ඉන්දියාව ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි

බංග්ලාදේශයේ ඉන්දීය තරග සංචාරය 2019

110

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද දින තුනක් ඇතුළත නිමා කළ ඉන්දීය කණ්ඩායම මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 46කින් ජය ගනිමින් 2-0ක් ලෙස තරගාවලිය ජය තහවුරු කර ගන්නා ලදි.

මලල ක්‍රීඩා දැවැන්තයෙක් ක්‍රිකට් පිටියට!

මීටර 100 ධාවන ඉසව්වේ හිටපු ලෝක ශූරයෙක් වන ජැමෙයිකානු ක්‍රීඩක……

මෙම තරග ජයත් සමඟ නොකඩවා ටෙස්ට් තරග 4ක දී ඉනිමක ජයක් වාර්තා කර ගත් ඉන්දීය කණ්ඩායම නොකඩවා වැඩිම ඉනිමක ජයග්‍රහණ ලබා ගත් කණ්ඩායම බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය.

දිවා/රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස පසුගිය 22 වැනිදා කල්කටා හිදී ආරම්භ වූ මෙම තරගය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් වන අතර ඉන්දීය කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු දිවා/රාත්‍රි ටෙස්ට් තරගය ද වූයේ මෙයයි. 

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් පළමු දිනයේ පළමු පැය කිහිපය තුලම බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 106කට සීමා කිරීමට දකුණතින් වේගපන්දු යවන ඉෂාන්ට් ශර්මා ඇතුළු ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

නවක බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙකු වන ශද්මන් ඉස්ලාම් 4 පහර 5ක් එල්ල කරමින් ලබා ගත් ලකුණු 29 හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට එම ඉනිම තුල සාර්ථක වීමට අවස්ථාව උදා වූයේ නොමැත.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු පුවරුව ලකුණු 43ක් ලෙස සටහන් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට බංග්ලාදේශ වේගපන්දු යවන්නන් සමත් විය. 

කෙසේ නමුත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ චේතෙශ්වර් පුජාරා ලබාගත් අර්ධ ශතකය අඩිතාලමක් කර ගත් නායක විරාත් කෝලි සහ අජින්ක්‍යා රහනේ  පිළිවෙළින් ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 347ක් දක්වා රැගෙන ගියේය.

භානුක සහ මාලිංගගේ කණ්ඩායම් අවසන් සටනට

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු…..

4 පහර 8ක් එල්ල කරමින් පුජාරා ලකුණු 55 ලබා ගන්නා විට, ටෙස්ට් නායකයෙක් ලෙස වේගවත්වම ලකුණු 5000 සීමාව පසු කළ පිතිකරුවා බවට පත් වීමට කෝලි සමත් විය. එම වාර්තාවෙන් තව තවත් දිරිමත් වූ කෝලි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 27 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගනිමින් පන්දු 194ක් තුල ලකුණු 136ක් වාර්තා කළේ 4 පහර 18ක් එල්ල කරමිනි. කෝලි සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවයක් එක් කළ රහනේ ලකුණු 51ක් ලබාගෙන සිටිය දී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් අල් අමීන් හුසේන් සහ ඊබාට් හුසේන්  අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 241ක ඉලක්කයක් පසුපස හඹා ගිය බංග්ලාදේශ දෙවන ඉනිමේ ආරම්භය ද පළමු ඉනිමේ දී මෙන් අසාර්ථක විය. ලකුණු 13කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ බංග්ලාදේශ ඉනිම සටන්කාමි මට්ටමක් දක්වා රැගෙන ඒමට සවියක් වූ ඔවුන්ගේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මුෂ්ෆිකර් රහීම් සහ මහමදුල්ලා 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 69ක සබඳතාවයක් ගොඩනංවන ලදි. 

4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 39ක් ලබා සිටි මහමදුල්ලා ආබාධමය තත්වයක් නිසා පිටියෙන් ඉවත් විය. එය එසේ නොවන්නට එම සබඳතාවය තවත් යම් දුරක් යාමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකා ආධිපත්‍ය මෙවර පාකිස්තානය ඩැහැගනී

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ (23)……

සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 21ක් වන අර්ධ ශතකය වාර්තා කර ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන රහීම් පන්දු 96ක දී ලබා ගත් ලකුණු 74 නොවන්නට ඉන්දියාවට තරගය පහසුවෙන්ම ජය ගැනීමට තවත් අවස්ථාව තිබුණි. 

රහීම්ගේ සටන්කාමී ඉනිම සඳහා 4 පහර 13ක් අන්තර්ගත විය. අවසානයේ උමේෂ් යාදෙව් සහ ශර්මා ඇතුළු ඉන්දීය වේගපන්දු යවන්නෝ බංග්ලාදේශ දෙවන ඉනිම ද සුන් කළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව මේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයක් ලබා ගන්නා ලදි. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්  තරගය පුරාවට පන්දු යැවීමෙන් කඩුලු 9ක් දවා ගත් ශර්මා තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේය. 

මෙම තරග ජයත් සමඟම මෙතෙක් තරග වැදුණු තරග 7න් 7ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 360ක් දිනාගෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.s

තරගයේ වීරයා – ඉෂාන්ට් ශර්මා (ඉන්දියාව) 

බංග්ලාදේශය පළමු ඉනිම – 106 (30.3): ශද්මන් ඉස්ලාම් 29, ලිට්න් ඩාස් 24, ඉෂාන්ට් ශර්මා 5/22, උමේෂ් යාදෙව් 3/29.

ඉන්දියාව පළමු ඉනිම – 347/9d (89.4): විරාත් කෝලි 136, චේතෙශ්වර් පුජාරා 55, අජින්ක්‍යා රහනේ 51, අල් අමීන් හුසේන් 3/85, ඊබාට් හුසේන් 3/91.

බංග්ලාදේශය දෙවන ඉනිම – 195 (41.1): මුෂ්ෆිකර් රහීම් 74, මහමදුල්ලා 39, උමේෂ් යාදෙව් 5/53, ඉෂාන්ට් ශර්මා 4/56.

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 46ක ජයක්

ඒ අනුව විස්සයි විස්ස තරග තුනකින් සහ ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස හා ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ප්‍රබල ඉන්දියානුවන් සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<