දිල්ලියේ තරුණ ජවය සන්රයිසස් පළවා හරියි!

153

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවති පිටුදැකීමේ (Eliminator) තරගයෙන් පරාජයට පත්වුනු ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් සමුගැනීමට සිදු විය. ඒ අනුව තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ වරම් දිනා ගත්තේ කළු අශ්වයෙකු ලෙස කිසිවෙකු නොසිතන අන්දමින් දක්ෂතා අතරට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

යාදෙව්ගේ ඉනිම මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට ගෙන එයි

28 හැවිරිදි දකුණත් පිතිකරු සූර්යකුමාර් යාදෙව්ගේ ………

ඔවුන් හෙට දිනයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කළහොත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ද මේ වන විට උදා වී ඇත.

විශාකාපට්නම් හිදී ක්‍රියාත්මක වූ මෙම තරගය ආරම්භයට පෙර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ලොව සුපතළ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් සන්රයිසස් පිළ සතුව තරගයේ වැඩි වාසි ඇති බවයි. ලෝක කුසලානයට සූදානම් වීමේ අටියෙන් ඩේවිඩ් වෝනර් කණ්ඩායමෙන් සමුගත්ත ද ඒ වෙනුවට කණ්ඩායමට එක්වූයේ තවත් සුපිරි ප්‍රහාරකයෙකු වන මාටින් ගප්ටිල් වන නිසාත්, ඒ හැරෙන්නට විලියම්සන්, රශීඩ් කාන් සහ මොහොමඩ් නබී කණ්ඩායම තුල සිටින නිසාත් කිසිවෙකු සන්රයිසස් පිළේ ශක්තිය සුළුවෙන් තැකුවේ නැත.

අනෙක් පසින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සංයුතිය බැලීමේ දී එය සාපේක්ෂව තරුණ සහ අත්දැකීම් අතින් අඩු කණ්ඩායමක් බව පැහැදිලි විය. නමුත් අවසානයේ දිල්ලි පිළේ ජයග්‍රහණයට නියත විවරණ දුන්නේ ද එම නවකයින් කණ්ඩායමයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඔවුන් මුලින් පන්දු යැවීම තෝරාගත් අතර පවර්ප්ලේ අවස්ථාව තුල ඔවුන්ට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සන්රයිසස් පිළට හැකි විය. කෙසේ වෙතත් පිටියේ පන්දු රැකීම ප්‍රසාරණය කිරීමට හැකි වීමත් සමඟම හතරේ පහරවල් ඉතාමත් අවම කිරීමට ශ්රෙයාස් අයර් ප්‍රමුඛ දිල්ලි පිළට හැකි විය.

මෙහි දී සුපිරි පන්දු යැවීමක යෙදුණු අමිත් මිශ්රා තම පන්දුවාර 4ම ලකුණු 16කට නිමා කරමින් ප්‍රතිවාදීන් මත ගොඩ නැගූ පීඩනය සුළුපටු නොවේ. අනෙක් පසින් කොදෙව් පිළේ වේගපන්දු යවන ක්‍රීඩක කීමෝ පෝල් කඩුලු 3ක් දවා ගනිද්දී ඉශාන්ට් ශර්මා යම් ප්‍රහාරයකට ලක්වෙමින් වුවද කඩුලු 2කට හිමිකම් කීවේය.

ඕන ක්‍රීඩකයෙක් අයින් කරලා ඔහුව දාන්න පුළුවන් – ඇන්ඩෲෆ්ලින්ටොෆ්

හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක වන ඇන්ඩෲ ………….

මොවුන්ගේ දක්ෂතා නිසාම යහමින් ලකුණු ඇති බව පෙනුණු විශාකාපට්නම් තණතිල්ල මත දී ප්‍රබල සන්රයිසස් පිතිකරණ බල ඇණිය ලකුණු 162කට සීමා කිරීමට දිල්ලි පිළට හැකි විය. හයිද්‍රාබාද් කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් ලකුණු 30 සීමාව ආසන්නයට පැමිණිය ද දිගු ඉනිමක් කිසිවෙකුගෙන් දකින්නට නොලැබීම ගැටලුවක් විය.

මෙම ලකුණු පුවරුව හඹා යාමට පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන්ගෙන් දැඩි උද්යෝගයක් දකින්නට ලැබුණු අතර නවක ක්‍රීඩක ප්‍රිත්වි ශෝ සහ ශිකර් ධවාන් සුපිරි ආරම්භයක් කණ්ඩායමට ගෙන දුන්හ. එහි දී තවමත් අවුරුදු 20ක කොලු ගැටයෙකු වන ප්‍රිත්වි ක්‍රීඩා කළ ඉනිම බොහෝ දෙනා මවිත කළ අතර ඔහු පන්දු 38කින් ලකුණු 56ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් තම ඉනිම වර්ණ ගන්වමිනි.

මේ අතර ශ්රෙයාස් අයර්, කොලින් මන්රෝ ඇතුළු මැදපෙළ අසාර්ථක වීම පරාජයක පෙරමග සලකුණු පෙන්වූවද ඔවුන් සතුව තවත් එක් තුරුම්පුවක් ඉතිරිව පැවතිණ.

ඒ වයසට වඩා පිත්තෙන් හරඹ දක්වන රිශාබ් පන්ට්ගේ කඩුල්ලයි. සිතූ පරිදිම ඉනිමේ අවසන් කොටසේ දී සන්රයිසස් නායක විලියම්සන්ගේ නළලත රැළි ගැන්වූ ඔහු පන්දු 21කින් ලකුණු 49ක් රැස් කරමින් තම කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්විය.

රිචඩ්සන් වෙනුවට රිචඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ………………

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද අති මහත් ජවයකින් යුතුව ගොඩ නැගුණු මෙම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. තරගය නිමා වීමට පෙර ඔහු දැවී ගියද ඒ වනවිට දිල්ලි ලකුණු පුවරුව 158ක් ලෙස දැක්වුනු නිසා පසුපෙළ පිතිකරුවන් ඉතිරි ලකුණු කිහිපය රැස් කරමින් ජය තහවුරු කළහ.

ඒ අනුව එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක තියුණු ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමි විය. මේ අනුව ඔවුන්ට ඇති මීළඟ අභියෝගය සටකපට ක්‍රීඩකයෙකු ලෙස නම් දරා ඇති එම්. එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. නමුත් නිරන්තරයෙන්ම අසාමාන්‍ය සිදුවීම් වාර්තා වන IPL පිටියේ දී දිල්ලි ක්‍රීඩකයින් ඉතිරි තරග දෙකත් ජයගෙන ශූරතාවය දිනා ගැනීම ද විය නොහැක්කක් නොවනු ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් – කඩුලු 8ක් දැවී ලකුණු 162 (පන්දුවාර 20): මාටින් ගප්ටිල් 36, මනිශ් පාන්ඩේ 30, කේන් විලියම්සන් 28, විජේ ශංකර් 25, මොහොමඩ් නබී 20, කීමෝ පෝල් 3/32, ඉශාන්ට් ශර්මා 2/34, අමිත් මිෂ්රා 1/16.

දිල්ලි කැපිටල්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 165 (පන්දුවාර 19.5): ප්‍රිත්වි ශෝ 56, රිශාබ් පන්ට් 49, ශිකර් ධවාන් 17, කොලිම් මන්රෝ 14, රශීඩ් කාන් 2/15, කලීල් අහමඩ් 2/24, බුවනේශ්වර් කුමාර් 2/42.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<