ශතක මැෂිමේ පිහිටෙන් ඉන්දියාවට ජය!

607
©India.com

ඉන්දීය පිළේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (12) අළුයම සමත් විය. ඒ “ශතක මැෂිම” ලෙස විරුදාවලි ලබා සිටින විරාත් කෝලි වාර්තා කළ තවත් විශිෂ්ට ශතකයක උපකාරයෙනි.

තමිම් ඉක්බාල් විවේකයක් ඉල්ලයි

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් විවේකයක්…

ඊයේ රාත්‍රියේ පෝර්ට් ඔෆ් ස්පේන් හිදී මෙම තරගය ආරම්භ වූයේ ඉන්දීය කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමිනි. බැලූ බැල්මටම ලකුණු සහිත කදිම තණතිල්ලක් බව පෙනුනු නිසා නායක කෝලි තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටයි. කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ශිකර් ධවාන් පළමු පන්දුවාරයේ දීම දැවී යාමත් සමඟ කෝලිට වේලාසනින්ම පිටියට පැමිණීමට ද සිදුවිය. වර්තමාන ඉන්දීය පිළේ විශ්වාසනීයම පිතිකරු වන රෝහිත් ශර්මා ද ඊයේ දිනයේ රැස් කළේ ලකුණු 18ක් පමණි.

වරින් වර ලකුණු අතරට පිවිසෙන තවමත් ජාත්‍යන්තර අත්දැකීම් අඩු රිශාබ් පන්ට් ඊයේ දැවී ගියේ ලකුණු 20කටයි. ඒ කාලෝස් බ්‍රත්වයිට්ගේ පන්දුවක් හමුවේ කෙලින්ම කඩුල්ල බිඳ වැටීම නිසයි. කෙසේ නමුත් ඉන්දීය පිතිපෙළ නාය යන මොහොතක ඊට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩ නගන්නට නායක විරාත් කෝලි සහ නවක ක්‍රීඩක ශ්‍රෙයාස් අයර් සමත් වූහ. ඒ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගමිනි. IPL තරගාවලියෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි ශ්‍රෙයාස් අයර් ඊයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය.

මේ වනවිට ලොව එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල අංක එක ස්ථානයේ පසුවෙමින් ඊට තමා සුදුසු යැයි නිරන්තරයෙන්ම ඔප්පු කර පෙන්වන විරාත් කෝලි ඊයේ තම 43 වැනි ශතකය වාර්තා කර ගත්තේය. ඒ කණ්ඩායමට ඉතාමත්ම අවශ්‍ය මොහොතකදීයි. පන්දු 125කින් ඔහු ලබාගත් ලකුණු 120ට අලංකාර හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. කෝලි ඊයේ වාර්තා කරගත් ශතකයත් සමඟම ඔහු එක් කණ්ඩායමකට එරෙහිව නායකයෙකු ලෙස වැඩිම ශතක ගණනක් (06) වාර්තා කරගත් ක්‍රීඩකයා බවට ද පත්විය.

ශ්‍රෙයාස් අයර් හැරෙන්නට අනෙකුත් ඉන්දීය පිතිකරුවන් අසාර්ථක වුවද කෝලිගේ මෙම ඉනිම නිසා ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 279ක් ලබා ගැනීමට ද හැකිවිය. පන්දු යැවීමේ දී පසුපෙළ පන්දු යවන්නෙකු ලෙස යොදාගත් කාලෝස් බ්‍රත්වයිට් ඊයේ දිනයේ කොදෙව් පිළේ සාර්ථකම පන්දු යවන්නා වූයේ ලකුණු 53ට කඩුලු 3ක් බිඳ හෙලමිනි. ප්‍රතිවාදී නායකයගේ කඩුල්ලද බිඳ වැටුනේ බ්‍රත්වයිට් පන්දු යැවීමට හඳුන්වාදීමෙන් අනතුරුවයි. මීට අමතරව කෝට්‍රල්, හෝල්ඩර් සහ චේස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශේෂාඩ්ට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් බාල්දියක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම..

කොදෙව් පිළ මෙම ලකුණු පුවරුව හඹා යන අතරේ දී ක්‍රීඩාංගණයට වැසි පතිත වීම නිසා ඔවුන්ට පන්දුවාර 46කදී ලකුණු 270ක ඉලක්කයක් හිමිවිය. නමුත් පන්දුවාර 42ක් දක්වා පමණක් පිටියේ රැඳී සිටි ඔවුන් එහිදී රැස් කළේ ලකුණු 210ක් පමණි. කොදෙව් යෝධයා – ක්‍රිස් ගේල් ඊයේ ලකුණු 11කට දැවී යද්දී ඔහුගේ ආරම්භක පිතිකරණ සගයා වූ එවින් ලෙවිස් ලකුණු 65ක් ලබා ගත්තේය. ඒ විස්සයි විස්ස තරග අසාර්ථකත්වය එක්දින පිටියට රැගෙන නොඑමිනි.

ලෙවිස්ගේ ඉනිම හතරේ පහර 8කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

නමුත් ඔවුන් පසුගිය කාලයේ සොයාගත් නවක පිතිකරුවන් ගොන්න මේ වනවිට ලකුණු අතර නොමැති නිසා කොදෙව්වන්ට මෙම ඉලක්කය හඹා යාමට නොහැකි විය. නිකලස් පූරන් පමණක් ලකුණු 42ක් ලබා ගත්තද බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ ඔහුට දිගු ඉනිමක් කරා යාමේ අවස්ථාව අහිමි විය. ශයි හෝප්, හෙට්මයර්, බ්‍රත්වයිට් ඇතුළු පිරිස නැවතත් තම වගකීම් අමතක කරමින් අඩු ලකුණු වලට දැවී ගියහ. පන්දු යැවීමේ දී ඉහළ දක්ෂතා දැක්වූ බුවනේශ්වර් කුමාර් කඩුලු 4ක් බිඳ හෙලද්දී මොහොමඩ් ශමී සහ කුල්දීප් යාදෙව් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරග පාවා දෙන්න මට බලපෑම් කළා

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ට තරග පාවාදීම සඳහා මන්සූර්..

ඒ අනුව තරගය අවසන් වූයේ ඉන්දීය නායක විරාත් කෝලිට තවත් තරගයේ වීරයා සම්මානයක් හිමිකර දෙමිනි. ගයානා හිදී පැවති මෙම තරගාවලියේ පළමු එක්දින තරගය වර්ෂාවට සේදී යාම නිසා මේ වනවිට ඉන්දීය කණ්ඩායම තරග 1 – 0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් ඔවුන්ට මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයද ජය ගැනීමට සිදුවනු ඇත.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී ලකුණු 279 (පන්දුවාර 50)

විරාත් කෝලි 120, ශ්‍රෙයාස් අයර් 71, රිශාබ් පන්ට් 20, රෝහිත් ශර්මා 18, කෙඩාර් ජාදෙව් 16, රවීන්ද්‍ර ජඩේජා 16*, කාලෝස් බ්‍රත්වයිට් 3/53, රොස්ටන් චේස් 1/37, ශෙල්ඩන් කෝට්‍රල් 1/49.

බටහිර ඉන්දීය කොදෙව් – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 42)

එවින් ලෙවිස් 65, නිකලස් පූරන් 42, ශිම්රන් හෙට්මයර් 18, රොස්ටන් චේස් 18, ශෙල්ඩන් කෝට්‍රල් 17, බුවනේශ්වර් කුමාර් 4/31, මොහොමඩ් ශමී 2/39, කුල්දීප් යාදෙව් 2/59.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<