කෝලිගේ ශතකයට අගයක් නොලැබේ

531

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය නායක විරාත් කෝලි පිට පිටම ලබා ගත් තෙවැනි ශතකයත් වාර්තා කළ ද, එහි ප්‍රතිඵලය ජයග්‍රහණයෙන් සමරන්නට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉඩ සැලසුවේ නැත.

පෙර තරගය ලකුණු සම වීමෙන් නිමා කරමින් පූනේ මහරාශ්ටා ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසි දෙරටේ ක්‍රීඩකයෝ (27) තෙවැනි එක්දින තරගයට මුහුණ දුන්හ. එහි දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 43ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් සේ සම කිරීමට සමත් වූහ.

ෂායි හොප්, කෝලිගේ වාර්තාගත ඉනිමේ සැර බාල කරයි

ඉන්දීය නායක විරාත් කෝලිගේ වාර්තාගත ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ බටහිර

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු9ක් දැවී ලකුණු 283ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 240ක් පමණි.

විරාත් කෝලි තම 38 වැනි ශතකය පන්දු 110ක දී වාර්තා කළ අතර තරගයේ දී පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග ලකුණු 107ක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වෝ ඉනිමේ ආරම්භය ගොඩ නැගුවේ ඉතාමත් අපහසුවෙනි. 14 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 55කට බිඳ වැටී තිබුණි.

එම අවස්ථාවේ දී ෂායි හොප් සහ ෂිම්රොන් හෙට්මයර් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩ නගමින් කොදෙව් ඉනිමට ජීවයක් එක් කළහ. හෙට්මයර් පන්දු 21කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 37ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව අහිමි කළේය.

ඉන්දීය ක්‍රීඩකයන්ට හිසරදයක් වූ කොදෙව් ඉනිමෙ අනෙක් කඩුලු සබඳතාව වූයේ 6 වැනි එක් වූ ලකුණු 76 යි. නායක ජේසන් හෝල්ඩර් සහ ෂායි හොප් එවර ක්‍රියාත්මක වූහ. හෝල්ඩර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 32කි. එම ඉනිමට පන්දු 39ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඉනිමට ඇතුලත් වී තිබුණි.

ෂායි හොප් තම එක්දින තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 95ක් ලබා ගත්තේ ය. පන්දු 113ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.

ජෝන් කීල්ස් සහ යුනිලීවර් ජයග්‍රහණ ලබා ගනිති

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27)

හොප්ගේ දැවී යෑමෙන් අනතුරුව ඈෂ්ලි නර්ස් සහ කෙමර් රොච් (15*) එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී නර්ස් පන්දු 22ක දී හතරේ 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ජස්ප්‍රිට් බුම්රා තම එක්දින තරග පිටියේ 75 වැනි කඩුල්ල දවා ගනිමින් තරගයේ දී ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව කුල්දිප් යාදව් කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය දී තම ඉනිම නිමා කර ගත්හ. ආරම්භක කඩුල්ල ලකුණු 9 දී දැවී ගිය පසු නායක විරාත් කෝලි සහ ෂිකර් ධවාන් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් එක් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ හ. ෂිකර් ධවාන් පන්දු 45කට මුහුණ දී හතරේ පහර 5ක් සමගින් ලකුණු 35ක් ලබා ගත්තේ ය.

ඔහුගේ දැවී යෑමත් සමගින් අම්බති රායුදු (22) සමඟ එක් වූ කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කරමින් නැවත ලකුණු පුවරුව විශ්වාසදායි තත්ත්වයකට පත් කළේ ය. රිෂාබ් පන්ක් (24) ද කෝලි සමඟ එක්ව ඉන්දීය ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට ක්‍රියා කළේය. නමුත් අනෙකුත් පිතිකරුවන් ගේ සහාය නොලැබීම හේතුවෙන් ඉන්දීය ලකුණු පුවරුව අවසන් පන්දුවාර 10 තුළ ක්‍රියාත්මක වූයේ මන්දගාමීව ය.

කඩුලු ලබා ගැනීමේ දී මාලන් සැමුවෙල්ස් ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ජේසන් හෝල්ඩර්, ඔබෙඩ් මැකොයි සහ ඈෂ්ලි නර්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පසුගිය වසර කිහිපය පුරාවටම නිවැරදි තීන්දු තීරණ ගත් ජාත්‍යන්තර

තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඈෂ්ලි නර්ස් නම් කෙරුණි.

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 9ක් දැවී 283 (50): කිරන් පවෙල් 21, ෂායි හෝප් 95, ෂිම්රොන් හෙට්මයර් 37, ජේසන් හෝල්ඩර් 32, ඈෂ්ලි නර්ස් 40, ජස්ප්‍රිට් බුම්රා 4/35, කුල්දීප් යාදව් 2/52

ඉන්දියාව; සියලුම දෙනා දැවී 240 (47.4): ෂිකර් ධවාන් 35, විරාත් කෝලි 107, අම්බති රායුදු 22, රිෂාද් පන්ට් 24, ජේසන් හෝල්ඩර් 2/46, ඔබෙඩ් මැකොයි 2/38, ඈෂ්ලි නර්ස් 2/43, මාලන් සැමුවෙල් 3/12

තරග 5කින් යුත් තරගාවලියේ සිව්වැනි එක්දින තරගය මේ මස 29 වැනි දින මුම්බායි හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<