහිමි වී ගියේය. කෙසේ නමුත් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී සිය කණ්ඩායමට ජයග්‍රාහී ලකුණ රැස් කර දුන්නේ ද ජෝසප්ය.

නමුත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති අවසන් තරගයේ දී ජෝසප්ගේ පන්දුවාර 3ට ලකුණු 53ක් ඔහු ලබා දෙන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<