කෝලි සහ ෂර්මා කොදෙව් බලාපොරොත්තු වනසා දමයි

588

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (21) ගුවාටි හිදි පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ද, ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක හරඹය ඉදිරියේ එය ප්‍රමාණයත් නොවුණි. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

එංගලන්තය වැසි නියැදිය අභිබවා තරගාවලිය ජය ගනී

තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළ ද ප්‍රතිවාදීන්ගේ දක්ෂතා හමුවේ නැවත වතාවක් අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟ අද (20) මහනුවර පල්ලෙකැලේ…

අද තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් 21 හැවිරිදි රිශාබ් පාන්ට් ද, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් 25 හැවිරිදි චන්ද්‍රපෝල් හෙම්රාජ් සහ 21 හැවිරිදි ඔශාන් තෝමස් ද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්හ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් ලබා ගත්හ. එහි දී 21 හැවිරිදි දකුණත් පිතිකරු ශිම්රොන් හෙට්මයර් තම දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 78කට මුහුණ දුන් හෙට්මයර් හතරේ පහර සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින් ලකුණු 106ක් ලබා ගත්තේ ය.

ආරම්භක පිතිකරු කිරන් පවෙල් ද ලකුණු අතරට පිවිසෙමින් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින පිටියේ 9 වැනි අර්ධ ශතකයයි. පවෙල් පන්දු 39කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ශායි හොප් (32), රොව්පන් පවෙල් (22) සහ නායක ජේසන් හෝල්ඩර් (38) ද ලකුණු අතර පිවිසිය හ. ඉනිම අවසන් වෙන විට දේවේන්ද්‍ර බිෂු (22), කෙමර් රොච් (26) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිද්දී, මොහොමඩ් ෂාමි සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තවත් පන්දු 47ක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක් දැවී ලකුණු 326ක් ලබා ගත් හ.

HNB, කැන්රිච් ෆිනෑන්ස්, CDB හා එක්ස්පෝ ලංකා ජයග්‍රහණ වාර්තා කරයි

අශේන් ප්‍රනාන්දුගේ ශතකයෙන් HNB ජය ගනී මග්ගොන සරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් තරග වැදුණු අතර අශේන් ප්‍රනාන්දු….

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 10ක් තිබිය දී දවා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. ඒ  ෂිකර් ධවාන් ලකුණු 4කට දවා ගනිමිනි. ආරම්භය බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුබදායක වූවද, එය වැඩි වේලාවක් නොයාම අනෙක් පැත්තට හරවන්නට රෝහිත් ෂර්මා සහ නායක විරාට් කෝලි සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 246කි.

එම ඉනිමේ කඩුලු සබඳතාව අහිමි වූයේ කෝලිගේ දැවී යෑමත් සමඟ ය. කෝලි අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර පිටියේ 49 වැනි ශතකයයි. පන්දු 107කට මුහුණ දුන් කෝලි හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 140ක් ලබා ගත්තේ ය.

අනතුරුව තරගය අවසන් වෙන තුරු ම තම කඩුලු ආරක්ෂා කර ගැනීමට රෝහිත් ෂර්මා සහ අම්බති රායුදු සමත් වූහ. රොහිත් ෂර්මා අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 20 වැනි ශතකයයි. ෂර්මා තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට පන්දු 117කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 152ක් ලබා ගත්තේ ය. එය ෂර්මාගේ එක්දින තරග පිටියේ කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද මංගල ශතකය ද විය.

ඉන්දීය ක්‍රීඩකයෝ සිව්වැනි තරගයත් ජය ගනියි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පවත්වනු ලබන තරග 5කින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (20) දින ලුදියානා හිදී නිමා වූ සිවු…

තරගය අවසන් වෙන විට අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි අම්බති රායුදු නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. ඔහු ඒ සඳහා පන්දු 26ක් වැය කර තිබූ අතර හතරේ පහර සහ හයේ පහරක් බැගින් එල්ල කර තිබුණි.

කඩුලු ලබා ගැනීමේ දී ඔශේන් තෝමස් සහ දේවේන්ද්‍ර බිෂූ කඩුල්ල බැගින් දවා ගත්හ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 24 වැනි දින දිවා/ රාත්‍රී තරගයක් ලෙසින් විශාඛාපට්නම් හිදි පැවැත්වීමට නියමිත ය.

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 8ක් දැවී 322 (50): කිරන් පවෙල් 51, ශායි හොප් 32, ශිම්රොන් හෙට්මයර් 106, රොව්මන් පවෙල් 22, ජේසන් හෝල්ඩර් 38, දේවේන්ද්‍ර බිෂූ නොදැවී 22, කෙමර් රොච් නොදැවී 26, මොහොමඩ් ෂාමි 2/81, යුස්වේන්ද්‍ර චාහල් 3/41, රවින්ද්‍ර ජඩේජා 2/66

ඉන්දියාව; කඩුලු 2ක් දැවී 326 (42.1): රෝහිත් ෂර්මා නොදැවී 152, විරාත් කෝලි 140, අම්බති රායුදු නොදැවී 22

  • තරගයේ වීරයා – විරාත් කෝලි (ඉන්දියාව)

තරගාවලියේ සියලුම තරගවල අලුත්ම තොරතුරු සමඟින් දැනුවත් වීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<