ඉන්දියාවේ සුනිල් චෙට්‍රි ලයනල් මෙසීට අභියෝගයක් වෙයි?

307

AFC ආසියානු පාපන්දු කුසලානයේ ඉන්දීය තායිලන්ත තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ ඉන්දියානු ජාතික Sunil Chhetri ආර්ජෙන්ටිනා හා බාසිලෝනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පසුකර යමින් මේ වන විට ක්‍රීඩාවේ නිරත වන පාපන්දු ක්‍රීඩකයින් අතුරින් වැඩිම ජාත්‍යන්තර ගෝල ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වීමට සමත් වුනා.

ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

ශ්‍රී ලංකා ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලී මහතා, කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය හා රිනවුන් ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් වයස අවුරුදු 23න් පහළ…

34 හැවිරිදි චෙට්‍රි තායිලන්ත තරගයේ පළමු අර්ධයේ දී දඬුවම් පහරක් මගින් ගෝලයක් රැස් කළ අතර දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු කිහිපයකට පසු තවත් ගෝලයක් වාර්තා කළේ සිය ගෝල වාර්තාව ගෝල 67ක් දක්වා ඉදිරියට රැගෙන යමිනි. ඒ අනුව ඔහු සුපිරි ක්‍රීඩක මෙසීට වඩා ගෝල දෙකක් ඉදිරියෙන් සිටියි.  

මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජුවෙන්ටස් හා පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔහු ජාත්‍යන්තර ගෝල 85ක් වාර්තා කරගෙන තිබෙනවා.

තායිලන්ත තරගයෙන් පසු ඉන්දීය නායක චෙට්‍රි සිය කණ්ඩායමේ දක්ෂතා හා තමන් ලයනල් මෙසීව පසු කර යෑම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

“මම එය ඉතා බරපතළ ලෙස සලකන්නේ නැහැ, මම මාව ලයනල් මෙසීව හා රොනාල්ඩෝව සංසන්දනය කරන්නට යන්නේ නැහැ” ඔහු පවසා සිටියා.

“නමුත් මට එය විශාල ගෞරවයක්, මට ලැබෙන හැම අවස්ථාවකින්ම මම මගේ රටට ගෝලයක් ගෙන එන්නට මගේ උපරිමය කරනවා.”

සුනිල් චෙට්‍රි ඉන්දියාව බිහි කළ සාර්ථකම පාපන්දු ක්‍රීඩකයායි. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා මෙන්ම වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

ජාතික පාපන්දු සංචිතයන් තේරීමට සූදානම්

මෙම වසරේ දී (2019) වයස අවුරුදු 23න් පහළ ජාතික පාපන්දු සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

2002 වසරේ මෝහුන් බගාන් හිදී පාපන්දු දිවිය ආරම්භ කළ ඔහු ‘කැන්සාස් සිටි විසාර්ඩ්ස්’ ඇතුළු විදෙස් ක්‍රීඩා සමාජ කිහිපයකම ඉහළ දස්කම් දැක්වූවා.

පෘතුගාලයේ ඉතා ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන ස්පෝර්ටින්ග් (Sporting Club) ක්‍රීඩා සමාජය සඳහා ද ඔහුට ආරාධනා ලැබුණා.

පසුගිය වසරේ ජූලි මාසයේ චීන තායිපේට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ඔහු ඇමරිකානු ජාතික ක්‍රීඩක Clint Dempsey පසු කර ගිය අතර මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරෙන් වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහු සුපිරි ස්පාඤ්ඤ ක්‍රීඩක ඩේවිඩ් විලා හා සමතැන් ගන්නට සමත් වුනා. ඉන්පසු ඔහු ලයනල් මෙසී පසු කර ගියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින්.

මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් වැඩිම ගෝල ලාභීන්

  1. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ – 85
  2. සුනිල් චෙට්‍රි – 67
  3. ලයනල් මෙස්සි – 65
  4. ඩේවිඩ් විලා – 59
  5. Edin Dzeko – 55

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<