ඉන්දියාව සිය අභිමානය ඉහළින්ම බේරා ගනී

266

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තිරුවනන්තපුරම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (1) පැවති පස්වැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමඟ දෙරට අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජය ගැනීමට ද ඉන්දීයාව සමත් විය.

නවසීලන්තයට බැට දී පාකිස්තානය වැඩ අරඹයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර ආරම්භ වූ තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය…

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 31යි පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

අඩු ලකුණු මට්ටමකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සීමා කළ වමතින් දඟපන්දු යවන රවින්ද්‍ර ජඩේජා ඇතුළු ඉන්දීය පන්දු යවන්නෝ සිය වගකීම නිසියාකාරව හැකි උපරිමයෙන්ම ඉටු කළහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ  ජඩේජා ලකුණු 34කට කඩුලු 4ක් බිඳ හෙළමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අඩපණ කළේය. ජස්ප්‍රීට් බුම්රා සහ කලීල් අහමඩ් යන වේගපන්දු යවන්නන් කඩුලු 2 බැගින් දවා ගනිමින් කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සහය විය.

කොදෙව් ඉනිම ලකුණු 100 සීමාවට හෝ රැගෙන ආ දකුණතින් පිතිකරණයේ නිරත වන නායක ජේසන් හෝල්ඩර් හා මාලන් සැමුවෙල් පිළිවෙළින් ලකුණු 25ක් හා ලකුණු 24ක් රැස්කර ගත්හ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෝල්ඩර් ලකුණු 25ක් වාර්තා කළේ 4 පහර දෙකක් එල්ල කරමිනි. මාලන් සැමුවෙල්ස් පන්දු 38ක දී ලකුණු 24ක් රැස්කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් වාර්තා කරගෙනයි.

එංගලන්ත ක්‍රීඩකයන්ට වැසි නිවාඩුවක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (01) කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හී පිහිටි සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ…

මේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් බටහිර ඉන්දීය පිතිකරුවන් පාලනය කළේ යම් සැලසුමකට අනුව පන්දු යවමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරාතුව දැවී යාම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 9 වන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

වසර 39ක ඉතිහාසයකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් – ඉන්දීය එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ඉන්දියාව හමුවේ දැවී ගිය අඩුම එක්දින ලකුණ ලෙසට අද වාර්තා වූ මේ ලකුණ වාර්තා පොත් අතර සටහන් විය.

තීරණාත්මක ජයග්‍රහණය සඳහා ලකුණු 105ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 89ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.

ඉන්දීය ආරම්භක පිතිකරුවෙක් වන රෝහිත් ශර්මා නොදැවී ලකුණු 63*ක් හා සහ නායක විරාත් කෝලි නොදැවී ලකුණු 33*ක් ලබාගෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78ක දී ලකුණු 99*ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 56ක දී වාර්තා වූ ශර්මාගේ අර්ධ ශතක ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ මනරම් හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර පන්දු 29ක දී වාර්තා වූ කෝලිගේ වේගවත් ඉනිම හතරේ පහර 6කින් අලංකාරවත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 104/10 (31.5): ජේසන් හෝල්ඩර් 25, මාලන් සැමුවෙල්ස් 24, රවින්ද්‍ර ජඩේජා 4/34, ජස්ප්‍රීට් බුම්රා 2/11, කලීල් අහමඞ් 2/29.

ඉන්දීය කණ්ඩායම – 105/1 (14.5): රෝහිත් ශර්මා 63*, විරාත් කෝලි 33*

  • තරගයේ වීරයා – රවින්ද්‍ර ජඩේජා (ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – විරාත් කෝලි (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 4 වැනිදා කල්කටා හිදී ආරම්භ වේ. එහි තොරතුරු දැන ගැනීමට ද ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<