Home Sinhala බුම්රා බංගලියන්ගේ බලාපොරොත්තු විනාශ කර දමයි

බුම්රා බංගලියන්ගේ බලාපොරොත්තු විනාශ කර දමයි

235

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) බර්මින්ග්හැම් හිදී නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. මේ නිමා වූයේ තරගාවලියේ 40 වැනි තරගයයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්….

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 13ක් ලබා ගනිමින් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ තරගය ඉතිරිව තිබිය දී ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඔවුන් සමඟ මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුව අනුව අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා ඇත්තේ ඕස්ට්‍රේලියාව පමණි. නවසීලන්තය සේ ම එංගලන්තය ද ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 ඇතුළත සිටිය ද ඔවුන්ගේ ස්ථානයන් තහවුරු වන්නේ ඔවුනොවුන් සහභාගී වන අවසන් තරගයේ ප්‍රතිඵලත් සමඟිනි. ඒ පෙරමග බලා සිටින පාකිස්තානය ද සිටින නිසාවෙනි. 

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිස ඉනිම අවසානයේ දී කඩුලු 9කට ලකුණු 314ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 286ක් පමණි. 

ඉන්දීය ඉනිමේ දී රෝහිත් ෂර්මා පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය. එම ශතකය රෝහිත් ෂර්මා විසින් එක්දින ජාත්‍යන්තර පිටියේ රැස් කරන ලද 26 වැනි ශතකය වන අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස් කරන ලද සිව්වැනි ශතකයයි.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතර තව දුරටත් ප්‍රමුඛයා වීමට රෝහිත්ගේ එම ශතකය හේතු වූ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

අද තරගයේ දී ඉන්දිය ඉනිම ආරම්භ කළේ ලෝකේශ් රාහුල් සහ රෝහිත් ෂර්මා විසිනි. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 180ක් ලබා ගනිමින් බංග්ලාදේශ පන්දු යවන්නෝ වෙහෙසට පත් කළහ. කෙසේ වෙතත් පළමු කඩුල්ල ලෙසින් රෝහිත් ෂර්මා දවාගැනීම ඔවුන්ට තරගයේ ජයග්‍රහණය ලැබූවා සේ විය. ඔවුන් රෝහිත්ගේ දැවී යෑමෙන් පසුව ඒ තරමට  උදම් විය. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව වැඩි වේලාවක් නොගොසින්ම ලෝකේෂ් රාහුල් ද දැවී ගියේය. රාහුල් පන්දු 92කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේය. ඉන්දීය නායක විරාත් කෝලිට අද තරගයේ දී ද තම කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වීමට නොහැකි විය. ඔහු පන්දු 27කට මුහුණ දී ලබා ගත්තේ ලකුණු 26ක් පමණි. 

අද තරගයේ දී 21 හැවිරිදි වමත් පිතිකරු රිෂාබ් පන්ට් තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කළේය. ඒ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමිනි. ඔහුට අමතරව මහේන්ද්‍ර සිං දෝනි පන්දු 33ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය.   

ඉනිමේ 39 වැනි පන්දුවාරයේ දී විරාත් කෝලි සේ ම හර්දික් පාන්ඩ්‍යා ද දවා ගනිමින් කඩුලු දඩයමකට අවතීර්ණ වූ මස්ටෆිසුර් රහමන් තම පන්දු යැවීම අවසන් කළේ පන්දුවාර 10ක දී නොඉඳුල් පන්දුවාරයක් ද සමඟින් ලකුණු 59කට කඩුලු 5ක් දවා ගනිමිනි. ඔහුගේ මේ දක්ෂතාවත් සමඟින් ඔහු මෙවර ලෝක කුසලානයේ කඩුලු 15ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ සටහනේ 5 වැනි තැනට පත්විය. 

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

සබඳතාවයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉතාමත් …….

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 39ක් වෙද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. තවමත් හිතේ හැටියට ඉනිමක් ක්‍රීඩා නොකළ තමීම් ඉක්බාල් අද තරගයේ දී ද රැස් කළේ ලකුණු 22ක් පමණි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව අනෙක් ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් ද ලකුණු 33ක් ලබා සිටිය දී දැවී ගියේය. ඔහුගේ ඉනිමට පන්දු 38ක් වැයව තිබූ අතර හතරේ පහර 4ක් ද එහි තිබුණි. ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 74ක්ව තිබුණි. 

ප්‍රතිවාදී දැවැන්ත ලකුණු පුවරුවක් ඉදිරියේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම සැනසුම සොය යෑමේ දී වඩාත් වැදගත් මෙහෙයක් කළේ ශකිබ් අල් හසන් ය. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය. එය ඔහුගේ පෞද්ගලික තරග දිගුවේ 9 වැනි අර්ධ ශතකයයි. 

ඔහු මුශ්ෆිකර් රහීම් (24) සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් ද, ලිටන් දාස් (22) සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය.  

මෙම කඩුලු දැවී යෑමත් සමඟින් තරගයේ ජයග්‍රහණය බිඳෙන් බිඳ ඈත් වෙන්නට විය. ඒ අතර ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව ගොඩ නැගීමට සබීර් රහමන් සහ මොහොමඩ්  සයිෆුඩීන් සමත් වූහ. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් එක් කළහ. සබීර් රහමන් පන්දු 36ක දී හතරෙත් පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය. 

මැතිව්ස්ගේ මැජික් හා අවිශ්කගේ ජවයෙන් සමාජ මාධ්‍ය රත් වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ……..

තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ දෙවැනි අර්ධ ශතකය රැස් කළ 22 හැවිරිදි වමත් පිතිකරු මොහොමඩ් සයිෆුඩීන් බංග්ලාදේශ ඉනිම අවසන් වෙද්දී පන්දු 38කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේය.  

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේග පන්දු යැවූ ජස්ප්‍රීට් බුම්රා ලකුණු 55කට කඩුලු 4ක් දවා ගනිමින් බංග්ලාදේශ පසුපෙළ සම්පූර්ණයෙන් ම විනාශ කර දැම්මේය. ඊට අමතරව ඉදිරි පෙළ පාලනය කිරීමේ දී හර්දික් පාන්ඩ්‍යා ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත්තේය. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (03) සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය සමඟ තීරණාත්මක තරගය චෙස්ටර් ලී ස්ට්‍රීට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Bangladesh
286/10 (48)

India
314/9 (50)

Batsmen R B 4s 6s SR
Lokesh Rahul c Mushfiqur Rahim b Rubel Hossain 77 91 6 1 84.62
Rohit Sharma c Liton Das b Soumya Sarkar 104 94 7 5 110.64
Virat Kohli c Rubel Hossain b Sabbir Rahaman 26 27 3 0 96.30
Rishabh Pant c Mosaddek Hossain b Shakib Al Hasan (vc) 48 41 6 1 117.07
Hardik Pandya c Soumya Sarkar b Mustafizur Rahman 0 2 0 0 0.00
MS Dhoni c Shakib Al Hasan (vc) b Mushfiqur Rahim 35 33 4 0 106.06
Dinesh Karthik c Mosaddek Hossain b Mustafizur Rahman 8 9 1 0 88.89
Bhuvneshwar Kumar run out () 2 3 0 0 66.67
Mohammed Shami b Mustafizur Rahman 1 2 0 0 50.00
Jasprit Bumrah not out 0 0 0 0 0.00


Extras 13 (b 0 , lb 6 , nb 1, w 6, pen 0)
Total 314/9 (50 Overs, RR: 6.28)
Fall of Wickets 1-180 (29.2) Rohit Sharma, 2-195 (32.4) Lokesh Rahul, 3-237 (38.2) Virat Kohli, 4-237 (38.4) Hardik Pandya, 5-277 (44.1) Rishabh Pant, 6-298 (47.2) Dinesh Karthik, 7-311 (49.3) MS Dhoni, 8-314 (49.5) Bhuvneshwar Kumar, 9-314 (49.6) Mohammed Shami,

Bowling O M R W Econ
Mashrafe Mortaza 5 0 36 0 7.20
Mohammad Saifuddin 7 0 59 0 8.43
Mustafizur Rahman 10 1 59 5 5.90
Shakib Al Hasan (vc) 10 0 41 1 4.10
Mosaddek Hossain 4 0 32 0 8.00
Mosaddek Hossain 8 0 48 1 6.00
Soumya Sarkar 6 0 33 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal b Mohammed Shami 22 31 3 0 70.97
Soumya Sarkar c Virat Kohli b Hardik Pandya 33 38 4 0 86.84
Shakib Al Hasan (vc) c Dinesh Karthik b Hardik Pandya 66 74 6 0 89.19
Mushfiqur Rahim c Mohammed Shami b Yuzvendra Chahal 24 23 3 0 104.35
Liton Das c Dinesh Karthik b Hardik Pandya 22 24 0 1 91.67
Mosaddek Hossain b Jasprit Bumrah 3 7 0 0 42.86
Sabbir Rahaman b Jasprit Bumrah 36 36 5 0 100.00
Mohammad Saifuddin not out 51 38 9 0 134.21
Mashrafe Mortaza c MS Dhoni b Bhuvneshwar Kumar 8 5 0 1 160.00
Rubel Hossain b Jasprit Bumrah 9 11 1 0 81.82
Mustafizur Rahman b Jasprit Bumrah 0 1 0 0 0.00


Extras 12 (b 1 , lb 1 , nb 0, w 10, pen 0)
Total 286/10 (48 Overs, RR: 5.96)
Fall of Wickets 1-39 (9.3) Tamim Iqbal, 2-74 (15.1) Soumya Sarkar, 3-121 (22.6) Mushfiqur Rahim, 4-162 (29.4) Liton Das, 5-173 (32.2) Mosaddek Hossain, 6-179 (33.5) Shakib Al Hasan (vc), 7-245 (43.1) Sabbir Rahaman, 8-257 (44.2) Mashrafe Mortaza, 9-286 (47.5) Rubel Hossain, 10-286 (47.6) Mustafizur Rahman,

Bowling O M R W Econ
Bhuvneshwar Kumar 9 0 51 1 5.67
Jasprit Bumrah 10 1 55 4 5.50
Mohammed Shami 9 0 68 1 7.56
Yuzvendra Chahal 10 0 50 1 5.00
Hardik Pandya 10 0 60 3 6.00