දහසක් බලපොරොත්තු මැද ඉඳුනිල් දිවයිනෙන් පිටව යයි

161

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ මැදි දුර ධාවකයෙක් වන ඉඳුනිල් හේරත් එළඹෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙර පුහුණුවීම් සඳහා පසුගිය සතියේ දී කෙන්යාව බලා පිටත් කර යවා ඇත.

මේ වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙර පුහුණුවීම් සඳහා ගිය ඉඳුනිල් මීටර 800 තරග ඉසව් තුල කැපී පෙනෙන දස්කම් දක්වා ඇත. ඔහු පසුගිය දා මාතර කොටවිල දී නිමාවට පත්වූ 43වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මීටර 800 ඉසව්වේ ජාතික ශූරයා බවට පත්විය.

වලල ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තරයේ දස්කම් දක්වති

හොංකො හිදී තෙවැනි වරටත් පැවති වයස අවුරුදු 17න් පහළ පාසල් රට හරහා දිවීමේ තරගාවලියේ..

පසුගිය දා නිමා වූ ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලිය තුළ දී දෙවරක්ම  ශ්‍රී ලංකා වාර්තා අලුතින් ලියවූ අද්විතීය ක්‍රීඩක ඉඳුනිල්, එහි පිරිමි මීටර 800 අවසන් මහා තරගය සඳහා සහභාගි විය. එහි දී ඉඳුනිල් හට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කටාර් ක්‍රීඩක ජමාල් හයිරානේ මිනිත්තු 1:49.33ක දක්ෂතාවයක් සටහන් කරමින් ප්‍රථමයා බවට පත්වූයේ, ඉඳුනිල්ට දෙවන තැන උරුමකර දෙමිනි. එහි දී ඉඳුනිල් විසින් මිනිත්තු 1:49.45ක දක්ෂතාවයක් දැක්විය. නමුත් ඔහු එම තරග ඉසව්වේ පළමු මීටර 400 අවසන් වන විට, පෙරමුණේ පසුවුවත් අවසන් මීටර 400 තුළ දී කටාර් ක්‍රීඩකයා තම උපරිම ජවය තම දෙපා මතට ලබා දුන්නේ, එහි රිදී පදක්කම ඉඳුනිල් හට හිමිකර දෙමිනි.

එසේ දස්කම් දැක්වූ ඉඳුනිල් මීටර 800 තරග ඉසව්ව තුළ වාර්තා කර ඇති හොඳම පුද්ගලික කාලය වන්නේ මිනිත්තු 1:48.69 වන අතර එය 2014 වර්ෂයේ දී කොළඹ දී වාර්තා කර ඇත. තවද 2016 වර්ෂයේ දී ගුවහාටි හිදී පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 800 ඉසව්ව මිනිත්තු 1:51.46 කාලයක් තුල අවසන් කළ ඉඳුනිල් එහි රන් පදක්කම දිනා ගන්නා ලදි. එසේම ඔහු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මිනිත්තු 1:50.57ක් ලෙස දස්කම් දක්වමින් එහි 5 වන ස්ථානය දිනා ගත්තේය.

ඉඳුනිල් පසුගිය 27 වන දා මාස 7ක පුහුණුව සඳහා කෙන්යාව බලා පිටව ගිය අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය විසිනි. එහි දී ඔහු සමඟින් ලොව සිටින දක්ෂ මලල ක්‍රීඩකයින් රැසක්ම පුහුණුවීම් වල නිරත වෙන අතර එය නිමා වූ පසුව ඉඳුනිල් ආසියානු ක්‍රීඩා උළෙලට පිටත්ව යනු ඇත.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<