චහාල් ඉදිරියේ කැන්ගරුවන් ඇඹරෙයි

261

ලෝක කුසලාන 5ක් ජයග්‍රහණය කරමින් එදා මෙදාතුර එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දිග් විජය කළ කැන්ගරුවන්ට දැන් නම් උදා වී ඇත්තේ යහපත් කල දසාවක් නොවේ.

පසුගිය වසරේ සිටම දිගින් දිගටම ලබන පරාජයන් නිසා ඔවුන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල ද පතුලටම කිඳා බැස මේ වන විට යන්තම් 6 වැනි ස්ථානයේ පය ගසා සිටියි. එහි අලුත්ම ඛේදවාචකය මීට පැය කිහිපයකට පෙර ලියැවුණේ සිය මව්බිමේ දීම ඉන්දියානුවන්ට එරෙහිව පැවති එක්දින තරගාවලියේ පරාජය ද ඕස්ට්‍රේලියානුවන්ට විඳ දරා ගැනීමට සිදුවීමත් සමඟයි.

අවසන් පන්දු වාරයේ ප්‍රහාරයෙන් ඉන්දියාව සටනට පා තබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ දී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගත් විරාත් කෝලී ප්‍රමුඛ ඉන්දියාව තරග…

සාමාන්‍යයෙන් තම රටෙන් පිටත වේගවත් තණතිලි මත දී පසුබෑමකට ලක්වන බවට බොහෝ දෙනා විශ්වාස කරන ඉන්දියානුවන් මෙම සංචාරය තුල දී ජය ගත්තේ එක්දින තරගාවලිය පමණක් නොවේ. ඔවුන් ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස නිමා කරමින් විස්සයි විස්ස තරගාවලිය ද 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාකර ගැනීමට සමත් විය. ඒ ඕස්ට්‍රේලියානුවන්ගේ වර්තමාන පසුබෑම ලෝකය ඉදිරියේ සාක්ෂි සාධක සහිතව ඔප්පු කරමිනි. අනෙක් අතට ඉන්දියානුවන් තරග රටා තුනේම ලබා ඇති දියුණුව මනාව පෙන්වා දෙමිනි.

දෙරට අතර තෙවැනි එක්දින තරගය අද (18) ආරම්භ කරන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන සිටියේ කෙසේ හෝ තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමේ පිපාසයෙනි. මෙම නාටකය රඟ දැක්වීම වෙනුවෙන් අද සූදානම් කර තිබුණේ ප්‍රේක්ෂකයින් ලක්ෂයකට ඉඩකඩ සහිත සුප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

ප්‍රේක්ෂක ඔල්වරසන් මැද කාසියේ වාසිය දිනා ගත් විරාත් කෝලි ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේ ඉන්දියාව කවදත් හඹා ගොස් තරග ජය ගැනීමේ නිසඟ හැකියාවක් ඇති කණ්ඩායමක් වන බැවිනි. තම නායකයාගේ තීරණයට හිස නමා ගරු කළ බුවනේශ්වර් කුමාර් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම වේලාසනින් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සමත් විය. ඒ අතර කඩුල්ල තුළට දෝලනය වූ පන්දුවක් තෝරා බේරා ගැනීමට නොහැකිව අසරණ වූ ප්‍රවේගකාරී පිතිකරු ඒරෝන් ෆින්ච්ගේ කඩුල්ල ද ඇතුළත් විය.

තම ප්‍රබල තුරුම්පු දෙකක් අඩු ලකුණු ගණනකට දැවී යාමෙන් පසු පිටියේ එක්වුණු උස්මාන් කවාජා සහ ශෝන් මාශ් මාන බැලුවේ බිඳ වැටුණු කැන්ගරු ඉනිම පරීක්ෂාකාරීව ගොඩ නැගීමටයි. උත්සාහය මල්ඵල ගන්වමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එක්කිරීමට ඔවුන් දෙදෙනා සමත් විය. නමුත් සියල්ල උඩු යටිකුරු වන්නේ ඉන්දියානු පිළේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල් තරගාවලිය තුල මුල්ම වතාවට පන්දුව අතට ගැනීමත් සමඟයි.

අද දිනය තමන්ගේ නමින් ලියා ගත් චහාල් කඩුලු දඩයම අරඹන්නේ 24 වැනි පන්දුවාරයේ දී පිටියේ ස්ථාවර වී සිටි පිතිකරුවන් දෙදෙනාම දවා ගනිමිනි. ඒ අනුව ලකුණු 39ක් ලබා සිටි ශෝන් මාශ් පා ඉන්න දෙසින් ඇදී ගිය පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසු වෙද්දී, කවාජා කල් මැනීම අසාර්ථක කර ගනිමින් චහාල් අතටම උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 34කට දැවී ගියේය.

එතකින් නොනැවතුනු චහාල් දිගින් දිගටම ඕස්ට්‍රේලියානුවන්ට තර්ජනයක් වෙමින් ලකුණු 200කටත් පෙර කැන්ගරු ඉනිම නිමා කිරීමට කුරුමානම් ඇල්ලීය. මේ අතරතුර සුපිරි ප්‍රහාරක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ද මොහොමඩ් ශමීගේ පන්දුවක් හමුවේ ලකුණු 26කට දැවී ගියේ තත්ත්වය තව තවත් නරක අතට හරවමිනි.

කෙසේ වෙතත් මෙම තීරණාත්මක තරගයේ ලකුණු පුවරුව 230ක් දක්වා ඔසවා තැබීමට පීටර් හැස්කොම්බ් උපක්‍රමශීලීව ලබාගත් ලකුණු 58 හේතු විය. තම රටේත් ප්‍රේක්ෂකයින්ගේත් ගෞරවය ගැන සිතූ ඔහු ඉනිම තුල අඩංගු කළේ හතරේ පහර දෙකක් පමණි.

කෙසේ වෙතත් නැවතත් තම නායකයාගෙන් පන්දුව ලබාගත් යුස්වේන්ද්‍ර චහාල් ඕස්ට්‍රේලියානු ඉනිමේ එකම අර්ධ ශතක ලාභියාවත් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඒ එක්දින තරගවල ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 42ට කඩුලු 6ක්ම දවා ගනිමිනි. මෙය ඉන්දියානුවෙකු ඕස්ට්‍රේලියාව තුල දී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස අජිත් අගාකර් තබා තිබූ වාර්තාව සම කිරීමක් ද විය. චහාල්ට මග හැරුණු කඩුලු 4 බුවනේශ්වර් කුමාර් සහ මොහොමඩ් ශමී තමන් අතරේ සමව බෙදා ගත්හ.

දෙවැනි දිනය නිමා වෙද්දී කැන්ගරුවන් සුක්කානම අතට ගනියි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (18) ගෙවී ගියේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමිකර දෙමිනි.

ලකුණු 231ක පහසු ඉලක්කයක් හඹා යෑමේ අටියෙන් පිටිය මැදට පැමිණි ඉන්දියානුවන්ට අභියෝගය එතරම් සරල නොවන බව වැඩි වේලා යන්නට පෙර පැහැදිලි විය. ඒ ඕස්ට්‍රේලියානු ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන ජේ රිචඩ්සන් සහ පීටර් සිඩ්ල් හොඳින් පන්දුව පාලනය කිරීමට සමත් වීමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහිත් ශර්මා ලකුණු 9කට දැවී ගියේ ශෝන් මාශ් අතට උඩපන්දුවක් ලබා දෙමිනුයි. කෙසේ වෙතත් තම පන්දු යවන්නන් තමන් දෙසට හැරවූ තරගය නැවත ගිලිහෙන්නට ඉඩ නොතැබූ ඉන්දීය මැදපෙළ පිතිකරුවෝ සාර්ථක ලකුණු සබඳතා ගොඩ නගමින් තරගාවලි ජයග්‍රහණය මුද්‍රා තැබූහ.

වයස අවුරුදු 37 ඉක්මවුවද තවමත් ඉන්දියාව සතු හොඳම තරග අවසන් කරන්නා තමා බව නැවත වරක් සනාථ කළ එම්. එස්. දෝනි අද දිනය වර්ණවත් කළේ පන්දු 114ක් තුල තීරණාත්මක ලකුණු 87ක් ලබා ගනිමිනි. ඊට හතරේ පහර 6ක් ඇතුළත් විය. දෝනිගේ මෙම ඉනිම, තරග වාරය ආරම්භ වීමට ප්‍රථම එක්දින කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබඳ බොහෝ දෙනා අතර පැවති දුර්මත වලට විරාමයක් තැබීමට ද හේතු විය. දෝනිට අනගි සහයක් ලබා දෙමින් අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි කෙඩාර් ජාදෙව් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් රැස් කළේය.

ඩේල් ස්ටේන්ගේ අනුප්‍රාප්තිකයා ඔලිවියර් ද?

වැලි කතර නුපුරුදු කිවියන් හමුවේ පාකිස්තානු කණ්ඩායම තරග 2-1ක අනපේක්ෂිත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා වැඩි කල් ගත වූයේ නැත. තත්ත්වය තවත් නරක අතට හරවමින්…

ඒ අනුව ඉන්දියාව මෙම තරගය නිමා කළේ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ ජන්ම භූමිය තුල දී ම  එක්දින තරගාවලියකින් පරාජය කිරීමේ සතුට පෙරදැරිවයි. වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවට අපරිමිත මෙහෙයක් ඉටු කරමින් සිටින එම්. එස්. දෝනි මෙම තීරණාත්මක සංධිස්ථානයේ දී ද කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. ඒ එක්දින තරග තුන පුරාවටම පිට පිටම අර්ධ ශතක තුනක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනිමිනි. තම ඉන්ද්‍රජාල පන්දු යැවීමෙන් කැන්ගරුවන් මට්ටු කළ යුස්වේන්ද්‍ර චහාල් අවසන් තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනා ගත්තේය.

ඕස්ට්‍රේලියාව: සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 48.4) පීටර් හැස්කොම්බ් 58, ශෝන් මාශ් 39, උස්මාන් කවාජා 34, ග්ලේන් මැක්ස්වෙල් 26, යුස්වේන්ද්‍ර චහල් 6/42, බුවනේශ්වර් කුමාර් 2/28, මොහොමඩ් ශමී 2/47.

ඉන්දියාව: කඩුලු 3ක් දැවී ලකුණු 234 (පන්දුවාර 49.2) එම්. එස්. දෝනි 87*, කෙඩාර් ජාදෙව් 61*, විරාත් කෝලි 46, ශිකර් ධවාන් 23, ජේ රිචඩ්සන් 1/27, පීටර් සිඩ්ල් 1/56, මාර්කස් ස්ටොයිනිස් 1/60.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<