ඉන්දියාවත් ශූරයින්ගේ කුසලානයට

361

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පිළිබඳ ගන්නා තීරණය ගැන සාකච්ඡා කිරීමට, ඉන්දීය ක්‍රිකට් ආයතන බලධාරීන් අද (7) ඉන්දියාවේ දිල්ලි නුවර දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහි දී ඔවුන්ගේ නිල සංචිතය හෙට (8) වැනිදා ප්‍රකාශයට පත් කරන බව තීරණය කරන ලදි.

අයි.පී.එල් ඉතිහාසයේ දැවැන්තම ජය මුම්බායි ඉන්දියන්ස් පිළට!

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (06) ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේම ප්‍රේක්ෂකයින්…

අයි.සී.සී. යේ නව මූල්‍ය ක්‍රමවේදය හේතුවෙන් එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය වර්ජනය කිරීමට කතිකාවතක යෙදෙන ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය හදිසි රැස්‌වීමක්‌ පවත්වා එය එසේ නොකිරීමට තීරණය කර ඇත.

පළමුව රැස්වූ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලියට ඉන්දීය කණ්ඩායමට සහභාගි වීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ඔවුන් මෙවර එංගලන්තයේ දී හා වේල්සයේ දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට වත්මන් ශූරයින් ලෙස සහභාගි වීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශූරයින්ගේ කුසලානය සඳහා සහභාගි වන කණ්ඩායම් වල නිල සංචිතයන් නිකුත් කිරීමට පසුගිය අප්‍රේල් 25 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබූ නමුත්, ඉන්දීය බලධාරීන්ට එදිනට පෙර සංචිතය නිකුත් කිරීමට නොහැකි විය. මේ වන විට එම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් අතුරෙන් ඉන්දියාව හැර සියලුම කණ්ඩායම් වල සංචිතයන් නිකුත් කර හමාරයි.

එහි දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සම ලේකම් වන අමිතාබ් චෞද්‍රි මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙසේ තම අදහස් දක්වා ඇත.

අපගේ කණ්ඩායම තේරීම් අවසන් කළ පසුව හෙට (8) දිල්ලියේ දී නිල වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එම සංචිතය අප ප්‍රකාශයට පත් කරනවා. මිලියන 100 පමණ ක්‍රිකට් රසිකයන් අපගේ සහභාගිත්වය බලාපොරොත්තුව සිටින්නේ අප මෙවර තරගාවලියේ සඳහා වත්මන් ශූරයින්ගේ ලෙස පිවිසෙන නිසාවෙනි. එසේම අපේ ක්‍රිකට් ඉහළ මට්ටමක පසුවෙන නිසාවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔවුන් මෙම ගැටලුව සඳහා නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට ප්‍රකාශ කර තිබිණි.

මෙහි දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති එන්. ශ්‍රී නිවාසන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම රැස්වීම් සඳහා තම සහභාගිත්වය තහවුරු කර තිබීම විශේෂ සිදුවීමකි.

ජුනි පළමු දා ආරම්භ වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජුනි 4 වැනිදා බ්‍රිමින්හැම් හිදී පකිස්තානු කණ්ඩායම සමඟින් පැවැත්වෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට