යුවරාජ් සිං ගෙන් නව යෞවනයින්ට පාඩමක්

275

ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් 5ට නායකත්වය ලබා දෙන ක්‍රීඩකයින්, ඊයේ (04) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති දකුණු ආසියාවේ නව යොවුන් වියේ පසුවන්නන්ගේ අනාගතය සකස් කිරීම උදෙසා ක්‍රීඩාවෙන් ලැබිය හැකි දායකත්වය පිළිබඳ වැඩසටහනකට සහභාගී විය.

මෙම වැඩසටහන ‘UNICEF’ ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එක්ව සංවිධානය කරනු ලැබීය.

යුවරාජ් සිං 2011 වසරේ දී ලෝක කුසලානය දිනාගත් ඉන්දියානු කණ්ඩායමේ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු යෞවනයෙක් ලෙස එහි තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.     

වසර 10කට පසු ශ්‍රී ලංකාව සුවිශේෂී තරග සංචාරයක

වසර 10ක පමණ කාල පරාසයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි..

මෙම වැඩසටහන සඳහා එක්වූ ‘UNICEF’ ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජීන් ගෞ මහත්මිය ප්‍රකාශ කර සිටියේ;

“දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන අය මිලියන 340ක් පමණ සිටිනවා. මට මේ අවස්ථාවට එද්දී ලොකු ශක්තියක් දැනුණා වගේම ලොකු බලාපොරොත්තුවකුත් ඇති වුනා. මේ දකුණු ආසියානු කලාපය තුළ අභියෝග රැසකට මුහුණ දෙන්න වුනත් මගේ බලාපොරොත්තුව ඒවගේ ශක්තිය දකුණු ආසියාව තුළ සිටින යෞවනයන්ගේ හෙට දවස යහපත් කරන්න යොදා ගන්න පුළුවන් වෙයි කියන එක.”

“ඒ වගේම ලෝකයේ අනිත් කිසිම කලාපයකට වඩා නව යොවුන් වියේ පසුවන අය දකුණු ආසියාව තුළ සිටිනවා. දකුණු ආසියාව තුළ තරුණියන් දෙදෙනෙක් ගත්තොත් ආසන්න වශයෙන් ඉන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් විවාහ වෙනවා. තවත් 05 දෙනෙක්ගෙන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් දැරූ ප්‍රසූතියක් සිදු කරනවා. ඒ වගේම දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන තරුණියන් 10 දෙනෙක්ගෙන් 04 දෙනෙකුට වඩා අඩු ශරීර බර මට්ටමක් තියෙන අය. ඒ නිසා දකුණු ආසියානු රටවල් නව යොවුන් වියේ පසුවන අයගේ ජීවන මට්ටම ඉහළ නංවන වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතුයි වගේම ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.”

ඇය වැඩිදුරටත් පවසා සිටියා ය.

චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි

ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි..

මෙම අවස්ථාවට එක්වූ යුවරාජ් සිං අදහස් දක්වමින් පවසා සිටියේ;

“නව යොවුන් විය කියන්නේ අවස්ථාවන් රාශියක් ලැබෙන කාලයක්. ඒ නිසා ආයෝජන සහ නිසි සහයෝගය තුළින් ඔවුන්ට ඔවුන්ගේ උපරිමය කරා ළඟා වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි දකුණු ආසියාවේ නව යෞවනයන් සඳහා සාමකාමී, සාධාරණ සහ සමෘධිමත් අනාගතයක් සකස් කරන්න මූලිකත්වය දිය යුතුයි.”

මේ වන විට නවදිල්ලි නුවර දී පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ තෙවන ටෙස්ට් තරගය අතරතුර වායු දූෂණ තත්ත්වය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉන් එල්ල වූ බලපෑම පිළිබඳව ද මෙහි දී අදහස් දක්වමින් යුවරාජ් සිං පවසා සිටියේ මෙවන් අභියෝග තරග සමඟ පැමිණෙන බවත්, ඒවා ජය ගනිමින් ක්‍රීඩකයින් ක්‍රීඩාවත් සමඟ ඉදිරියට යා යුතු බවයි. එමෙන්ම මෙහි දී ඉඟියක් ලබා දෙමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ක්‍රිකට් දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට පෙර ඔහු 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

“මම දන්නේ නැහැ මං ගැන කී දෙනෙක් විශ්වාසයෙන් පසුවෙනවා ද කියලා. නමුත් මට මං ගැන විශ්වාසයි.”

අවසාන වශයෙන් ඔහු ලෝකයේ සිටින නව යොවුන් වියේ පසුවන්නන් හට පණිවිඩයක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ;

“සාර්ථකත්වයට යන මාර්ගය වැටිලා තියෙන්නේ අසාර්ථක වීම් හරහා. ඒ වගේම කවදාවත් තමන්ට දැනෙන දේ ඉදිරිපත් කරන්න බය වෙන්න එපා.”

මෙම සාකච්ඡා වලින් අනතුරුව යුවරාජ් සිං, වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ මෙම අවස්ථාව සඳහා දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් පැමිණි තරුණයින් අතර සුහද ක්‍රිකට් තරගයක් ද පැවැත්විය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<