ඉන්දීය කුලී රථ රියදුරෙක් පාකිස්තාන ක්‍රීඩකයින් හා සවාරියක්

79

පසුගිය දා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී ඉන්දීය කුලී රථ රියදුරෙකුට පාකිස්තාන සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟ භෝජන සංග්‍රහයකට එක් වන්නට අවස්ථාව ලැබී තිබුණා. 

නවසීලන්ත ක්‍රිකට් ආචර්ගෙන් සමාව අයදියි

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (25) මවුන්ට් මන්ගුවානි හිදී නිමා වූ පළමු….

Yasir Shah, Shaheen Afridi හා Naseem Shah යන ක්‍රීඩකයින් බ්‍රිස්බේන් නුවර සංචාරය කරද්දී ඔවුන්ට මේ ඉන්දීය ජාතික රියදුරා මුණ ගැසී තිබුණු අතර ඔහු මේ පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් ගමනට අදාළව කිසිදු ගාස්තුවක් අය කරගෙන තිබු‍ණේ නැහැ.

එයට ගෞරවය දැක්වීමක් වශයෙන් පාකිස්තාන ක්‍රීඩකයින් මේ ඉන්දීය ජාතික කුලී රථ රියදුරාට ද තමන් සමඟ භෝජනය සංග්‍රහයකට එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය පාකිස්තාන අර්බුදය පසුගිය මාස කිහිපයේ දී ඉතා ප්‍රබල ලෙස ඇවිළී ගිය අතර මේ සිදුවීම ඒ නිසාම ඉතා විශේෂ වෙනවා. ABC මාධ්‍ය ආයතනයේ වාර්තාකාරියක වන Allison Mitchell ද එම කුලී රථ රියදුරාගේ වාහනයේ ගමන් කරද්දී ඔහු මේ පිළිබඳ ඇයට පවසා ඇති අතර ඇය සිය මාධ්‍ය ආයතනයේ ඔස්සේ මෙම සිදුවීම ලොවට හෙළි කර තිබුණා. 

ඕස්ට්‍රේලියාව හමුවේ පසුගිය ඉරිදා පාකිස්තානය ඉනිමකින් හා ලකුණු පහකින් පරාජය වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<