කෝලිගේ සුපුරුදු වැනිල්ලෙන් ඉන්දියාවට ජය

68
Virat Kohli captain of India celebrates his hundred during the 3rd One Day International match between India and New Zealand held at the Green Park stadium in Kanpur. 29th October 2017 Photo by Vipin Pawar / BCCI / SPORTZPICS

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර හයිඩ්‍රාබාද් හිදී පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (06) සමත් විය.

තුන්කොන් සටනට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ වෙනස්කම් රැසක්

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට පසුව…

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් බවට පත් වූයේ එවින් ලුවීස් සහ ලෙන්ඩල් සිමන්ස් දෙදෙනායි.

එහි දී ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් දීපක් චහාර් කොදෙව් ඉනිමේ දෙවන පන්දුවාරයේ දී ම සිමන්ස්ව දවා ගැනීමට සමත් වූයේ ලකුණු 2ක් ලබා සිටිය දී ය.

අනතුරුව ලුවීස් සමඟ එක් වූ බ්‍රැන්ඩන් කිං දෙවන කඩුල්ල සඳහා ලකුණු 51ක වේගවත් සබඳතාවයක් පැවැත්වූයේ පන්දු 26ක් පමණක් ඒ සඳහා වැය කරමිනි. ඉන් ප්‍රමුඛත්වය ලබා ගත් එවින් ලුවීස් පන්දු 17කින් ප්‍රවේගකාරී ලකුණු 40ක් රැස් කළේ ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමිනි.

කොදෙව් මුළු ලකුණු සංඛ්‍යාව 64ක් ලෙස සටහන් වන විට ඉනිමේ දෙවන කඩුල්ල වශයෙන් ලුවීස් දැවී ගියේ වොෂින්ටන් සුන්දර්ගේ ගොදුරක් බවට පත්වෙමිනි.

ඉන් පසුව කිං හා හෙට්මයර් දෙදෙනා එක්ව කොදෙව් ලකුණු පුවරුව 101ක් දක්වා ඔසවා තැබීමට සමත් වූයේ යන්තම් පන්දුවාර 10ක් තුළ දී ය.

ඒ සමඟින් තරගයේ ආධිපත්‍යය තම අතට ගත් කොදෙව් පිතිකරුවන් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ අතර ඒ සඳහා ඉන්දීය පන්දු රකින්නන්ගේ ද නොමද දායකත්වය හිමි වූයේ පහසු උඩ පන්දු කිහිපයක්ම අතහැර දමමිනි.

කොදෙව් ඉනිමේ තෙවැනි කඩුල්ල වශයන් බ්‍රැන්ඩන් කිංව ලකුණු 31කට දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා සමත් විය.

දක්ෂතා තියෙනවා, භාවිතා කරන්නේ නැති එක තමයි ගැටලුව – නව පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තෝරා පත් කර ගැනීම පිළිබඳව නිල වශයෙන්…

ඉන් අනතුරුව පිටියේ එක් වූ හෙට්මයර් සහ පොලාර්ඩ් යුගලය කොදෙව් ඉනිමේ හොඳම සබඳතාවය වශයෙන් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 71ක් එක් කිරීමට සමත් විය.

එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ශිම්රන් හෙට්මයර් තම කුළුඳුල් විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය වශයෙන් පන්දු 41කින් ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හතරේ පහර දෙකකින් සහ දැවැන්ත හයේ පහර 4කින් වර්ණවත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් කිරන් පොලාර්ඩ් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 19කින් ලකුණු 37ක් රැස් කරමිනි.

පන්දුවාර 17 සම්පූර්ණ වන විට කොදෙව් ලකුණු පුවරුව 171ක් දක්වා ඔසවා තැබීමට ඔවුන් දෙදෙනා සමත් වූයේ පිටිය සිසාරා ගිනිකෙළි සංදර්ශනයක් මෙන් පහර පිට පහර එල්ල කරමිනි.

ඉන්පසුව 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ යුස්වේන්දර් චහාල් එහි පළමු පන්දු තුන තුළ දී මොවුන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූයේ ඉන්දියාව නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.

එහෙත් අවසන් පන්දුවාර තුනේ දී උපරිම ඵල නෙළා ගත් ජේසන් හෝල්ඩර් කොදෙව් ඉනිමට සාර්ථක අවසානයක් සනිටුහන් කළේ පන්දු 9කින් වේගවත් ලකුණු 24ක් ලබා ගනිමිනි.

ඒ අනුව කොදෙව්වන් තම නියමිත පන්දවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 207ක් රැස් කළේ ඉන්දියාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරමිනි.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ යුස්වේන්දර් චහාල් ලකුණු 36කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව තම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ රෝහිත් ශර්මා සහ කේ. එල් රාහුල් දෙදෙනායි.

නමුත් ඉන්දීය ඉනිමට අසාර්ථක ආරම්භයක් ලබා දෙමින් රෝහිත් ශර්මා ආ විගසින්ම ලකුණු 8කට දැවී ගියේ කැරී පියර්ගේ පන්දුවක් හමුවේය.

කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ…

එහෙත් ඉන් අනතුරුව පිටියට එක් වූ නායක විරාත් කෝලි, රාහුල් සමඟ එක්ව ඉන්දීය ඉනිමට නව ජීවයක් ලබා දීමට සමත් වූයේ කොදෙව් පන්දු යවන්නන් හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවයක් පැවැත්වීමට සමත්වූයේ ඉන්දීය ලකුණු පුවරුව පන්දුවාර 13.3ක දී ලකුණු 130ක් දක්වා රැගෙන යමිනි.

එහි දී ඉන්දීය ඉනිමේ මූලික අඩිතාලම දැමූ කේ. එල්. රාහුල් හතරේ පහර 5ක් හා දැවැන්ත හයේ පහර දෙකක් සමඟින් පන්දු 40කින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. ඔහු දැවී ගියේ ද පියර්ගේ පන්දුවක් ඉදිරියේ ය.

අනතුරුව පිටියට එක් වූ රිෂාබ් පාන්ට් හා ශ්‍රෙයාස් අයියර් දෙදෙනාට පිළිවෙළින් ලබාගත හැකි වූයේ ලකුණු 18ක් හා 4ක් පමණි.

එහෙත් අනෙක් අන්තයන් ක්‍රියාත්මක වූ නායක කෝලි නායකත්වයේ වගකීම කරට ගනිමින් තම සුපුරුදු පිති ප්‍රහාරය එල්ල කලේ කොදෙව් පන්දු යවන්නන්ට දිගට හරහටම බැට දෙමිනි.

ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය අවසන් වන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 50ක දී ලකුණු 94ක් රැස් කළේ හතරේ පහර සහ හයේ පහර හය බැගින් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

ඒ අනුව පන්දුවාර 18.4ක දී කඩුලු 4ක් පමණක් දැවී ඉන්දියාව තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී කැරී පියර් කඩුලු දෙකක් දවා ගනිමින් කොදෙව්වන්ගේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.

තරගයේ වීරයා සම්මානය නිතරගයෙන්ම හිමිකර ගැනීමට නායක විරාත් කෝලි සමත් විය.

මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියෙන් 1-0ක් වශයෙන් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙපිල අතර පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය එළඹෙන ඉරිදා (08) තිරිවානන්තපුරම් හිදී ඇරඹීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් – 207/5 (පන්දුවාර 20): ශිම්රන් හෙට්මයර් 56(41), එවින් ලුවීස් 40(17), කිරන් පොලාර්ඩ් 37(19), යුස්වේන්දර් චහාල් 2/36

ඉන්දියාව – 209/4 (පන්දුවාර 18.4): විරාත් කෝලි 94*(50), කේ. එල්. රාහුල් 62(40), කැරී පියර් 2/44

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<